Gossip Chat with Face of Sri Lanka winner Sheron Philomen

Views
අක්කට පුළුවන් නම් මට බැරි ඇයි? අක්ක දිහා බලාගෙන නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ෂෙරොන් දැන් ඉන්න තැන



Face of Sri Lanka ජයග්‍රහණයෙන් පසුව කොරියාවට ගොස් Face of Asia තරගාවලියට ඉදිරිපත්ව ඉන් ස්පොන්සර් ඇවෝර්ඩ් එකක් ජයග්‍රහණය කළ කඩවසම් තාරුණ්‍යය ෂෙරොන් ෆිලෝමෙන් [Sheron Philomen] සමග සිරසගොසිප් සිදු කළ සාකච්ඡාවයි මේ.

ෂෙරොන්, ළඟදි ජයක් ලැබුවා. ඒ ගැන කියලම වැඩේ පටන් ගමුද?
ම්ම්ම්... මම ෆේස් ඔෆ් ශ්‍රී ලංකා පැජන්ට් එක වින් කළා. ඊට පස්සේ කොරියා ගියා. කොරියා ගියාට පස්සේ එහෙදී ලංකාව වෙනුවෙන් ස්පොන්සර් ඇවෝර්ඩ් එකක් වින් කළා. 

කොරියාවේදී ලැබුණු ජයග්‍රහණයත් සමගම කොහොමද ඒ පැජන්ට් එකට මුහුණ දුන්නේ... ඔබත් සමග සිටි අනෙක් තරගකරුවන් ගැන මතක් කළොත්.
ඇත්තටම කියනවා නම් ඒ මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් ගමන. ඇත්තටම ඒක මම වින් කළා. මා සමග ගියා ට්‍රේසි ඈන් ද සිල්වා මගේ ක්ලාක් විදිහටත් ෆ්‍රස්ට් රනර්ස් අප් අනුත් අබේගුණවර්ධන. ඒ වගේම කාන්තා නියෝජනය වශයෙන් ෆ්‍රස්ට් රනර්ස් අප් දිල් ශාමලී ගියා. අපේ මැනේජර් කල්පනී. අපි පස් දෙනාම ගියේ ඒෂියන් මොඩල් ෆෙස්ටිවල් එකට. ඒකෙදි ෆේස් ඕෆ් ඒෂියා තරගයට සහභාගි වුණේ. 

කොහොමද ෆේස් ඔෆ් ඒෂියා තරගාවලියෙන් ලැබුණු අත්දැකීම්. 
අපි ෆේස් ඔෆ් ඒසියා ගියාට පස්සේ එතැන තිබුණේ පැජන්ට් එකකට වඩා වෙනස් විදිහකට. ඒ කියන්නේ කම්පිටිසන් එකකක් විදිහට තිබුණේ. තරගය පටන් ගත්තේ බූස්ට කෑම්ප් එකකින්. එතැනින් අපි ඔක්කොම පුහුණුවක් ලබාදුන්නා. එතැනි ගිහින් අන්තිම තරගයට තෝරා ගත්තේ. ඔඩිෂන්වලිනුත් තෝරගත්තා. සමහරුන්ට පුළුවන් වුණා සමහරුන්ට බැරි වුණා. මම ජාත්‍යන්තර ෂෝස් හතරකට සහභාගි වුණා. ඊට පස්සේ තමයි ෆේස් ඔෆ් ඒෂියා තරගයට සහභාගි වුණේ. ඒකෙන් තමයි ස්පොන්සර් ඇවෝර්ඩ් එකක් ලැබුණේ.  ඒ තරගයෙන් හොඳම අයට ෆේස් ඔෆ් ඒෂියාවලට ස්පොන්සර් කරපු අය අපට ස්පොන්සර් කරනවා. ඒ කියන්නේ එයාලාගේ පර්ෂනල් ස්පොන්සර්ස් විදිහට ගන්නවා. 

උදව් කරපු අය ගැන කිව්වොත්
ඇත්තටම ගොඩක් අය මට ගොඩක් උදව් කරලා තියෙනවා.  මගේ  මොඩලින් ගමන පටන් ගන්න අවස්ථාවේදී කැට්වෝල්ක් එකේ අධ්‍යක්ෂ රෝෂිත රයන් ගොඩක් උදව් කළා. ඒ වගේම ඩැල්රින් ශාෂා මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවෙන් ගොඩක් ස්පොන්සර්ස් ලැබුණා. ඒ හැමෝගෙන්ම මට ගොඩක් උදව් ලැබුණා මේ තරගාවලියට සහභාගිවීමට. 

ෂෙරොන් කොහොමද මොඩලින්වලට ආවේ. 
මම මුලින්ම මොඩලින් ඉගෙන ගත්තා. කැට්වෝල්ක් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒකෙන් මට ගොඩක් උදව් කළා. ඒ ඇකඩමි එකේ බෙස්ට් මොඩල් ගත්තා. මිස්ටර් හැන්ඩසම් කැටගරි එක දෙසැරයක් වින් කළා. ඒ වගේම බෙස්ට් වෝල්ක් එකත් වින් කළා. ඊට පස්සේ මේ ෆීල්ඩ් එකේ ගොඩක් අයව මාව හඳුන ගත්තා. ඔවුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් අනුව තමයි මම අද මේ තත්ත්වයට ඇවිත් තියෙන්නේ. 

ඇයි ඔබ මොඩලින්වලට යොමු වෙන්න හිතුවේ. 
ඇත්තටම මම ඒ දේට යොමු වුණේ මගේ අක්කා නිසා... අක්කයි මායි අතර පොඩි කාලේ ඉඳන්ම ලොකු තරගයක් තිබුණා. අක්කා දෙයක් කළොත් මං ඊට වඩා හොඳට කරන්න බලනවා. අක්කත් ඇකඩමි එකකින් මොඩලින් ස්ටාර්ට් කළා. ඊට පස්සේ මම ඒක බලන් ඉද්දි හිතුණා ඇයි එයාට කරන්න පුළුවන් නම් මට කරන්න බැරි කියලා. පස්සේ මම මේ ඇකඩමි එකට ජොයින් වුණා. ඊට පස්සේ තමයි මම මේ තත්ත්වයට ආවේ.

කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය. 
මගේ අම්මා, තාත්තා සහ අක්කාගෙන් උදව් ලැබෙනවා. ඔවුන් නිතරම මාව ඉදිරියට තල්ලු කරනවා. නිතරම ඔවුන් මාව දිරිමත් කරනවා. අක්කත් මට ගොඩක් උදව් කරනවා. 

ඇවිත් කෙටි කාලයකින් මේ වගේ තැනකට ආවම වැඩිපුර දකින්නේ වැරදිමයි... ඔබටත් ඒ වගේ දේවල්වලට මුහුණදීලා තියෙනවද?
මේ ෆීල්ඩ් එකේ කැපීම් කෙටීම් ගොඩක් තියෙනවා. ඇත්තටම ඒක අපිට මූණටම කිව්වේ නැති වුණාට අපිට පිටුපසින් ඉඳන් කතා වෙනවා. ඒ වුණාට ඒවා නිසා අපේ ගමන නවත්තගන්න ඕන නැහැනේ. එයාලාටත් පේන්න තවත් හොඳට කරන්න ඕන. මම මගේ ගමන යනවා... වටේ කවුරු මොනව කිව්වත් මට වැඩක් නෑ. මම දන්නවානේ මට පුළුවන් දේ... මම ඒ දේ කරනවා. 

මොනවද ඉදිරි බලාපොරොත්තු?
මම මොඩලින්වලට අමතරව රංගනය පැත්තටත් යොමු වුණා. ශ්‍රීපාලි හෙට්ටිආරච්චි මහතාගේ අලුත්ම චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒකේ වැඩකටයුතුවලටත් මේ දවස්වල සහභාගි වෙලා ඉන්නවා. ඒ  වගේම ටෙලි නාට්‍යවලිනුත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම මොඩලින් පැත්තෙන් ගන්නවා නම් මගේ ආශාවක් තියෙනවා පැරිස්වල ෂෝ එකකට සහභාගි වෙන්න. මොකද පැරිස් කියන්නේ මොඩලින්වල ක්‍රවුන් එක. ඒක තමයි ඕනම මොඩලර් කෙනෙක්ගේ හීනය. 

මොඩලින්වලින් රංගනයට පිවිසුණාම මොකද හිතුණේ. 
ඇත්තටම මම ගොඩක් ආදරය කරන රංගන ශිල්පින් එක්කම රඟපාන්න ලැබීම සතුටක්. මම ඉස්සර ඉඳන්ම රංගනයටවත් මොඩලින්වලටත් එච්චර උවමනාවක් තිබුණේ නෑ... ඒත් අක්කගේ වැඩවලින් තමයි මට උනන්දුවක් ඇති වුණේ. ඒ වගේම සාමාන්‍ය පෙළ කරන කාලේ රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයා අපේ පාසලට ඇවිත් අපේ පාසලේ රැස්වීමක කතා කළා. ඒ කතා කරලා ගියාට පස්සේ අප ක්ලාස් එකට ගියාම අපේ සර් අපිට කිව්වා ඔයාලටත් ඔය වගේ තැනකට එන්න පුළුවන් කියලා. ඇත්තටම මම පාසල් කාලයේදී සැහෙන්න දඟ පුද්ගලයෙක්. ඒ වෙලාවේ අපේ සිංහල සර් මගේ දිහාට ඇඟිල්ල දික් කරලා කිව්වා ‘‘ෂෙරොන්, ඔයාටත් දවසකට ඔය වගේ තැනකට එන්න පුළුවන්...“ කියලා. එහෙම කියලා සර් අනිත් ළමයින්ට කියනවා බලන්න දවසක ෂෙරොන් මේ වගේ තැනකට ඇවිත් අපේ පාසලේ උදේ රැස්වීමක කතා කරයි කියලා. මට ඇත්තටම එදා හිතට ආවේ ඒ වගේ තැනකට එන්න තියෙනවා නම් කොච්චර හොඳ ද කියලා. ඇත්තටම දැන් මට හිතෙනවා මං ඒ මාර්ගයේ යනවා කියලා. 

ඒ කියන්නේ ඔබේ සිංහල ගුරුතුමා තමයි ඔබ මේ ගමනට පොළඹවල තියෙන්නේ. 
ඇත්තටම ඔව්... මොකද ඒ වචන ටික මගේ ඔළුවේ තිබුණා.   

පාසල කොහේද? ඒ ගැන කියමුද?
මම පාසල් ගියේ කොටහේනේ සෙන්ට් බෙනඩික්ට් කොලේජ් එකට. 

කොහොමද ලැබෙන පැසසුම්?
ෆීල්ඩ් එකේ අයගෙන් මට ගොඩක් පැසසුම් ලැබෙනවා. එයාලා නිතරම කියන්නේ ඔයාට හොඳ තැනකට යන්න පුළුවන්, දැනටමත් ඔයා ඒ තැනට යන ගමන් ඉන්නේ. ඒ නිසා හොඳට වැඩ ටික කරගන්න කියලා. කොච්චර අපිට කැපිලි කෙටිලා දාන්න හැදුවත් මිනිස්සු අතරින් ඒ වගේ ඇවිත් කියන එක ගැන මට ගොඩක් සතුටුයි. 

විශේෂයෙන් මතක් කළ යුතු අය ගැන කිව්වොත්.
ඇත්තටම මට මේ ගමනට වැඩියෙන්ම උදව් කරන්නේ මගේ ගෙදර අය. ඒ ගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බෑ. ඒ වගේම මට ගුරුහරුකම් දෙන හැමෝමට මේ වෙලාවේ ස්තුති කරනවා. නම් වශයෙන් නොකිව්වාට හැමෝම මට වැදගත්. ඒ හැමෝටම ස්තුතියි. සියල්ලන්ම නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් අය කියන්න වෙනවා. ඒක නිසා නම් වශයෙන් නොකිව්වට කවුරුවත් මාත් එක්ක තරහක් ඇති කර ගන්න එපා. හැමෝමට ආදරෙයි... ස්තුතියි. 

ෂෙරොන් කියන්නේ කවුද?
මම සාමාන්‍ය පුද්ගලයෙක්. මේ ෆීල්ඩ් එකේ තවත් ගොඩක් ඉස්සරට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටමත් භාගයක් විතර ඇවිත් තියෙනවා. තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. 

කොහොමද ගැහැනු ළමුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?
ම්ම්ම්... හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ අනාගතේ හදාගෙන තමයි ඉතින් මං ඒ ගැන හිතන්නේ... 

ඒ කියන්නේ දැනට පෙම්වතෙක්....?
ඒ ගැන දැන්ම මම කතා කරන්න කැමති නැහැ. 

ආදරය ගැන මොකද හිතන්නේ.
ආදරය හරි සුන්දරයි. ඒක හරි වෙලාවට ලබන්න ඕනි... ගැලපෙන්නේ නැත්නම් ඒ ආදරයෙන් අයින් වෙන්න ඕනි. එහෙම තමයි ඉතින්... ජීවිතේ අපි ගෙනියන්න ඕනිනේ.

ෆීල්ඩ් එකෙන් පිට අයගෙන් ආදර ඇරයුම් ලැබිලා නැද්ද?
ලැබිලා තියෙනවා. ඒ වුණාට මං බලන්නේ මගේ ජීවිතය සරලව තියාගෙන ආදර ලයිෆ් එකත් ටිකක් විතර තියාගෙන මගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න. ආදරය ලබන්නත් ඕනි. ඒ වගේම ලයිෆ් එක ඉදිරියට ගෙනියන්නත් ඕනි. 


Gossip Chat with Face of Sri Lanka winner Sheron Philomen Gossip Chat with Face of Sri Lanka winner Sheron Philomen Reviewed by Admin on 5:16 AM Rating: 5

No comments:

Powered by Blogger.