Chat with Thushith Sandaruwan Bandara

Views
බොරු චෝදනා නම් ගොඩක් ඇවිත් තියෙනවා - ඒත් මම ඒවට සැලෙන්නේ නෑ



තුසිත් ... කොහොමද ජීවිතේ?
පුරුදු විදිහට වැඩත් කරගෙන සරලව ජිවත් වෙනවා

ඔයා නියෝජනය කරන්නේ කුමන ක්ෂේත්‍රයද?
රංගනය හා නිරුපනය යන ක්ෂේත්‍රයන් දෙකම නියෝජනය කරනවා... ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරා මහතාගේ Action & drama workshop එකේ රංගනය හදාරනවා.. හේමනලින් කරුණාරත්න සර් යටතේ Directing, TV Presentation හදාරමින් ඉන්නවා.

ඉතින් මොනවද අලුත් විස්තර? 
රංගන ක්ෂේත්‍රය වගේම ⁣,වෙළද දැන්විම් අධ්‍යක්ෂනය පැත්තට අළුත් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මුලින්ම රංගන ක්ෂේත්‍රයටද ආවේ නැත්නම් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටද ආවේ. 
රොසැනා ඩයස් මහත්මිය යටතේ නිරුපන ක්ෂෙත්‍රයට තමයි මුලින්ම සම්බන්ධ වුනේ.

ඒ ගැන මතකය අවදිකළොත්? 
නිරුපන ක්ෂේත්‍රයට එන්න ලොකු ආසාවක් තිබ්බා. එහෙම ඉන්නකොට ගයේෂා පෙරේරා අක්කිගේ මාර්ගයෙන් තමයි රොසැනා ඩයස් මහත්මියත් සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනේ..

ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද? 
මගේ අම්මා, තාත්තා, අයියා ගොඩාක් උදව් කරනවා. එවගේම මගේ ගුරවරුන්ගෙන් , යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා..

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වෙලා ඉන්නේ. 
ගොඩක් ම වෙළද දැනවීම් තමයි. ඊට අමතරව  මියුසික් විඩියෝ කිහිපකට ටෙලිනාට්‍ය කිහිපයකටත්, එක් චිත්‍රපටයකටත් රංගනයෙන් දායකවෙලා තියෙනවා.

නිරූපණ ශිල්පියෙක් ලෙස ලැබූ පැසසුම් මොනවද? 
නිරුපන ක්ෂේත්‍රයේ තරග සදහා ඉදිරිපත් වෙන්නෙ නම් නෑ. නමුත් මගේ නිරුපන හැකියාව දැකපු අයගෙන් බොහෝ පැසසුම් ලැබිලා තියෙනවා

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවද?
දක්ෂ රංගන ශිිල්පියේ වගේම, වෙළද දැන්වීම් අධ්‍යක්ෂවරයෙක් වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

ෆීල්ඩ් එකේදී චෝදනා එහෙම ඇවිත් නැද්ද? 
අම්මෝ බොරු වෝදනා නම් ඇවිත් තියෙනවා. එ්වා ගනන්ගන්නේ නෑ ඉතිං මං

ෆ්‍රී ටයිම්වල මොකද කරන්නේ. 
ගොඩක් ම ආස ඇවිදින්න තමයි.

නවක නිරූපණ ශිල්පිනියන්ගෙන් මෙන්ම රංගන ශිල්පිනියන්ගෙන් චෝදනාවක් තියෙනවා ක්ෂේත්‍රයේ ඇතැම් නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන්, කැමරාශිල්පීන්ගෙන් අයුතු යෝජනා තියෙනවා කියලා. ඒ ගැන මොකද කියන්නේ. 
ඒක නම් ඇත්ත.. ඒ නිසා තමයි දක්ෂයින්ට තැනක් නැති වෙලා තියෙන්නේ..

කොහොමද මේ ගමන පටන් ගන්නේ...? 
ඇත්තටම මේ ගමන පටන් ගන්නේ මගේ ගෙදර අය නිසා, මොකද එයාලා මගේ ආසාවට ඉඩ දුන්නා.. එවගේ ම උදව් කරා..

පාසල, ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ... 
මගේ ගම රත්නපුර කලවාන, කලවාන ගාමිණි විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදැරුවා.. මගේ පවුලේ අම්මයි , තාත්තයි, අයියයි මමයි.. ගෙදර පොඩ්ඩා මම තමයි ඉතිං..

යමෙකුට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද සම්බන්ධ කර ගන්නේ. 
0717699060/0452255100 යන දුරකථන අංකවලින් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. එවගේ ම Thusith sandaruwan bandara ෆේස්බුක් ගිණුම ඔස්සේ ත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්..


ක්ෂේත්‍රයේ දැනට පැමිණීමට අතදුන් අය ගැන සිහිපත් කළොත්
මගේ පවුලේ අයටත් , මට සහයෝගය දුන් සැමටත් ගොඩක් ස්තුතී..රොබට් මාමා ගොඩක් උදව් කරා මට, ඒ වගේ ම මහේන්ද්‍ර ස(ර්), රොසැනා මිස්, හේමනලින් ස(ර්) මතක් කල යුතුයි.. එවගේ ම Sirasagossip web site එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.. අපි වගේ රංගන ක්ෂෙත්‍රයේ නවකයින්ට අවස්ථාවක් ලබාදීම පිලිබදව, ඒවගේ ම Sirasagossip web site මාව සම්බන්ධ කරපු මගේ හොදම මිතුරියටත් බෙහෙවින් ස්තුතිවන්තවෙනවා..හැමෝටම මං කියන්නේ හැකියාවට තැනක් දෙන්න. එයයි වටිනාකම...















Chat with Thushith Sandaruwan Bandara Chat with Thushith Sandaruwan Bandara Reviewed by Admin on 6:18 AM Rating: 5

No comments:

Powered by Blogger.