Chat with Srimal Ranathunga

Views
ගායනයෙන් රංගනයට පිවිසෙන ශ්‍රීමාල්



ගායන, නිවේදන සහ රංගන යන අංශ තුනෙන්ම දක්ෂතා දක්වන කාලයක් රන්වල පදනමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ දක්ෂ කඩවසම් තරුණයකු වන ශ්‍රීමාල් රණතුංග සිරසගොසිප් කතාබහ සමගින් අද එක්වනවා. මේ ඔහු සමග අප කළ සාකච්ඡාවයි.


ශ්‍රීමාල් කියන්නේ කවුද?
කලාවට හදවතින්ම ආදරේ කරන අවංකව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. 

ඔබ ගායකයෙක්ද? රංගන ශිල්පියෙක්ද නැත්නම් නිවේදකයෙක්ද?
මං ඒ ක්ෂේත්‍ර තුනම නියෝජනය කරන නිසා ඒතුන් ආකාරයයටම මාව ආමන්තත්‍රණය කරන්න පුළුවන්.

මෙතෙක් ආපු ගමන ගැන සිහි කළොත්
නොයෙකුත් ප්‍රශ්න, බාධක මැද ආපු මේ ගමන ගැන හැරිලා බලද්දි අද මේ ඉන්න තැන ගැන පුංචි සතුටක් තියෙනවා. ඒත් "ආ මග කෙටියි - යායුතු මග දුරයි" කියනවා වගේ තව ලොකු ගමනක් යන්න තියෙනවා.

ගායන ශිල්පියෙක් ලෙස ඔබ දැනට කර ඇති නිර්මාණ ගැන කිව්වොත්
මගේම ගීත නිර්මාණ හතරක් මේ වන විට කරලා තියෙනවා... නෙතේ තරු කැට හා ආදරයේ හීන කියන ගීත දෙකත් අනෙක් නිර්මාණ ජන ගී ආශ්‍රීතව කරපු නිර්මාණයන්. ළඟදීම තවත් අලුත් වෙනස් වූ ගීත නිර්මාණ දෙකක් කරන්න මේ දිනවල සූදානමින් ඉන්නවා. 

ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාමත් හොඳයි.... ඒ අතරින් ආදරයේ හීන ගීතයට ලැබෙන ප්‍රතිචාර නම් හුඟක් ඉහළයි. ඒ ගීතය කරලා ටිකක කාලයක් වුණත් හොඳ ශ්‍රාවක ඉල්ලීමක් ඒ ගීතයට නොඅඩුව අදත් ලැබෙනවා. ඒ නිසාම තවමත් ගීත දර්ශකවල ඉහළ ස්ථානයක ඒ ගීතය රැඳී තියෙනවා. සතුටුයි ඒ ගැන. එහි රූප රචනාවත් මේ දිනවල ඔබට නරඹන්න පුළුවන්. 

ඉතින් මොනවද මේ දවස්වල වැඩ?
මේ දිනවල නම් සංගීතය පැත්තට වැඩි ඉඩකඩක් යොමු කරනවා. මොකද ආදරේ හීන මියුසික් වීඩියෝ එක රිලීස් කරලා වැඩි කාලයක් නැති නිසා එය තවත් සාර්ථකව කරගන්න ඕන. ඒ වගේම අලුත් ගීත නිර්මාණවල වැඩ කටයුතුත් කෙරෙනවා. අලුත් ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් යටතේ රංගනය පිළිබඳව වැඩිදුරටත් හදාරමින් ඉන්නවා. 

කාලයක් රන්වල පදනමේ සාමාජිකයෙක් නේද? එයින් ලැබුණු දේ ගැන කිව්වොත්
ඇත්තටම රන්වල පදනම හරහා තමයි මගේ කලා ජීවිතේ මූලික අඩිතාලම වැටුණේ. විශේෂයෙන් මගෙ ගුරුතුමා වන සහන් රන්වල ගුරු පියාණන්ව ආදරෙන් මේ වෙලාවේ මතක් කරන්නම ඕන. එතුමගෙන් ලැබුණ ගුරුහරුකම් සහ අවවාද මට මේ ගමන එන්න ලොකු ශක්තියක් වුණා. 

රංගනය ගැන කතා කළොත්... ශ්‍රීමාල්ව දකින්න පුළුවන් මොනවයින්ද?
අලුත් නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඉදිරියේදී ඒ   නිර්මාණ තුළින් මාව දැකබලා ගන්න පුළුවන් වෙයි. තවත් ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. 

කලා කටයුතුවලට ඔබට ලැබෙන සහයෝගය කෙසේද?
ඇත්තටම මගේ අම්මයි තාත්තයි මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. එයාලාගේ ලොකු ආශාවක් තිබුණා මම කලාවෙන් ඉදිරියට එන්න ඕන කෙනක් කියලා මං පුංචි කාලේ ඉඳන්ම. ඉතින් ඒ දේ ඉස්ඨ කරන්න මම අදටත් ලොකු උත්සාහයක් ගන්නවා. අද මගේ හැමදෙයකදීම මගේ හෙවනැල්ල වගේ මං ළඟ ඉන්නේ මගේ අක්කා දිලිනි සහ මගේ ලොකු අම්මා. විශේෂයෙන් එයාලා දෙනේනගෙන් ලැබෙන සහෝයගය සහ ආශීර්වාදය මට හුඟක් වටිනවා මේ වැඩ කටයුතු කරද්දි. 

මේ තරම් දුරට එන්න උදව්කරපු අය ගැන කිව්වොත්.
මං කලින් කිව්ව වගේ මගේ ගුරුතුමා සහන් රන්වලට විශේෂ ස්තුතියක් පුදකරන්න ඕන. ඒ වගේම මගේ අක්කා, මගේ ලොකු අම්මා සහ පවුලේ  අනෙක් සියලුම දෙනාත් මට විවිධ අයුරින් උදව් කරනවා මේ ගමන ඉස්සරහට යන්න. සංගීතය පැත්තෙන් ගත්තොත් විශේෂයෙන් සංජුල හිමාල, විදුරංග ගුණසේකර සහ චමු ශ්‍රී යන සොයුරන් මට ලබාදෙන සහයෝගයටත් ස්තුති කරන්නම ඕනේ මේ වෙලාවේ. තව හුඟක් අය ඉන්නවා... නම් වශයෙන් කිව්වොත් ඒක දිග ලිස්ට් එකක් වෙයි. 

මේ ක්ෂේත්‍රයට අලුතින් එන අයට මොනවද කියන්න තියෙන්නේ. 
බාධක ඒවි.. ඒ කොච්චර බාධක ආවත් ඒවායින් නොවැටී නොසැලී ගමනක් යන්න හැමවෙලාමේ උත්සාහ කරන්න. දිනුම ලැබෙන්නේ එවිටයි කියලා විශ්වාස කරන්න.  ඔබට ජය ලැබෙනවාමයි. 











Chat with Srimal Ranathunga Chat with Srimal Ranathunga Reviewed by Admin on 10:42 PM Rating: 5

No comments:

Powered by Blogger.