Gossip Chat with Upcoming Actor Suraj Dewinda

Views
ඕනෑම චරිතයක් රඟපාන්න කැමැතියි - නවක නළු සුරාජ් කියයි


රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන වට දිගු ගමනක් යාමට බලාපොපොරොත්තුවෙන් සිටින නවක රංගන ශිල්පියෙකි සුරාජ් දේවින්ද... මේ සුරාජ් රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය සහ ඔහු සම්බන්ධයෙන් සිරසගොසිප් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සැකසුණු ලිපියකි. 


සුරාජ් කොහොමද ජීවිතේ...
මේ දවස්වල නම් ඉතින් රංගන කටයුතුවල යෙදිලා ඉන්නවා. මම රංගනයෙන් දායක වෙලා ඉන්න ටෙලිනාට්‍ය දෙකක් නිකුත් වීමට නියමිතයි. මම ඒවායේ සුළු චරිත දෙකක්. 

මුලින්ම ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ.
මුලින්ම මම එන්නේ රංගනයට. සුදර්ශි එකේ තියෙන ස්ක්‍රීන් ටෙස්ට් එකක් ගැන පළ වූ දැන්වීමකට අනුව මම එම ස්ථානයට ගොස් ඊට මුහුණ දුන්නා. ඊට පස්සේ ඉතින් මට එහි අවස්ථාවක් ලැබුණා. ඒ වගේම ගිරිවැසිපුර කියන ෆිල්ම් එකට තමයි මම රංගනයෙන් දායක වුණේ. එහි මම ඉන්දීය සුද්දෙක්ගේ චරිතය නිරූපණය කරනවා. ඊට පස්සේ ක්ෂේත්‍රය අය දැන හඳුනගෙන ඒ හරහා රංගන අවස්ථා උදා කරගන්නවා. 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ අම්මයි තාත්තයි නම් ඉතින් එච්චර කැමති වුණේ නැහැ මම මේ  ක්ෂේත්‍රයට එනවට. මගේ මස්සිනාගෙන් නම් මට ගොඩක් උදව් ලැබුණා. ඒ වගේම ගමේ අහල පහළ අයගෙන් උදව් ලැබුණා. ගොඩක් මට උදව් කරන්නේ මගේ යාළුවා. එයා තමයි තමට ස්ක්‍රීන් ටෙස්ට් එහෙම තියෙන ඒවා හොයලා කියනවා. 

මොනවද ඔයා මේ වන විට රංගනයෙන් දායක වෙලා තියෙන වැඩ‍
ගිරිවැසිපුර කියන ෆිල්ම් එකට දායක වෙලා තියෙනවා, සපුමලි කියලා ඉදිරියේදී එන්න තියෙන ටෙලි නාට්‍යයක සාමාන්‍ය චරිතයක් කළා. ඒ වගේම ඉන්ද්‍රචාපාගේ සාමයේ ගීතය කියන සින්දුවේ රූප රචනයටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම වෙළෙඳ ආයතනයක් වෙනුවෙන් නිෂ්පාදනය කළ වෙළෙඳ දැන්වීමකටත් සහභාගි වෙලා තියෙනවා. 


ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන ගුරුහරුකම් ගැන කතා කළොත්
මගේ පළමු චිත්‍රපටය තමයි ගිරිවැසිපුර කියන එක. ඒකේ මුලින්ම කැමරාව ඉස්සරහට යද්දි බයක් දැනුණා. ඒ වෙලාවේ මට කිව්වා ඔයා කැමරාව ඉස්සරහ බයෙන් රඟපාන්නේ... ඒක හදාගන්න කියලා. ඉතින් ඒ කියපු කෙනාගේ උපදෙස් අරගෙන මම මගේ අඩුපාඩු හදාගෙන අද වන විට හොඳට කැමරාව ඉදිරියේ රගපාන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. 

මොනවද ඉදිරි බලාපොරොත්තු
මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටිමින් ජනප්‍රිය චරිතයක් වීමට තමයි මගේ බලාපොරොත්තුව

අපහසුතාවයන්ට එහෙම පත්වෙලා නැත්ද?
ලොකේෂන්වලදී සමහර අවස්ථාවල අපහසුතාවයන්ට පත්වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉතින් යන්න පරක්කු වුණාම නම් බැනුම් අහනවා. උදේ 8ට එන්න කිව්වාම 9 වෙනවා. ඉතින් එහෙම වුණාම පොඩ්ඩක් බැනුම් අහනවා. නැතිව ලොකු චෝදනාවන්ට ලක්වෙලා නැහැ. බැනුම් අහන එක තමයි තියෙන්නේ.

නිදහසේ ඉන්න වෙලාවල්වල මොකද කරන්නේ. 
යහළුවන් ඇසුරු කරනවා. ෆේස්බුක් ලයිව් යනවා යාළුවොත් එක්ක. 

ආදරය ගැන මොකද හිතන්නේ. 
ම්ම්ම්. ආදරය හොඳයි... 

දැනට පෙම්වතෙක්ද?
නැහැ. දැනට පෙම්වතියක් නෑ. ගැලපෙන කෙනෙක් සොයමින් ඉන්නවා. 

පවුලේ අය පාසල සහ ගම ගැන විස්තර ටිකක් කියමුද?
මගේ තාත්තා සහ අම්මා, අක්කයි තමයි ඉන්නේ... තාත්තාට රෙස්ටොරන්ට් එකක් තියෙනවා. අක්කා රැකියාවක් කරනවා දෙල්ගොඩ. අම්මා නම් රැකියාවක් කරන්නේ නැහැ. මම පාසල් ගියේ හෝමාගම ජනාධිපති විද්‍යාලයට. පාසල්  යන කාලේ නම් ඉතින් මේ වගේ රංගන ක්ෂේත්‍රයට එනවා කියලා කිසිම අදහසක් තිබුණේ නෑ. 

යම් අයෙකුට ඔබ සම්බන්ධ කර ගන්න අවශ්‍ය වුණොත් කොහොමද සම්බන්ධ කර ගන්නේ.
මගේ ෆේස්බුක් ගිණුම හරහා තමයි මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 

රංගනයට අකමැති චරිත තියෙනවද?
නෑ... ඕනෑම චරිතයක් රඟපාන්න කැමැතියි. 

යම් නිෂ්පාදකයෙක් ඔබට කිව්වොත් සංස්කෘතියට නොගැලපෙන සදාචාරයට පටහැනි රංගනයක නිරත වෙන්න කිව්වොත් මොක්කද ඔබ ගන්න තීරණය. 
රංගන ශිල්පියෙක් විදිහට නම් මම එවැනි රංගනයක නිරත වෙනවා. 

ඉන් ඔබට යම් හානියක් වෙයි කියලා බයක් නැත්ද?
මිනිස්සු අතරින්, මිනිස්සු ගොඩක් ආස දේට තමයි වැඩිපුර බනින්නේ. සතියක් විතර ඉතින් ඔය ගැන කතා බහට වෙයි, බනියි, මඩ ගහයි, සතියකින් දෙකකින් අමතක වෙනවා. ඒ තුළින් යම් ජනප්‍රියත්වයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. 

රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝ ගැන කතා කළොත්. 
ඉන්ද්‍රචාපගේ මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මීට අමතරව ඉදිරියේදී දෙකකට රංගනයෙන් දායක වෙන්න ඉන්නවා. 

ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඩිල්ෂාන් මාධව, හර්ෂ කළුආරච්චි, පද්මා කියන තුන් දෙනා මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම අප්සරා මැණික් අක්කත් මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම අමතක කරන්න බැරි තවත් අයෙක් තමයි රසිඳු....

කොහොමද ගැහැනු ළමුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම...
ම්ම්ම්... ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කියන්නේ ඉතින් එහෙම ලොකුවට නැහැ. අපි යාළුවො වගේ ඉන්නවා.















Gossip Chat with Upcoming Actor Suraj Dewinda Gossip Chat with Upcoming Actor Suraj Dewinda Reviewed by Admin on 12:00 PM Rating: 5

1 comment:

Unknown said...

පිස්සු කෙලලා නම් ජනප්‍රිය වෙලා වැඩැක් නෑ පුතේ...සංස්කෘතියට පටහැනිව ගිහින් කවුද බං උඔව ගනන් ගන්නෙ??����

Powered by Blogger.