Chat with Shan Sandaru

Views
ප්‍රේක්ෂක හදවත්වල හැමදාම ඉන්න ආසයි - ශාන් සඳරු



සිරසගොසිප් මෙවර කතාබහට එක්වන්නේ නර්තනය, මෝස්තර නිරූපණය සහ රංගනය යන අංශ තුනෙන්ම දක්ෂතා දක්වන ශාන් සඳරු යි. මේ ඔහු සමග කළ සම්පූර්ණ සාකච්ඡාවයි. 


කොහොමද ජීවිතේ? 
ම්ම්ම්...කලාකරුවොනෙ.ඉතින් සතුටින් ඉන්නවා.

මොනවද අලුත් විස්තර? 
මේ දවස් වල නම් Wedding season එක හින්ද weddings එක්ක ටිකක් Busy.

මුලින්ම රංගන ක්ෂේත්‍රයටද ආවේ නැත්නම් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටද ආවේ. 
මුලින් අවෙ නර්තන ක්ෂේත්‍රය හරහා ඊට පස්සෙ නිරූපණ ක්ෂේත්‍රයටත්, මේ වන විට රංගන ක්ෂේත්‍රයටත් යොමු වෙලා ඉන්නව

ෆීල්ඩ් එකට යොමු වන්නේ කෙසේද?
Nilu's high heels model academy එක හරහා

ඒ ගැන මතකය අවදිකළොත්?
නිරූපණ ක්ෂේත්‍රයට තියෙන ආසාව හින්දම සහ ඒ වෙනුවෙන් තියෙන හොඳම තැනක් හොයනකොට තමයි මට Nilu අක්කිගෙ class එක ගැන දැනගන්න ලැබුනෙ. ඒ හරහා තමයි මට ෆීල්ඩ් එකට එන්න ලොකු මාවතක් විවර උනේ.

ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද?
මගෙ පදිංචිය රත්නපුර. ඉතින් වැඩවලට හැමදාම වගේ  කොළඹ එන්න ගියාම පට්ට කට්ටක් කනව ඒ දේවල්වලදි පවා මට සහයට ඉන්නෙ මගෙ ගෙදර අය. අම්ම විශේෂයෙන්ම. තව ගොඩක් උදව් කලා මට මහේන්ද්‍ර සර්ගෙ Drama class එකෙන් අඳුරගත්ත ගයත්‍රි නංගා, Nilu high heels model academy එකේ අර්ජුන අයිය, නිලූ අක්ක. ඒ class එකේම කුසල්, බුද්ධික අයියලත්.

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වෙලා ඉන්නේ. 
හරි Creation මගින් නිර්මාණය කල music video කිහිපයකට සහ, වේදිකා නාට්‍ය දෙකකටත් රංගනයෙන් දායක වුණා. ඒත් එක්කම රාක්ශා කියල අලුත් film එකක shooting පටන් ගන්නව ළඟදීම.

නිරූපණ ශිල්පියෙක් ලෙස ලැබූ පැසසුම් මොනවද?
අවුරුදු කුමරා 2016/ Best Photogenic

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවද? 
හොඳ නිර්මාණ හරහා ප්‍රෙක්ෂකයින්ගෙ හදවත් වල හැමදාම ඉන්න එක තමයි ඉතින්

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස අපහසුතාවයට ලක්වූ අවස්ථා එහෙම ඇතිනේද? 
රත්නපුර ඉඳල පැය 4ක්,5ක් bus එකේ ගිහින් වතුරවත් නැතුව location වල පැය ගානක් බලන් ඉඳල සමහරදාට shoot එකත් නැතුව, Purs එකත් නැති කරගෙන සුපිරිම කටු කාල කිලෝ මීටර ගණන් පයින් ඇවිදගෙන ඇවිත් ලස්සන මතකයන් නම් ගොඩක් තියෙනව.

ෆීල්ඩ් එකේදී චෝදනා එහෙම ඇවිත් නැද්ද? 
අම්මෝ තාම නම් නැ 

ෆ්‍රී ටයිම්වල මොකද කරන්නේ.
නටන එක තමයි ඉතින්...

නවක නිරූපණ ශිල්පිනියන්ගෙන් මෙන්ම රංගන ශිල්පිනියන්ගෙන් චෝදනාවක් තියෙනවා ක්ෂේත්‍රයේ සමහර නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන්, කැමරාශිල්පීන්ගෙන් අයුතු යෝජනා තියෙනවා කියලා. ඒ ගැන මොකද කියන්නේ. 
තනි අතින් අප්පුඩ් ගහන්න බැරි හින්ද ඒක ගැටලුවක් වෙන්නෙ නැ. අදාළ පාර්ශ්වය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලා නම් හරිනෙ.

ආදරය ගැන මොකද හිතෙන්නේ.
ම්ම්ම්...ආදරය ඉතින් සුන්දරයි කියල නම් කියනව නේද....

දැනට පෙම්වතෙක්ද?
තවම නම් නැ 

පාසල් ගියේ කොහේද, ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ...
මගෙ පලමු පාසල ඇලපාත ඉසුරු විද්‍යාලය.ඉන් පස්සෙ A/L වලට මං රත්නපුර ඇලෝසියස් ජාතික පාසලට ඇතුළත් වුණා. දැනට මං විශ්ව විද්‍යාලය ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙ පවුලෙ ඉන්නෙ මායි අම්මයි අක්කයි නංගි, අත්තම්මයි විතරයි.අක්කා වෛද්‍ය ශිෂ්‍යයෙක් 

ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද සම්බන්ධ කර ගන්නේ 
071-3675154/ 0765784826/ 0714748408
Fb/Instagram - Shan Sandaru
Mail - Shansandaru70@Gmail.com

සිරසගොසිප් කරන මෙම නවකයින් හඳුන්වාදීම ගැන ඔබේ අදහස කුමක්ද? 
සුපිරි වැඩක්. ඇත්තටම හොදයි. Sirasagossip මේ වැඩේ නවකයින්ට ලොකු අවස්ථාවක්. Thank u sirasagossip .


සාකච්ඡා කළේ : ගයාත්‍රි


Chat with Shan Sandaru Chat with Shan Sandaru Reviewed by Admin on 11:18 AM Rating: 5

No comments:

Powered by Blogger.