Gossip Chat with Malsha Sewwandi

Views
මම කොටට අඳිනවා - ඒත් Hot Shoot කරන්නේ නැහැ


රම්‍ය සුරම්‍ය නාට්‍යයට මීට අවුරුදු 12කට පෙර රංගනයෙන් දායක වී ටික කාලයක් ක්ෂේත්‍රයෙන් ඉවත් ව සිට යළි රංගනයට පිවිසි මල්ෂා සෙව්වන්දි සමග සිරසගොසිප් කළ සාකච්ඡාවකි මේ. 

මල්ෂා... ඔයා කවුද?
මම මල්ෂා සෙව්වන්දි. මගේ ගම ගාල්ල. මගේ පවුලේ මල්ලිලා හතර දෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. මම  විවාහකයි. බබාලත් ඉන්නවා. රංගනය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

මහත්තයා මොකද කරන්නේ. 
මහත්තයා ව්‍යාපාරික කටයුතුවල නිරත වෙනවා. අපිට අපේම ව්‍යාපාරයක් තියෙනවා. 

කොහොමද රංගන කටයුතු?
හොඳින් කරගෙන යනවා. 

ඔබ ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පිනියක් ලෙසටද? නිරූපිකාවක් ලෙසටද?
මම ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පිනියක් ලෙසට.

ඔබ මුලින්ම රංගනයෙන් දායක වූයේ කුමකටද? ඒක විස්තර කළොත්?
මුලින්ම මම රංගනයට සම්බන්ධ වුනේ මීට අවුරුදු 12කට කලින්. පාසල් කාලේදි. ඉස්කෝලේදී ඩාන්සින්, වේදිකා නාට්‍ය කරලා තියෙනවා. ඉතින් මට හොඳට රංගන හැකියාව තිබුණා. ඒ ගැන ගමේ හැමෝම දැනගෙන හිටියා. ස්වර්ණවාහිනියේ විකාශය වූ රම්‍ය සුරම්‍ය නාට්‍යයේ පටිගත කිරීම් අපේ ගමේ අපේ ගෙවල් කිට්ටුව ගෙදර කළා. ඒ නැන්ද කතා කරලා කිව්වා දුව අපේ ගෙදර ටෙලිනාට්‍යයක පටිගත කිරීමක් තියෙනවා පොඩ්ඩක් ඇවිත් යන්න කියලා. ඉතින් මං ගියා. ගියාට පස්සේ මාව හඳුන්වලා දුන්නා. 
මුලින්ම මට කිව්වේ නැටුමක් කරන්න කියලා. ඊට කලිනුත් මම හැමදාම ඒ නැන්දලාගේ ගෙදර යනවා. එයාලා හැමදාම කියනවා නැටුමක් කරලා පෙන්වන්න කියලා. මං ඒත් කරන්නේ නෑ. එදා ගෙන්වලා මට ඒ තැනට හඳුන්වලා දුන්නා. ඉතින් එතැන හිටිය අය මගේ දක්ෂතාවය දැකලා මාව වැඩවලට සම්බන්ධ කර ගත්තා. මුලින්ම සම්බන්ධ වුණේ රම්‍ය සුරම්‍ය එකට. ඊට පස්සේ මට වැඩ ආවා. ඊට පස්සේ සුනාමි ව්‍යවසනයත් සමග තිබුණු සම්බන්ධතා සියලු මග නැවතුණා. ඒ හේතුවෙන් ආපු වැඩ එහෙම අතරමග නතර වුණා. ඊට පස්සේ විවාහ වුණා. බබාලත් පොඩි නිසා ඒ වැඩවලින් ටිකක් ඈත් වෙලා හිටියා.

අවුරුදු ගණනකට පස්සේ නේද පුංචි තිරෙන් දකින්න ලැබෙන්නේ. 
ඔව්... ටික කාලයක් රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියා. ගාල්ලේ ඉඳපු මගේ යාළුවෙක් දැන් ඉන්නේ කොළඹ. එයා එයාගේම නර්තන කණ්ඩායමක් කරගෙන යනවා. එයාගේ හරහා තමයි මම යළි මෙම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. 
යාළුවාගේ හොඳම යාළුවෙක් ඉන්නවා රංගනයේ නිරත වෙන කෙනෙක්. ඉතින් එයා හරහා තමයි මම ආයේ සම්බන්ධ වුණේ. යාළුවා මට කිව්වේ රංගනයෙන් හරි ඩාන්සින් පැත්තෙන් හරි ඉස්සරහට එන්න කියලා. ඒත් ඉතින් මගේ වර්තමාන රූපෙත් එක්ක මම ඩාන්සින් ගැන හිතුවේ නැහැ. අනාගතේදී ඩාන්සින් පැත්තෙනුත් එන්න අදහසකුත් තියෙනවා. 
ගොඩක් අය මට මියුසික් වීඩියෝස්වලට කතා කරනවා. ඒත් මම දන්නවා මගේ රූපෙට හරියන්නේ නැහැ කියලා. එයාලා කියනවා ෆීචර්ස් හොඳයිලු. මියුසික් වීඩියෝස්වලට තරුණ වෙන්න ඕන, ෆිගර් එක ලස්සනට තියෙන්න ඕනි. ඒ නිසා මම එච්චර ඒ පැත්තට ලොකු උනන්දුවක් තිබුණේ නැහැ... ඒත් දැන් ඒගැන හිතනවා. මේ දවස්වල ඇඟ ෂේප් කරගන්නත් යොමු වෙලා ඉන්නවා. 

මෝස්තර නිරූපණ කටයුතුවලටත් සහභාගි වෙනවද?
නිරූපණයට වඩා රංගනයට තමයි මං කැමති. ඒත් ඉතින් නිරූපණ අවස්ථාත් ලැබුණොත් කරනවා. නිරූපණයේදී මං ගොඩක් කැමති කැෂුවල් ෂූට්ස්වලට. පොටෝ ෂූට් ඇවිත් තියෙනවා. මොඩලින් ෂෝවලට එහෙම සහභාගි වෙලා නෑ. මොකද ලංකාවේ චබී අයට මොඩලින්වලට තැන අඩුයි. පිටරටවලට නම් ගාණක් නෑ. මෙහේ එහෙම බැරි නිසා මම මොඩලින් ගැන හිතන්නේ මට ඒ තැනට හදාගන්න පුළුවන් කාලයක් ආවොත් තමයි. නැත්නම් ඉතින් රංගනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

මේ සියල්ලටම ලැබෙන සපෝට් එක කොහොමද?
මහත්තයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම රූගත කිරීමකට ගියාම මගේ අම්මා තමයි බබාලාගේ වැඩ කරන්නේ මහත්තයා බබාලා ඉස්කෝලේ ගෙන යනවා, එයාලාගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි අවධානය යොමු කරනවා. කොළඹ යන්න තියෙන විට මාව ඇරලවන්නත් එනවා. ඒ වගේම දුර පළාත්වල රූගත කිරීම්වලට යනවා නම් මහත්තයත් මගෙත් එක්ක යනවා. 
විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මගේ අම්මාගේ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා, ගීතා ලියනආරච්චි කියලා, ඒ කිව්වේ අපේ ආච්චිගේ නංගි... එයා ගොඩක් ෆීල්ඩ් එක ගැන දන්න කෙනෙක්. දුරුතු ඩ්‍රාමා ඇකඩමියේ රවීන්ද්‍ර විජේරත්න සර්ගේ ගෝලයෙක්. ඉතින් එයාගෙන් මට ලොකු හෙල්ප් එකක් ලැබෙනවා. 
ඒ වගේම ඉරෝෂිකා මෙන්ඩිස් මගේ යාළුවාත් මට ගොඩක් උදව් කරනවා. කොළඹ රූගත කිරීමකට ගියාම ලොජ්වල නවතින්නේ නැහැ. යාළුවාගේ ගෙදර තමයි ඉන්නේ. 
ඒ  වගේම තමයි ඡායාරූප ශිල්පීන් වන තුෂාර සංජීව සහ හෂාන් පන්නිල යන දෙන්නත් ආදරෙන් මතක් කරන්න ඕනි. ඡායාරූපකරණයේදී ඔවුන් මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේ නෙල්සන් සහ අතුල විජේසිංහ යන දෙදෙනාත් නිරූපණයන්ට අවශ්‍ය ලොකු සහයෝගයක් ලබාදෙනවා. 
ඒ වගේම මගේ මේකප් කටයුතු කරන පුෂ්පා නිලන්තිත් ආදරයෙන් මතක් කරන්න ඕනි. තවත් උදව් කරන අය ඉන්නවා. ඒත් ඉතින් ඔක්කොගේම නම් කියන්න ගියොත් ගොඩක් ලියන්න වෙනවා. මට වචනෙකින් හරි උදව් කරන හැමෝටම ස්තුතියි කියලා මම කියනවා. 

මෝස්තර නිරූපණයේදී ඔබ කොට ඇඳුම් අදිනවාද? 
මම වැඩිපුර අදින්නේ කොට ඇඳුම් තමයි. මොකද මම මහත කෙනෙක් නිසා මට ගැලපෙන්නෙ කොට ඇඳුම්... මහත කෙනෙක් දිගට ඇන්දම ලස්සනක් නැහැ. ඒක නිසා මම කොටට අදිනවා. 

එසේ නම් කොටට අදිනවා කියලා චෝදනා ඇවිත් නැද්ද?
ම්ම්ම්ම්.... තවම නම් චෝදනා ඇවිත් නැහැ. ඒත් ගොඩක් අය බලන් ඉන්නේ පොඩ්ඩක් කොටට අඳිනවා දැක්කොත් එක එක කතා හදන්න. ඒගොල්ලෝ කලාව කියන එක දන්නේ නැහැ.  
අනික ඉතින් අද කාලේ බැලුවොත් අපේ අම්මලාගේ වයසේ අයත් ඉන්නවා ඉස්සර දිගට ඇදලා දැන් කොටට අදින අය. ඉතින් මම කවුරුවත් කියන දේවල් මම අහන්නේ නැහැ. මට ගැලපෙනවා නම් මම අදිනවා. ඒ වගේම සමහරු ඉන්නවා විවේචනය කරන අය. මූණට නම් කියන්නේ නැහැ... තැන තැන විවේචන කරනවා. 

සමහරු කියනවා ඇඟ පේන්න අදින්නේ ජනප්‍රිය වෙන්න කියලා... ඔයත් එහෙමද?
එහෙම හිතන්න අමාරුයි. නිරූපණයේදී නම් ඇත්තටම නිරූපිකාවක් කියන්නේ ඩමියක් වගේ... අපිට දෙන ඕනෑම ඇඳුමක් අදින්න ඕන... රංගනයේදී නම් එහෙම නැහැ. තමන්ට කැමැති විදිහට අදින්න පුළුවන්. ඒක නිසා මම එහෙම හිතන්නේ නැහැ.

ඔබට එවැනි අඩනිරුවත් නිරූපණයකට ආරාධනා ලැබුණොත්...
මට ඒ වගේ ෆොටෝ ෂූට්වලට ආරාධනා නම් ගොඩක්  ලැබිලා තියෙනවා. හොට් ෂූට්වලට කතා කරලා තියෙනවා. ඒත් මං ගිහින් නැහැ. ඒවාට ගෙවන මුදලත් වැඩියි. ඒත් මං ගිහින් නැහැ. මට එහෙමම මේව එකක් නැහැ. මට ඕන පුළුවන් තරම් රංගනය දැනට තියෙන මට්ටමට වඩා වැඩි කරගෙන ඉදිරියට යන්න. ෆොටෝ ෂූට්වලට යනවා මට ගැලපෙන ආකාරයේ ඒවාට.

ඇයි එවැනි දේ ප්‍රතික්ෂේප කරන්නේ. 
ඇත්තටම මම මවක්. මවක් විදහට මට ඒ ගැන හිතන්න බැහැ. ඒක නිසා මම ඒ වගේ ෂූට්වලට යන්න කැමැති නැහැ. 

ඉහළට යද්දි කකුලෙන් අදින අයට මොකද කියන්නේ.
අම්මෝ ඒ ගැන කතා කරනවා නම් දවසක්ම කතා කරන්න පුළුවන්... මම නැවත මේ ෆීල්ඩ් එකට ඇවිත් මාස හතරක් පහක් වගේනේ වෙන්නෙ. මම ෆීල්ඩ් එකට පරණයි කියලා දන්නේ නැති අය ඉන්නවානේ, ඉතින් එහෙම කෙනෙක් මේ ළඟ මට චෝදනාවක් කළා එයාලාට පස්සේ ඇවිත් හැම දේකටම පැන පැන වැඩ කරනවා කියලා. 
ඒත් ඉතින් එයාලා දන්නේ නැහැ මම එයාලාට වඩා පැරණියි කියලා මේ ෆීල්ඩ් එකට. ඉතින් මම ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැ. ඇත්තටම කියන්න කනගාටුයි මේ වගේ චෝදනා කරන්නේ නවකයෝ. ප්‍රවීණයන් අපට ගොඩක් දේවල් කියලා දෙනවා. 

මේ දවස්වල රංගන කටයුතු කොහොමද? 
ඇත්තටම හිතුවටත් වඩා හොඳින් කරගෙන යනවා. ආටක නාටක ටෙලි නාට්‍ය මාලාවේ රංගන කටයුතුවලට දායක වෙනවා. ඉදිරියටත් ආටක නාටක නාට්‍ය මාලාවේ ඉන්නවා. මුලින් මිහිරි සිරිතිලකගේ කණ්ඩයාමේ සාමාජිකයකු ලෙස සිටියා.. ඊට පස්සේ පසුගිය සතියේ සිට සුසිලා කෝට්ටගේ ගේ කණ්ඩායමටත් දායක වුණා. දැන් කණ්ඩායම් දෙකේම රංගනයෙන් දායක වෙනවා. 

ඉස්සරට මොන මොනවයින්ද අපට ඔබ දැක ගැනීමට හැකි වන්නේ.
කාසිවත්ත දෙක - චුට්ටේ කියන ටෙලි නාට්‍යයෙන් මාව දැකගන්න පුළුවන්. ඒ වගේම තවත් තිරගත වීමට නියමිත චිත්‍රපට තුනකට රංගනයෙන් දායක වී තිබෙනවා. 

රංගන ශිල්පිනියක් ලෙස මොනවද අනාගත බලාපොරොත්තු?
මේ ඉන්න තත්ත්වයෙන් වැඩ ගොඩාක් කරලා රටම ආදරය කරන රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තුව.

දැනට පදිංචිව ඉන්නේ කොහේද? 
මම පදිංචිව ඉන්නේ ගාල්ලේ... වැඩවලට ආවාම කොළඹ අපේ නැන්දලාගේ ගෙදර හෝ මගේ හොඳම යාළුවා ඉරෝෂිකාගේ ගෙදර නැවතිලා තමයි වැඩවලට යන්නේ. 

කොළඹින් බැහැරව පදිංචිවීම වැඩවලට බාධාවක් නේද?
ඔව් දැනට ඒ වගේ බාධාවක් තියෙනවා. මොකද එක දිගට වැඩ ආවම කරගෙන යන්න අමාරුයි. ගාල්ලට ඇවිත් යන නිසා සහ බබාලා ගෙදර තියලා එන නිසා. ඉස්සරට වැඩ ටිකක් කළොත් පදිංචිය කොළමට මාරු කර ගැනීමටත් බලාපොරොත්තුවක් තියෙනවා.

ඔබව සම්බන්ධ කළ හැකි ආකාර මොනවද?
මාව සම්බන්ධ කර ගන්න පුළුවන් ෆේස්බුක් හරහා තමයි. මල්ෂා සෙව්වන්දි කියලා මම ෆේස්බුක් එකේ ඉන්නේ. ඒ හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 
























Gossip Chat with Malsha Sewwandi Gossip Chat with Malsha Sewwandi Reviewed by Admin on 12:59 PM Rating: 5

No comments:

Powered by Blogger.