Chat with comedy actor Roshan Priyankara

Views
හැමෝටම මිනිස්සු හිනස්සන්න බෑ - රොෂාන් ප්‍රියංකර


රංගනය විවිධ වූ පැතිකඩ ඔස්සේ සිදු කෙරේ. අද අප හා කතාබහට එක්වූයේ හාස්‍යයෝත්පාදක රංගන ශිල්පියකු වන රොෂාන් ප්‍රියංකරයි. මේ සිරසගොසිප් සමග රොෂාන් සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි. 


රොෂාන් කියන්නේ කවුද? විස්තර ටිකක් කියමුකෝ බලන්න...

රොෂාන් කියන්නේ බොහෝම සාමාන්‍ය චරිතයක්. මගේ ගම කිරිබත්ගොඩ. මම පාසල් ගියේ දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලයට. මුලින්ම රංගනයෙන් දායක වෙන්න ලැබුණේ රූපවාහිනි වෙළෙඳ දැන්වීමක. රංගනය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙසට. 

රංගනයට පොඩි කාලේ ඉඳන්ම ආශාවක් තිබුණද?
ඔව් ඇත්තටම... පොඩි කාලේ ඉඳලා ලොකු ආශාවක් තිබුණා. පාසල් කාලේ ඉඳලා වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. දැනටත් මම සුගත් සමරකෝන් මහත්තයාගේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. 

වෙනත් රංගනයෙන් දායක වූ දේවල් මොනවද කිව්වොත්.
වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා සහ චිත්‍රපටලටත් දායක වෙලා තියෙනවා. ඊට අමතරව වේදිකා නාට්‍යවලටත් දායක වෙලා තියෙනවා. ඒ වගේම අනුරුද්ධ ජයසිංහ මහතාගේ චිත්‍රපටයක දායක වෙලා තියෙනවා. ඒ වගේම සල්සපු නා ටෙලි නාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයකට සහභාගි වුණා. මියුසික් වීඩියෝස් දෙකක් එන්න තියෙනවා. ඊට අමතරව මගේ මියුසික් වීඩියෝවක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

මේ ගමනට අතදුන් අය ගැන කිව්වොත්.
විශේෂයෙන්ම මතක් කළ යුතුයි ජාඇළ පද්මා මිස්. ඒ වගේම මහේන්ද්‍ර මහත්තයාගෙන් රංගනය ගැන ඉගෙන ගත්තා. ඊට අමතරව සුගත් සමරකෝන් මහත්තයාගෙනුත් රංගනය ගැන ඉගෙන තියෙනවා. 

හාස්‍යයෝත්පාදක රංගනයක නිරත වෙන්න හේතුව මොකක්ද?
ඇත්තටම... ගොඩක් රංගන ශිල්පියෝ ඉන්නවා ලංකාවේ... මම දකින විදිහට මනුස්සයෙක්ව හිනස්සන්න තියෙනවා කියන එක හැමෝටම කරන් බැරි දෙයක්. ඉතින් ඒ දෙයින් මම සතුටක් ලබනවා. මනුස්සයෙක් සතුටු කරනවා කියන එක මගේ ජීවිතේට ලොකු සතුටක් ලබනවා. ඒ නිසයි මම අංශයෙන් යන්න ඕන කියලා තීරණය කළේ. 

ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒත් තවමත් මට හොඳ චරිතයක් ලැබුණේ ලොකු වැඩක් කරන්න. ඒත් මට විවිධ චරිත ලැබුණා. ඒවායින් මම දක්ෂතා දැක්වූවා. මගේ හැකියාවට සරිලන චරිතයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

නිදහසේ සිටින අවස්ථාවක මොකද කරන්නේ. 
මම සවුන්ඩ්ස් සම්බන්ධ රැකියාවක් කරනවා. ඒවායින් අමතරව දවසේ නිවාඩු පාඩු ඉන්න වෙලාවට ගොඩක් කරන්නේ කොමඩි ෆිල්ම් බලන එක. ඊට අමතරව චාලි චැප්ලින්ගේ,  මිස්ටර් බීන්ගේ ෆිල්ම්  බලලා දෙයක් එකතු කර ගන්නවා. 

රොෂාන් පෙම්වතෙක්ද?
ඔව් මම පෙම්වතෙක්. දැනට පෙම්වතියක් ඉන්නවා. 

පෙම්වතිය මොකද රංගනය ගැන කියන්නේ. 
මගේ පෙම්වතිය මුලින් නම් ටිකක් විතර අකමැති වුණා රංගනයට එනවාට. ඒත් කාලයත් සමග ඇය තේරුම් ගත්තා මගේ රංගන හැකියාව. ඊට පස්සේ ඇය කැමැති වුණා මං රංගනයේ නිරත වනවට.

රංගනයෙන් ඉවත් වෙන්න කියලා පෙම්වතිය කිව්වොත්...
ම්ම්ම්. එහෙම වෙන එකක් නම් නෑ. මොකද පෙම්වතිය මේ වන විට හොඳ අවබෝධයකින් ඉන්නේ. අපි දෙන්නට  දෙන්නා තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒක නිසා එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා. 

අලුත් වැඩක් කරන්න යනවා කියලා ආරංචියි. මොකක්ද ඒ.
ආධුනික රංගන ශිල්පීන්ට මෙරට සිටින ප්‍රවීණ කලාකරුවන් කිහිප දෙනෙක් එකතු වෙලා රංගන පුහුණ පීඨයක් පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒක ජුනි මාසේ තුන් වැනි සතිය වන විට කුරුණෑගලදි ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. 

මොනවද ඉදිරි බලාපොරොත්තු
මගේ බලාපොරොත්තුව තමයි හාස්‍යයෝත්පාදක රංගන ශිල්පියෙක් විදිහට මට ඕන දැනෙන දෙයක් කරන්න. රංගන කලාවටත් හයියක් වෙලා ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මොනවද?
ඇත්තටම ඉතින් රංගනය කියන්නේ හොඳ දෙයක්. ඒක කාටවත් නරකක් වෙන්නේ නෑ. නව පරපුරට කියන්න තියෙන්නේ ඉතින් මේ අංශය තෝරගත්තොත් අතාරින්නේ නැතිව ඉදිරියට යන්න ඕන. ගොඩක් හැලහැප්පීම් වෙනවා. තමන්ට එපාවෙන අවස්ථා ගොඩක් තියෙනවා. එහෙම නැතිව තමන්ගේ ආශාව වැඩි කරගෙන කලාවේ ඉදිරියටම යන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

සිරසගොසිප් කරන මේ වැඩකටයුත්ත ගැන මොකද කියන්න තියෙන්නේ. 
ඇත්තටම ලොකු දෙයක් ඕගොල්ලෝ කියන දේ... අනිවාර්යයෙන් කියන්න ඕනි... ස්තුති කරන්න ඕන. ආටිකල් එකක් දැම්මා ඒක ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනා දකිනවා. ඉතින් ඒවායින් එයාලා ගොඩක් සතුටු වෙනවා. ඉතින් ආයෙත් කියන්නේ ස්තුතියි කියලා. ලොකු උදව්වක් මේ වගේ වැඩක් කිරීමෙන් වෙන්නේ. 



















Chat with comedy actor Roshan Priyankara Chat with comedy actor Roshan Priyankara Reviewed by Admin on 11:36 PM Rating: 5

No comments:

Powered by Blogger.