Poson Full Monn Poya Day

Views
සිරිලක ධර්මයෙන් ඒකාලෝක කළ අසිරිමත් පොසොන් පුන් පෝය අදයි



පොසොන් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ආවේ අද වැනි පොහෝ දිනකයි. ඉන්දියාවේ රාජ්‍ය පාලනය කළ ධර්මශෝක රජතුමාගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු දවස මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩමකරනු ලැබුණි.

මිහින්තලයට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ විසින් "චුල්ලහත්තිපදෝපම සුත්‍රය" දේශනා කරමින් මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම සිදුකරනු ලැබුවේ අදවන් පොසොන් පොහෝ දිනක වීම විශේෂත්වයකි. 

එසේම තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව සිව්වන සතියේ “රුවන් ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන කළ උන්වහන්සේගේ ශ්‍රී දේහයෙන් පළමු වතාවට සවනක් ඝන බුදුරැස් විහිදීම සිදුවූයේ අද වන් පොසොන් පුන් පොහෝ දිනයක දී වන අතර ලක්දිව ප්‍රථම මහන උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාවද සිදුවූයේද අද වන් පොසොන් පෝහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ දැක්වේ. 


පොසොන් පොහොය දිනය නිමිත්තෙන් මෙරට බෞද්ධ සැදැහැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබාදෙමින් අද දිනය පුරා ආගමික වතාවත්වල නිරතවෙයි.


Poson Full Monn Poya Day Poson Full Monn Poya Day Reviewed by Admin on 6:38 AM Rating: 5

No comments:

Powered by Blogger.