Chat with Upcoming Actress Wasantha Kumari

Views
මං ගැන ඊර්ෂියා කරන අය මට මඩ ගහනවා



බදුල්ල, ලුණුගල වැනි දුර ප්‍රදේශයකින් කොළඹට පැමිණ ස්වෝත්සාහයෙන් ඉදිරියට යාමට උත්සාහ කරන ද්‍රවිඩ යුවතියකි වසන්තා කුමාරි. ඇය මේ වන විට සිංහල නාට්‍ය කලාවට සම්බන්ධ වී සිටින යුවතියකි. මේ ඇය සමග සිදු කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසුණු ලිපියකි. 

වසන්ති කියන්නේ කවුද?
මගේ නම කන්දසාමි වසන්තා කුමාරි. මගේ ගම බදුල්ල... බදුල්ල කිව්වට ලුණුගල... ලුණුගල කිව්වට ඉතින් ගොඩක් අය දන්නේ නැහැ. ඒක නිසා ඉතින් මං කියන්නේ මම බදුල්ලේ කියලා. 

මේ දවස්වල මොකක්ද මේ එල්ලවෙන මඩ ප්‍රහාරය.
ම්ම්ම්... මඩ ප්‍රහාරයක් එල්ල වෙනවා. මොකද පහුගිය දවස්වල මගේ ආටිකල් එකක් එහෙම  පත්තරවල ගියානේ. ඒ නිසා ඊර්ෂ්‍යා කරන අය ගොඩක් ඉන්නවානේ. මම ගොඩක් දුර පළාතකින් ඇවිත්... අද වන විට මං යම් දුරකට යයි කියලා ඒ ගොල්ලෝ හිතුවේ නෑ. මටම අභියෝග කරපු අය ඉන්නවා... මොකද ඔයාට බැහැ ආටිකල් එකක් දාගන්න, ඉස්සරහට යන්න බෑ... ඕක අතාරින්න කියලා කියපු අය ඉන්නවා. ඉතින් මම ඒ අයට කිව්වේ... නෑ මට පුළුවන්... මම වැරදි කරන්නේ නැත්නම් මට ගමනක් යන්න පුළුවන්. කවුරු මොනදේ කළත් මම ඉස්සරහට යනවා. මඩ ප්‍රහාර එල්ල වෙන්නේ මං ප්‍රසිද්ධ වෙලා කියලාද කියලත් හිතනවා මං. ඒත් ඉතින් මං දන්නේ නෑ මං ප්‍රසිද්ධ ද කියලා. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මඩ ගහන අය කියලා තිබුණා මගේ පොටෝස් හදලා දානවා කියලා. මට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඒ මම නෙවෙයිනේ.

ඒත් ඔබේ නමින්ම ඔබේ ඡායාරූපම යොදාගෙන එවැනි දේවල් කිරීම තුළින් ඔබ යම් අපහසුතාවයකට පත්වෙනවා නේද?
ඔව්... අනිවාර්යයෙන්ම... ඒත් ඒ වෙනුවෙන් කළ යුතු දේ මම කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර අරන් තියෙන්නේ. මට මඩ ගහන අයට ඉදිරියේදී ඒ සඳහා දඬුවම් ලැබෙයි. මොකද අපි කාටවත් බොරු කරන්නේ නැහැ. මගේ දුක්  මහන්සියෙන් තමයි ඉදිරියට යන්නේ. මේ ක්ෂේත්‍රයට ඇවිත් පොඩි කාලයක් වුණාට ගොඩක් අය මාත් එක්ක හැප්පෙනවා. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. මං ටැමිල්නේ... ගොඩක් සිංහල ෆීල්ඞ් එකේ වැඩ කරන නිසාද දන්නේ නැහැ. ගොඩක් සිංහල පිරිමි ළමයිනුත් ගැහැනු ළමයිනුත් ඩිරෙක්ටර්ස්ලාත් ඉන්නවා. එයාලා කියන දේ කළේ නැන්තම් සමහර අය ටිකක් මේවා වෙනවා. එහෙම පොඩි ප්‍රශ්නයකින් තමයි ඔය මඩ පාරක් දාන්නේ මං දන්න තරමින්. 
මේ මඩ ප්‍රහාරයට සම්බන්ධ කවුරුන් කියලද ඔබ හිතන්නේ. 
මං දන්න තරමට මේක පිටුපස කිහිප දෙනෙක් එක්ව කරන වැඩක් මේක. ඒ වගේම මගේ පවුලේ විස්තර දන්න කියන අයත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා හිතෙනවා. සමහර විට ගමේ ම අය වෙන්නත් පුළුවන්. 

මේ දවස්වල රංගන කටයුතු කොහොමද?
මේ දවස් ටිකේ නම් පොඩි පොඩි දේවල් කරනවා. ඩ්‍රාමා තුනක පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. ෆොටෝෂූට් කිහිපයකුත් කළා. 

වසන්තා කියන්නේ මොඩලර් කෙනෙක්ද? නැත්නම් රංගන ශිල්පිනියක්ද?
ම්ම්ම්... ඒ දෙකම... මම රංගන ශිල්පිනියක් විදිහට ඒ දේ කරනවා... අනික මං ගීත ගායනයත් කරනවා. ටැමිල් තමයි සිංග් කරන්නේ. 31ිඑ එකටත් සංගීත කණ්ඩායමක් සමග එක්ව ගීත ගැයීමට ඉන්නවා. කවදාවත් මං මගේ ජීවිතේ එකක් විතරක් කරන්නේ නැහැ. වැඩ දෙක තුනක් මට පුළුවන් කියලා කරගෙන තමයි අඩිය තියලා බලන්නේ. මොකද පොඩි කාලේ ඉඳලා දුක් විඳලා විඳලා ආපු නිසා දුක් විඳලා කට්ට කාලා පුරුදුයි. 

ඒ විදිහට වැඩ  කිහිපයක් කරන්න ගියාම වැඩ අතපසු වෙන්නේ නැත්ද?
මම හැම දේම බැලැන්ස් කර ගන්නවා. මට අද ෂූටින් තියෙනවා නම් අදම පොටෝෂූට් එකක් තියෙනවා නම් ඒ දෙක ඇජස්ට් කරලා බැලැනස් කර ගන්නවා. 
මුලින්ම රංගනයට යොමු වන්නේ කොහොමද?
මුලින්ම කියන්නේ.... මං පොඩි කාලේ ඉඳලම ඡායාරූපයක් දකින කොට පොඩි ආශාවක් තිබුණා. ඊට පස්සේ ගෙදරින් කිව්වා ඒවා හරියන්නේ නැහැ ඉගෙන ගෙන රැකියාවක් කරන්න කියලා. දුක් විඳලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මං නර්සිං ඉගෙන ගත්තා. ඒ ඉන්න අතරේ ඉතින් පොඩි පොඩි උත්සාහ ගත්තා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණය වන්න. ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා එයා කිව්වා මට ෆොටෝෂූට් එකක් කරලා දෙන්නම් කියලා. එයාම ඊට පස්සේ ෆොටෝෂූට් එකක් කරලා දුන්නා. එයා මට ගොඩක් උදව් කළා. ඊට පස්සේ මං ටික ටික ඉස්සරහට ගියා... අදටත් ගැටලුවක් නම් වුණේ නැහැ... ඒ විදිහටම ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.

නිරූපණය සහ රංගනය කියන අංශ දෙක සම්බන්ධයෙන් හැදෑරීමක් කරලා තියෙනවද?
නිරූපණය සහ රංගනය කියන අංශ දෙක ගැන මම ඉගෙන ගෙන නැහැ. මං දෙයක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඒ දේ කරලා බලනවා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මං ඒ දේ කරලා බලනවා. තමුන්ට පුළුවන්. ඉගෙන ගෙන නෙවෙයි දෙයක් කරන්න ඕන... තමුන්ගේ මොලේ පාවිච්චි කරලා දෙයක් කරන්න පුළුවන්. මම හැමදාම එක ඇක්ට් එකක් හරි ඉගෙන ගන්නවා. මම රූපවාහිනිය නරඹමින් සිටින විට යම් අමුතු ආකාරයේ දෙයක් ගියා නම් එය මං කරලා බලනවා. ඇතැම් ඒවා මං ජංගම දුරකථනයේ පටිගත කරගෙන ආයේ ආයේ බල බලා කරලා බලනවා. ඒ විදිහට තමයි මං ටික ටික ඉගෙන ගන්නේ.

ඔබ කියන්නේ මේ ක්ෂේත්‍රයට පැමිණිමට අධ්‍යාපනයක් අවශ්‍ය නැහැ කියලද?
නෑ... අවශ්‍යයි. අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඉගෙන ගන්න ඕනි. නමුත් ඒ ඉගෙන ගන්න අතරතුර අඩුපාඩු ටික තමන්මයි හදා ගන්න ඕන. මගේ අඩුපාඩු ටික මං මයි හදාගන්නේ. මගේ අඩුපාඩු හදාගන්න කවුරුත් මට උදව් කරන්නේ නෑ. මගේ යාළුවෙක් වුණොත් කියලා f දනවා මේ දේ කරන්න කියලා. ඒත් මං ෂූට් එකකට ගියාම කවුරු හරි ඩිරෙක්ටර් කෙනෙක් හරි ඉන්න ජ්‍යෙෂ්ඨ අයෙක් කිව්වොත් ඒ අය කියන දේ පිළිගන්නවා.  මොකද අපේ අඩුපාඩු ටිකනේ එයාලා කියලා දෙන්නේ. ඒ නිසා ඒ ටික පිළිගෙන මං ඒ විදිහටම වැඩ ටික කරලා දෙනවා. 

ලැබෙන සහයෝගය ගැන කතා කළොත්. 
අපිට උදව් කරන ගොඩක් අය ඉන්නවා. ගොඩක් අය බලන්  ඉන්නවා මඩ ගහන්න. සමහරු කියනවා මේක කරන්න එපා... මේක ඔයාට හොඳ නෑ... ඔයා ටැමිල් කෙල්ලෙක්නේ... ටැමිල් කියල එකක් නැහැ... මොකද සිංහල අය විතරයි ඇක්ට් කරන්න ඕන කියලා නැහැ. ටැමිල් කෙනෙක් මොඩලින් කළා කියලා වරදකුත් නැහැ. මොකද ටැමිල් මිනිස්සු ගොඩක් කියන්නේ ඔයා ඕවා කරන්න එපා... ඔයාට ඕවා ගැලපෙන්නේ නැහැ... ඔයා ටැමිල් කෙල්ලෙක්නේ කියලා. ඉතින් මං එයාලාගෙන් අහන්නේ එයාලා හැමෝම උපදින විට ඇඳුම් ඇදගෙනද ඉපදෙන්නේ. නැහැනේ... ඒ නිසා ටැමිල් සිංහල කියලා වෙනසක් නැහැ. තමුන්ට කැමති නම් තමුන්ගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමුන්ගේ කැමැත්තනේ. 
මේ දවස්වල රංගනයේ යෙදෙන නාට්‍ය ගැන කතා කළොත්. 
දැනට දින කිහිපයකට කළින් රූ ගතකිරීම් අවසන් වූ ටෙලි නාට්‍යයකට තමයි මේ දවස්වල රංගනයෙන් දායක වුණේ. තාම නම දන්නේ නැහැ. අනෙක් කාරණය තමයි මම ජනවාරි  මාසයේදී චෙන්නායි යනවා. දෙසැම්බර් මාසයේදී තමයි යන්න තිබුණේ. ඒත් පැවැති කාලගුණ තත්ත්වය නිසා ජනවාරි මාසයට කල් ගියා. දින 10ක් පමණ එහි රූගත කිරීම් තියෙනවා. ඒක දෙමළ ටෙලි නාට්‍යයක්. පොඩි ළමයෙක් විදිහට තමයි මට එහි රංගනයෙන් දායක වෙන්න තියෙන්නේ. 

රංගනයෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
මං බලාපොරොත්තු වෙන්නේ.... මම ගොඩක් දුර පළාතකින් ඇවිත් මම මේ දේ කරගෙන යන්නේ. ගොඩක් කොළඹ සහ ප්‍රසිද්ධ පළාත්වල අය තමයි වැඩි වශයෙන් කටයුතු කරන්නේ. අපේ ගමට මගේ මාර්ගයෙන් හරි නමක් අරන් දෙන්න ඕනි. මං දුප්පත් තැනක ඉඳන් ආපු නිසා දුප්පත් අයට උදව් කරන්න ඕනි. මං තැනකට ආවට පස්සේ ඔවුන්ට උදව් කරන්න ඕනි. මට ලැබෙන දෙයින් කොටසක් දීලා ඉදිරියට යන කෙනෙක් මං. ඒ විදිහට තමයි මං වැඩ කරන්නේ. හැබැයි නරක මාර්ගයෙන් නෙවෙයි හොඳ විදිහට ඉස්සරහට යන්න ඕනි. 

අයුතු යෝජනා එහෙම ඇවිත් තියෙනවාද?
ගොඩක් අය ඉන්නවා... නමුත් මං ඒ කිසිම දේකට එකඟ වෙන්නේ නැහැ. මට අදට කියනවා නම් කියන්න පුළුවන් රංගන ක්ෂේත්‍රයේ මට කියලා තියෙනවා නංගි මට අහවල් දේ දෙනවා නම් අහවල් විදිහට ඉස්සරහට ගෙනියන්නම් මේන් රෝල් එකක් දෙන්නම් කියලා කතා කරලා තියෙනවා. ඒත් මං ඒවට එකඟ වෙන්නේ නැහැ. මං පොඩි පොඩි දේ කරගෙන මගේ දක්ෂතාවලින් ඉස්සරට යන්න කැමති නිසා එයාලට මං  මූණටම කියලා තියෙනවා. ගොඩක් අය කියලා තියෙනවා චිත්‍රපට එහෙම හදාගෙන අන්තිමට මගේ ළඟට තමයි එන්නේ ඔයා මාත් එක්ක ආවොත් තැනක් හදලා දෙන්න පුළුවන් කියලා කියනවා. මට නම් එක්කම කියන්න පුළුවන් වුණත් එහෙම කියන්නේ නැහැ. මොකද එහෙම කියන එක හොඳ නැහැ. අනෙක මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒ විදිහට ඉස්සරහට යන්න. එයාලා කියන විදිහට මේන් රෝල් එකක් ගන්නවත් සෙකන්ඞ් රෝල් එකක් ගන්නවත් අවශ්‍යතාවයක් නැහැ. 

නිදහස් වේලාවල්වල මොකද කරන්නේ. 
මගේ සුපුරුදු නර්සිං ජොබ් එක කරගෙන යනවා. මට නිකන් ඉඳලා පුරුදු නැහැ. මං පොඩි කාලේ ඉඳලා උදේ 4 ඉඳලා රෑ 9 - 10 වෙනකම් වැඩ කරලා තමයි පුරුදු. 

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
ආදරය බොරුවක් කියලා තමයි කියන්න තියෙන්නේ. මගේ පළවෙනි ආදරය නැතිවුණා මට. මං අවංකවම ආදරය කළා. ඒක නැති වුණේ සල්ලි නිසා. මං දුප්පත් නිසා මට සල්ලි නැති නිසා එයා වෙන කෙනෙක් හොයා ගත්තා. හොයාගෙන මට කිව්වා මට සල්ලි තියෙන කෙල්ලෙක් හම්බ වුණා මට ඔයා එපා... ඔයා බැන්දොත් මට හැමදේම කරන්න වෙනවානේ.. කියලා. ඉතින් මං සතුටින් කිව්වා  ඔයා ගිහින් විවාහ වෙලා සතුටින් ජීවත් වෙන්න කියලා. මොකද මං එයාට වෛර කරන්න ගියේ නැත්තේ මම ආදරය කළ නිසා. එයා විවාහ වෙලා දැනට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එයා ආදරය කළාද නැත්ද කියන එක  අන්තිමට තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකෙන් පස්සේ මං ආදරය ගැන හිතන්නේ නැහැ. කාටවත් ආදරය කරන්න යන්නෙත් නෑ. එහෙම ආදරයක් ඇති වන්නෙත් නැහැ. 

දැනට පෙම්වතියක්ද?
ම්ම්ම්ම... දැනට කියන්න බැහැ... ඉදිරියට කොහොම වෙයිද කියන්න දන්නේ නෑ. 
යම් දවසක මං විවාහ වෙනවා නම් මං වගේම දුක් විඳපු කෙනෙක් තමයි මැරි කරන්නේ. 

රංගනයේදී දකින්න අකමැතිම දේ මොකක්ද?
ආදරය පැත්තෙන් දෙයක් කියනවා නම් මං අකමැතියි ඒවාට.

මෙතෙක් කල් උදව් කරපු අය ගැන මතක් කළොත්. 
මගේ පළමු ෆොටෝෂූට් එක කරලා දුන්නේ මගේ යාළුවෙක්. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. රංගනය පැත්තෙන් මට මුලින්ම උදව් කළේ මල්ලි කෙනෙක්. එයාටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම අදටත් මට ගොඩක් කියලා දෙන අය ඉන්නවා. එයාලා හැමෝටම මං ස්තුතියි කියනවා. ඒ වගේම මං ගැන මඩ ප්‍රචාර ගෙන යන අයටත් මං ස්තුතියි කියනවා. මං යම් තැනක ඉන්න නිසා වෙන්න ඇති ම ටමඩ ගහන්නේ. නැත්නම් හැමෝටම මඩ ගහන්න තිබුණානේ. මං යම් තැනක ඉන්න නිසානේ ඒ වගේ ජරා වැඩ කරන්නේ. ඒක නිසා එයාලටත් ස්තුතියි කියනවා  මම. 










Chat with Upcoming Actress Wasantha Kumari Chat with Upcoming Actress Wasantha Kumari Reviewed by Admin on 7:34 PM Rating: 5

No comments:

Powered by Blogger.