Mr Prasad Deshapriya won the first place in Mr Elegant International 2017

Views
යුරෝපීයන් දණගස්වා ලංකාවේ නම එකට ගෙන ආ මාතර කොල්ලා

2017 වර්ෂයේ ලොව හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ සියලු ආසියානු සහ යුරෝපා රටවල් අතරින් මිස්ටර් එලිගන්ට් ඉන්ටර්නැෂනල් 2017 තරගයේ පළමු ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා පසුගියදා සමත් විය. මෙම තරගය පසුගියදා පැවැත්වුණේ ප්‍රංශයේ පැරිස් නුවරදීයි. මෙම තරගය සඳහා යුරෝපීය රටවල් රැසක් සහ ආසියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පමණක් සුදුසුකම් ලබාගෙන තිබුණා. තරගාවලියට සහභාගිවීම සඳහා ප්‍රංශයට ගිය වෛද්‍ය ප්‍රසාද් මහතාට ලැබුණේ ඉහළ පිළිගැනීමක්. තරගය ක්‍රියාත්මක වන කාලය පුරාවට එරට මාධ්‍ය මගින් ඔහු සම්බන්ධයෙන් විශාල ප්‍රචාරණයක් ලැබුණු බවත් යුරෝපීයන් අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ ආකල්පයක් ඇති බවත් වෛද්‍ය ප්‍රසාද් පවසනවා. 
ජයග්‍රහණයෙන් අනතුරුව දිවයින වෙත පැමිණි වෛද්‍ය ප්‍රසාද් මහතා පිළිගැනීම සඳහා සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ගොස් සිටියේ වෛද්‍ය ප්‍රසාද්ගේ මිතුරන් සමග එක්වයි. ප්‍රසාද්ගේ පැමිණිමෙන් පසුව අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි තරගාවලියකින් ජය ලැබීම ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් බවයි. එසේම එවැනි කීර්තියක් අත්කර දුන් වෛද්‍ය ප්‍රසාද් හට සමස්ත ජාතියේම කෘතඥතාවය මෙන්ම තමාගේ කෘතඥතාවය ද හිමිවන බවයි. එසේම මෙය මෙරට සංචාරක ප්‍රවර්ධනය සඳහා මහත් පිටුවහලක් බවද අමාත්‍යවරයා කියා සිටියා. 
මෙවැනි තරගාවලියකදී රාජ්‍ය අනුග්‍රහය ලැබුණු පළමු අවස්ථාවද මෙය වනවා. එයද සුවිශේෂි අවස්ථාවක් බවයි වාර්තා වන්නේ. 
මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ නිරූපණ ශිල්පියෙක් ලෝක තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානයක් හිමි කර ගත්තේ ඉතිහාසයේ පළමු වතාවටයි. 
ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව ප්‍රසාද් කියා සිටියේ මාතර වැනි දුර පළාතකින් කොළඹට පැමිණි මෙවැනි තරගාවලියකට ඉදිරිපත්ව කිරුළ දිනා ගැනීමට හැකිවූයේ තමාටම ආවේනික වූ හැකියාවන් සහ නිහතමානි ගතිගුණ හේතුවෙන් බවයි. එසේම මෙම කිරුළ ලබාගත් අවස්ථාවේදී තමන් මහත්සේ සතුටට පත්වූ බවද වෛද්‍ය ප්‍රසාද් සිරසගොසිප් වෙත කියා සිටියා.





එසේම මෙම තරගාවලිය ජයග්‍රහණය කර යළි මව් රටට පැමිණීමෙන් පසුව තමා සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදුන් සියලුම මාධ්‍ය ආයතනවලටද ඔහු සිය ප්‍රසාදය පළ කර සිටියා. පුවත්පත්, වෙබ් අඩවිය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් තමාට සුබ පැතු සියල්ලන්ටම ස්තුතිය පුද කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එසේම එළැඹෙන වසරේ ජනවාරි මස තවත් තරගාවලියකට සහභාගිවීමට ද ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා.
Mr Prasad Deshapriya won the first place in Mr Elegant International 2017 Mr Prasad Deshapriya won the first place in Mr Elegant International 2017 Reviewed by Admin on 2:55 PM Rating: 5

No comments:

Powered by Blogger.