Gossip chat with upcoming modeler Mithu Thennakoon

Views
පුංචි දුරක් ඇවිත් ලැබූ ජය ගැන සතුටු වෙනවා - මං ගොඩක් ඕපන් ඇඳුම් අදින්නේ නැහැ
Sirasagossip කතාබහට අද එක්වන්නේ මෝස්තර නිරූපණය මෙන්ම රංගනයටද දායකත්වය සපයන නවක ශිල්පිනයක් වන මදුශානි තෙන්නකෝන් හෙවත් මිතු තෙන්නකෝන්. මේ සිරසගොසිප් ඇය සමගින් කළ සාකච්ඡාවයි. 

නම, ගම, පාසල සහ උපන් දිනය ගැන කියලම පටන් ගමු නේද?

ඔව් එහෙම හොඳයි... මගේ නම මදුශානි තෙන්නකෝන්. ඒත් හැමෝම  කියන්නේ "මිතු" කියලා. මගේ උපන් දිනය පෙබරවාරි 22 වැනිදා. මම සපුගස්කන්ද විශාඛා විද්‍යාලයට තමයි පාසල් ගියේ. මාකොළ තමයි මං දැන් ඉන්නේ. 

නිරූපණ ක්ෂේත්‍රයට අවතීරණ වන්නේ කෙසේද? දැන් කොපමණ කලක් වනවාද මේ ක්ෂේත්‍රයට ඇවිත්?
ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දක් විතර තමයි වෙන්නේ. මම නිරූපණය ගැන ඉගෙන ගත්තේ නික් ජයමහ සර්ගේ නිරූපණ පාසලෙන්. දැනටත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම නිරූපණය ගැන මම ඉගෙන ගන්නවා.

රංගනයටත් දායක වෙලා තියෙනවාද?
ඔව්.... Short Films, ෆොටෝෂූට්, බ්‍රයිඩල් ෂෝ, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට දැනට දායක වී වෙලා තියෙනවා. 

මෝස්තර නිරූපණයට/රංගනයට එකතුව වීම කුඩා කාලයේ සිට තිබූ සිහිනයක්ද?
ඔව්.. ඇත්තටම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියන ආශාව පොඩි කාලේ ඉඳන්ම තිබුණු එකක්. 

මෝස්තර නිරූපණයේදී සීමා මායින් මොනවද?
සීමා මායිම් තියෙනවා. මං ගොඩක් ඕපන් ඇඳුම් අදින්නේ නැහැ. මගේ කාලේ ඉඳලා ජීවත් වුණ විදිහත් එක්ක තෝරලා බේරලා සීමා මායිම් දාලා හිමින් වැඩ කරනවා. 

මෙම ක්ෂේත්‍රයට එන්න උදව් කරපු අය ගැන සඳහන් කළොත්?
ගොඩක් අය ඉන්නවා. මගේ පවුල් ආච්චි, අම්මි, ඇන්ටි, මැණික් අක්කි, මුතු අක්කි, රාජ් රණසිංහ, පරාක්‍රම සර්, මගේ මොඩලින් සර් නික් ජයමහ, ස්ටුඩියෝ යූකේ අයියා, සුගත් සමරකෝන් සර්, වගේම සුරේෂ් බණ්ඩාර, ප්‍රියංග විශ්වජිත්, ඒ අය විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒවගේම හුඟක් උදව් කරපු අය ඉන්නවා. චමත් වින්දුල අයියා, අරෝරා අක්කා, සුසන්ත තෙන්නකෝන් යන අයත් මතක් කළ යුතුමයි.

අඩනිරුවත් නිරූපණයකට ආරාධනාවක් ආවොත් ඔබ ගන්නේ කෙබඳු තීරණයක්ද?
දෙපාරක් හිතන්න දෙයක් නෑ.... බෑ කියනවා. 

මොනවද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. 
නිරූපණය නම් දිගටම කරනවා. සුගත් සමරකෝන් සර්ගෙන් රංගනය ඉගෙන ගන්නවා. ඒකෙන් ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවා. ලැබෙන පුංචි දෙයක් ලස්සනට කරන් ඉන්න තමයි හිතන් ඉන්නේ. 

ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ. 
දැන් ලංකාවේ නිරූපණය ජාත්‍යන්තරයට යන්න පුළුවන් විදිහට ඇවිත්. ඒ තරම් දියුණුවක් දකින්න තියෙනවා. 

මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ... 
පුංචි දුරයි ආවේ... තව ගොඩක් දුර යන්න හිතන් ඉන්නවා.. මේ පුංචි දුරක් ඇවිත් ඒ ලැබුණු දේවල් වලින් ගොඩක් සතුටට පත්වෙනවා.

ආදරය ගැන මොකද හිතන්නේ....? දැනට ඔබ ආදරවන්තයෙක්ද? ආදරවන්තියක්ද?
දැනට නම් ආදරවන්තියක් නෙවෙයි. මං මට ආදරේ කරන අයට ගොඩක් ආදරෙයි. මං දකින විදිහට ආදරේ නම් ගෛාඩක් හොඳයි... ලස්සනයි.












Gossip chat with upcoming modeler Mithu Thennakoon Gossip chat with upcoming modeler Mithu Thennakoon Reviewed by Admin on 9:43 PM Rating: 5

No comments:

Powered by Blogger.