Gossip chat with Nimasha Vandort

Views
දැන් නිරූපණ ක්ෂේත්‍රයේ හිටියට අනාගත බලාපොරොත්තුව කතිකාචාර්යවරියක් වීම

කුඩා කල සිටම ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වීම මෙන්ම ළමා නිවේදිකාවක් ලෙස කටයුතු කළ පසුව අධ්‍යාපන කටයුතු හේතුවෙන් ක්ෂේත්‍රයෙන් බැහැරව සිට යළිත් නිරූපණ ශිල්පිනික් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ශිල්පිනී නිමාෂා වැන්ඩොර්ට් සමග සිරසගොසිප් සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි මේ. 

නිමාෂා... ඔයා කවුද?
මම නිමාසා සෙව්වන්දි වැන්ඩොර්ට්. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ තෙවන වසරේ අධ්‍යයන කටයුතු කරනවා. ඒ අතරතුර මෝස්තර නිර්මාණ කටයුතු කරගෙන යනවා. වැඩි වශයෙන් මම කරන්නේ නිරූපණ කටයුතු රංගන කටයුතුවල නම් යෙදෙනවා අඩුයි. 

නිමාෂා කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ සහ උදව් කරපු අය ගැන කිව්වොත්.
පොඩි කාලේ ඉඳන්ම මම ටී.වී. ලංකා රූපවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙසට කටයුතු කළා. ඒ  මගේ අම්මා නිසා. ඊට පස්සේ ළමා නිළියක් ලෙස ටෙලි නාට්‍ය කිහිපයකට දායකත්වය ලබාදීමට හැකියාව ලැබුණා. ඉන්පසුව ටික කාලයක් අධ්‍යාපන කටයුතු නිසා ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටියා.  පස්සේ ක්ෂේත්‍රයට සම්බන්ධ නොවී සිටියදී ඉමේෂ් නුවන්දක අයියා නිසා නිරූපණ ක්ෂේත්‍රයට පය තබනවා. ඉමේෂ් අයියා නිසා  මම ගොඩක් අය හඳුනා ගන්නවා සහ එයා නිසා මම ගොඩක් උදව් කරනවා. ඒ නිසා මම ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම මගේ අම්මා, තාත්තා, නංගි සහ පෙම්වතා මට ගොඩක් උදව් කරනවා. ඒවගේම ක්ෂේත්‍රයේ මගේ හොඳම යාළුවා රුචිකා හර්ෂණී (නික් රූචි හර්ෂි) ගොඩක් උදව් කරනවා. එයත් නිරූපණ ශිල්පිනියක්. ඒවාගේම අද වෙනකම් මට නිරූපණ ක්ෂේත්‍රයට උදව් කරපු, මාව මේකප් කරපු මේකප් ආටිස්ලාව, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, ඡායාරූප ශිල්පින් සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. 

ලොකු වෙනසක් දකිනවා. මොකක්ද හේතුව?
මෙහෙමයි මම නිරූපණ ක්ෂේත්‍රය එන්න බලාපොරොත්තුවෙන් නොවෙයි හිටියේ. ඇත්තටම මම අධ්‍යාපන කටයුතුවල නියැලිලා හිටියේ. ඊට පස්සේ ඉමේෂ් අයියා හරහා තමයි මම නැවත මේ ක්ෂේත්‍රයට එන්නේ. ඒ වෙද්දි මම ගොඩක් මහතයි. මොකද මම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. නමුත් ක්ෂේත්‍රයට පැමිණිමත් සමග තරගකාරී වීම හේතුවෙන් අපෙ තියෙන දුර්වලතා හදාගන්න ඕනි. ඉතින් මම ඒවා හදාගත්තා. ඒක නිසා වෙනස් වුණා. 

මේ දවස්වල මොකද කරන්නේ. 
මේ දවස්වල අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර යොමු වෙලා ඉන්නවා. ඒක නිසා වැඩි වශයෙන් නිරූපණ කටයුතුවලට සහභාගි වෙන්න අවස්ථාවක් නැහැ. ඉඩ ලැබෙන විදියට නිරූපණ කටයුතු කරනවා. 

කොහොමද රංගන කටයුතු?
රංගන කටයුතුවලින් ටිකක් ඈත් වෙලා ඉන්නේ මේ දවස්වල. මොකද මේ දවස්වල ඒවායින් ටිකක් අයින් වෙලා ඉන්නේ. 

පුංචි තිරෙන් දැකගන්න පුළුවන් මොනවයින්ද මේ දවස්වල?
පසුගිය කාලයේ ටෙලි නාට්‍ය කිහිපයකට දායක වුණා. සපිරිවර, ආටක නාටක, සෙවනැලි වගේ ටෙලි නාට්‍යවල වගේ තවත් තිරගත වීමට තිබෙන රාජා චිත්‍රපටයට දායක වී තිබෙනවා. එසේම තවත් චිත්‍රපටයකට කතා කළා. ඒකත් මේ වන විට සාකච්ඡා මට්ටමේ තිබෙනවා. 

මෝස්තර නිරූපණ කටයුතු කොහොමද?
ම්ම්ම්ම්. සාමාන්‍ය විදිහට මෝස්තර නිරූපණ කටයුතු කරගෙන යනවා. ඇත්තටම මෝස්තර නිරූපණය වුණත් මම කරන්නේ තෝරා බේරාගෙන තමයි. ඇඳුම වුණත් තෝරා බේරා ගැනීමක් කරනවා. ඒ සීමාවේ ඉඳන් තමයි මෝස්තර නිරූපණය කරන්නේ. මේ දවස්වල වැඩි වශයෙන් බ්‍රයිඩල් ෂූට්වලට වැඩි වශයෙන් දායක වෙනවා. මොකද මං පෞද්ගලිකව වැඩිවශයෙන් කැමැති ඒ පැත්තට. ඒ වගේම වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලට දායක වනවා. 

මේ සියල්ලටම ලැබෙන සපෝට් එක කොහොමද?
ඇත්තටම මට ගෙදරින් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා. ඒ වගේම යහළුවන්ගෙනුත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා ඉස්සරහට යන්න. 

මෝස්තර නිරූපණ තරගවලට සහභාගි වෙලා තියෙනවාද?
නැහැ... තවම සහභාගි වෙලා නැහැ. ඒත් ඉදිරියේදී සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. 

මෝස්තර නිරූපණයේදී ඔබ කොට ඇඳුම් අදිනවාද? එසේ නම් කොටට අදිනවා කියලා චෝදනා ඇවිත් නැද්ද?
ඔව්... මම මගේ සිමාවේ ඉඳගෙන කොටට අඳිනවා. ඒත් තාම මට එහෙම චෝදනා නම් ඇවිත් නැහැ. අනිත් දේ තමයි ගැහැනු ළමයෙක් කොටට අදින එක මං වරදක් විදිහට දකින්නේ නැහැ. 

නිරූපිකාවක් කොටට ඇදිය යුතුමයි කියලා ඔබ හිතනවාද?
නෑ නෑ නෑ... නිරූපණ ශිල්පිනියක් කියන්නේ කොටට ඇදිය යුතුමයි කියන පිරිසක නෙවෙයි. ඒත් ඉතින් ඒක එක එක අයගේ කැමැත්ත. එක එක විලාසිතා කරන්න පුළුවන්. තමන්ගේ අභිමතය පරිදි නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන අය ඉන්නවා. නිරූපණ ශිල්පිනියක් වෙන්න නම් කොටට ඇදිය යුතුයි කියන මතයේ නම් මම නැහැ. 

කිසියම නිරූපණයක් කිරීමට භාරගත් දේ වෙනුවට වෙනත් ආකාරයේ ඇඳුම් ලැබුණොත් මොකද කරන්නේ.
මම  කිසිම විදිහකින් එහෙම වුණොත් එහෙම ඒකට සම්බන්ද වෙන්නේ නැහැ. ඒ වැඩේට මම භාරගත් අවස්ථාවේ පැවසූ ඇඳුම් හැර වෙනත් ආකාරයේ මට සීමාවන්ට නොගැලපෙන ඇඳුම් ලැබුණහොත් කිසිසේත්ම මම ඒ දේට සම්බන්ධ වෙන්නේ නැහැ. 

සමහරු කියනවා ඇඟ පේන්න අදින්නේ ජනප්‍රිය වෙන්න කියලා... ඔයත් එහෙමද?
නැහැ.. මම කිසිසේත්ම ඒ මතේ ඉන්නේ නැහැ... ඒක මහ මෝඩ මතයක්. මම එහෙම කරන්නෙත් නැහැ... ෂූට් එකකට අවශ්‍යම වුණොත් විතරයි මම ඒ විදිහට අදින්නේ. ඇඟ පෙන්වගෙන ඇන්ද කියලා ජනප්‍රිය වෙන්න බෑ. එක එක අය එක එක විලාසිතා කරනවා. ඒකේ වැරද්දක් මම දකින්නේ නැහැ. ජනප්‍රිය වෙන්න හිතාගෙන ඇඟ පෙන්වලා අදිනවා නම් ඒක මෝඩ මතයක්. එහෙම අයට කවදාවත් පැවැත්මක් තියෙන්නේ බැහැ.

නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේදී අයුතු යෝජනා එහෙම ඇවිත් නැද්ද?
මම ක්ෂේත්‍රයට අලුත් නිසා තාම නම් මට එහෙම යෝජනා ඇවිත් නැහැ. 

ඉහළට යද්දි කකුලෙන් අදින අයට මොකද කියන්නේ.
ඇත්තටම එහෙම අය නම් මට ගොඩක් හමුවෙලා තියෙනවා. උදව් කරන අයට වඩා කකුලෙන් අදින අය තමයි වැඩි. මට කියන්න තියෙන්නෙ එහෙම කරා කියලා පැවැත්මක් නෑ. අනික් අයව කකුලෙන් අදින්නේ නැතුව තමන්ගේ වැඩේ හරියට කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද එතකොට පැවැත්මක් තියේවි. අනික ඔය කොහොම කකුලෙන් ඇද්දත් මාව වට්ටන්න කාටවත් බැරි වෙයි. 

ඉස්සරට මොන මොනවයින්ද අපට ඔබ දැක ගැනීමට හැකි වන්නේ.
ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රය පැත්තෙන් බ්‍රයිඩල් ෂූට්, වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ හරහා දැක ගන්න පුළුවන් වෙයි. ඒවගේම ඉදිරියේදී අලුතින් ඇරඹෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාව නිවේදිකාවක් විදිහට කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉදිරියේදී නිවේදනය මෙන්ම නිරූපණය පැත්තට වැඩි අවදානයක් යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රංගනය පැත්තට දායකත්වයක් ලබාදෙනවා කියන එක තාම හිතලා නැහැ.

ආදරය ගැන මොකද හිතන්නේ.
හොඳයි... ලස්සනයි... දුක සතුට ඔක්කොම තියෙනවා... හැබැයි මං විශ්වාස කරනවා... ඇත්තම ආදරයකට පුළුවන් අපි වැටුණොත් එහෙම අපිව නැගිට්ටවන්න පුළුවන් කියලා. 

දැනට ආදරවන්තියක්ද? 
ඔව්... ඒත් කැම්පස් එකෙන් නම් නෙවෙයි... ඊට කලින් ඉඳලාම පෙම්වතියක්. කෙනා කවුද කියලා නම් අහන්න එපා. 

ඔයාට ගැලපෙන්නේ මොන වගේ කෙනෙක්ද?
මම ගොඩක් ආදරය බලාපෙරොත්තු වෙන කෙනෙක්... අනිවාර්යයෙන්ම මං ගැන ගොඩක් ආදරය ඕනි. ඒ වගේම මම ගැන හොයලා බලන කෙනෙක් වෙන්න ඕනි. අනික මාව තේරුම් ගන්න අමාරු කෙනෙක්.. ඉතින් මාව හොඳටම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි. මාව බලාගන්න පුළුවන් සහ මං කරන හැම දෙයක්ම පිටුපසින් ඉඳලා මාව විශ්වාස කරන කෙනෙක් තමයි බලාපොරත්තු වෙන්නේ. ඒ වගේම මම නියෝජනය කරන ක්ෂේත්‍ර ගැන තේරුම් ගැනීමටත් හැකියාව තියෙන්න ඕනි.

ගම් පලාත්, ඉස්කෝලේ ගියපු එව් සහ පවුලේ විස්තර ටිකක් කියමුද?
මගේ ගම කැලණිය... පාසල් ගියේ කැලණිය මහා විද්‍යාලයට. මගේ පවුලේ අම්මා, තාත්තා සහ නංගි ඉන්නේ. තාත්තා ව්‍යාපාරයක් කරනවා. 

පෞද්ගලික ජීවිතයේ ලොකුම  බලාපොරොත්තුව මොකක්ද?
මගේ ලොකුම බලාපොරොත්තුව තමයි උපාධිය අවසන් කරලා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කිරීම. ඒක මගේ හීනයක්. මං දන්නවා මට ඒක සැබෑ කර ගන්න පුළුවන් කියලා. 

ඔබව සම්බන්ධ කළ හැකි ආකාර මොනවද?
එහෙම මාව සම්බන්ධ කර ගන්නවා නම් යම් අයෙක්ට මගේ ෆේස්බුක් ගිණුම හරහා තමයි සම්බන්ධ කර ගන්න පුළුවන්. නිමාෂා වැන්ඩොර්ට් කියලා තමයි මං ෆේස්බුක් එකේ ඉන්නේ.  ඒ වගේම විශේෂයෙන් මේ 2017 අවුරුද්දේ වෙබ් අඩවියක් සමග කරන පළමු ආටිකල් එක. මට ඒ අවස්ථාව ලබාදුන්නට බොහොම ස්තුතියි සිරසගොසිප් එකට. ඒ වගේම සිරසගොසිප් කරන මේ කර්තව්‍යය ඉතාමත් හොඳයි. 



















Gossip chat with Nimasha Vandort Gossip chat with Nimasha Vandort Reviewed by Admin on 12:01 AM Rating: 5

No comments:

Powered by Blogger.