Chat with upcoming actress singer and modeler Nirosha Sandamali

Views
"හිත පිරෙන්න හිනාවෙන්න" තුළින් ඔබ අමතන නිරෝෂා



රංගනය, ගායනය සහ නිරූපණය කියන අංශ තුනෙන් දක්ෂතා දක්වන නවක ශිල්පිනියකි නිරෝෂා සඳමාලි. අද සිරසගොසිප් කතා බහට එක් කර ගත්තේ ඇයයි. මේ නිරෝෂා සමග සිරසගොසිප් සිදු කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි. 

නිරෝෂා කියන්නේ කවුද?
මගේ නම නිරෝෂා සඳමාලි... මගේ ගම පොළොන්නරුව... දැන් මට අවුරුදු 24ක් වෙනවා. මේ වන විට රංගන කටයුතුවලට යෙදමින් සිටිනවා. 

පොළොන්නරුව වැනි ප්‍රදේශයකින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ කෙසේද?
පොළොන්නරුව කියන්නේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්... ඉතින් එවැනි ප්‍රදේශයක සිටි මට මේවගේ ගමනක් යන්න මට මුළින්ම අවස්ථාවක් උදාකරලා දුන්නේ රසික තොන්නකෝන් අයියා... ඔහු මාර්ගයෙන් තමයි මම මේ ක්ෂේත්‍රය සම්බන්ධ වෙන්නේ... ඒ හරහා මම මේ ක්ෂේත්‍රයේ පිරිසක් දැන හඳුනගෙන මේ වන විට නවක රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් සිටිනවා.  

පොඩි කාලේ ඉඳන්ම බලාපොරොත්තුවක් තිබුණද රංගන ශිල්පිනියක් වෙනවා කියලා. 
ඔව්... ඇත්තටම පොඩි කාලේ ඉඳලම මම ආසාවෙන් හිටියා කවදා හරි රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් වෙනවා කියන  එක. මේ වන විට ගායනය පැත්තෙන් නම් මගේ හීනය සැබෑ වෙලා තියෙනවා. රංගනය පැත්තෙනුත් දැන් සිහිනය සැබෑ වෙමින් පවතිනවා කියලා කියන්න පුළුවන්.

ගායනය පැත්තෙන් සැබෑ වූ ඒ හීනය ගැන දැනගන්න කැමැතියි. 
මගේම ගීතයක් මම වීඩියෝ එකක් සමගම නිකුත් කරලා තියෙනවා. මේ ගීතය කර ගන්න මට උදව් කළේ සජීව සංකල්ප අයියා. මේ ගීතයේ වීඩියෝකරණය, පද, සංගීතය ඇතුළු සියලුම දේ කළේ සජීව අයියා. විශේෂයෙන් එයාට ස්තුතිවන්ත වෙන්න ඕනි මට මේ වගේ ගමනක් යන්න හදලා දුන්නට. 

ඒ ගීතය ගැන විස්තර ටිකක් කියමුද?
ඒ ගීතයේ නම "හිත පිරෙන්න හිනා වෙන්න" කියලා.. මේ වනවිට එය යූටියුබ් වෙත එක් කර තිබෙනවා. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයන්ට දැකබලාගන්න පුළුවන්. 

ඔබ ක්ෂේත්‍රයට මුළින්ම යොමු වන්නේ රංගනයටද ගායනයටද නැත්නම් නිරූපණ ශිල්පිනියක් ලෙසටද?
මම  මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ රංගනය හරහා... ඊට පස්සේ ගායනයට යොමු වෙනවා. අන්තිමට තමයි නිරූපණයට යොමු වෙන්නේ. 

ක්ෂේත්‍රයේ ඔබ මුහුණදුන් අභියෝග මොනවද?
ඇත්තටම මට අභියෝගවලට මුහුණ දෙන්න තවම නම් සිදුවෙලා නැහැ. මම වැනිම ආධුනික අයගෙන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ අයගෙන් මට ගොඩක් උදව් උපකාර ලැබුණා. ප්‍රවීන අය මගේ රංගන කටයුතුවලදී මම නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා. ඉතින් එයාලාගෙන් හොඳ දේවල් මිසක් අභියෝග නම් එල්ල වෙලා නැහැ. ඒත් ඉතින් ඉදිරියේදී මොන තත්ත්වයක් වෙයිද කියලා දන්නේ නැහැ. බලමු ඉස්සරහට....

දැනට රංගනයෙන් දායක වී ඇති දේවල් ගැන කතා කළොත්. 
මම ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම සිනමා ශාලාවල ප්‍රදර්ශනය වීමට ඇති චිත්‍රපට කිහිපයකත් අතුරු චරිතවලට පෙනී සිටලා තියෙනවා. ඒ හරහා තමයි රංගනය අරඹන්නේ. ඒ වගේම මියුසික් වීඩියෝස්වලට රංගනයෙන් දායක වෙලො තියෙනවා... ඉතින් ඒ වගේ හොඳ දේවල් තෝරා බේරාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. 

රංගනයේදී ඔබ ප්‍රධාන චරිත රඟපාලා තියෙනවාද?
ඇත්තටම මම නවක ශිල්පිනියක් විදිහට තවම ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඒත් මියුසික් වීඩියෝස්වල නම් ගොඩක් දුරට පෙනී සිටලා තියෙනවා. ටෙලි නාට්‍යවලත් ඉතින් ලොකු චරිතවලට යන්න තාම අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද පොඩි තැනින් පටන් අරන්නේ ස්ථාවර ගමනක් යන්න ඕන. 

මේ දවස්වල රංගන කටයුතු කොහොමද?
මේ දවස්වල.... ම්ම්ම්... මේ දවස්වල ඉතින් මං පොඩි පොඩි දේවල්වලට රංගනයෙන් දායක වෙනවා... ඒත් ඊට වඩා වැඩි තැනක් ගායනය පැත්තට දීලා තියෙනවා. 

රංගනය අතහැරද මේ ගායනය  පැත්තට යොමු වන්නේ...
නෑ... නෑ... රංගනය අතහැරලා නෙවෙයි. හොඳ නිර්මාණ හමු වුණොත් ඊට සහභාගි වෙනවා. මේ වන විට ත් හොඳ නිර්මාණ ලැබිලා තියෙනවා. ඒවා ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. හොඳ වැඩ ලැබුණොත් අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. 

ගීතය ගායනය පැත්තෙන් මොකද වෙන්නේ.
ඉදිරියේදී පැවැත්වෙන සංදර්ශන කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒවාට අවශ්‍ය ගීත මේ වන විට පුහුණ වෙමින් සිටිනවා. 

ගායනය, රංගනය අමතරව ඔබ නිරූපණයේ නියැලෙනවා. කොහොමද ඒ වැඩකටයුතු.
මේ වන විට මම නිරූපණය පැත්තෙන් හොඳ වැඩ ටිකක් කරලා තියෙනවා. ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ආයතනයක් සමග හොඳ පොටෝෂූට් කිහිපයක් කරලා තියෙනවා. 

නිරූපණයේදී හෝ රංගනයේදී ඔබට බලපෑම් එල්ලවෙලා තිබේද?
නැහැ. කිසිම බලපෑමක් එල්ල වෙලා නැහැ. 

මේ  ගමනට ලැබෙන සහය ගැන කතා කළොත්....
අම්මා තාත්තාගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ... ඊට පස්සේ මට මුලින්ම සහයෝගය දුන්න රසික තෙන්නකෝන් අයියාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම වැඩකට ගියාම ඒ අධ්‍යක්ෂවරුන්ගෙන්, කැමරාමන්ලාගෙන්, ඇසිස්ටන්ට්ලාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් අම්මා තාත්තාගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. 

නිරූපිකාවක් වුණාම කොටට ඇඳිය යුතුයි කියලා ඔබ සිතනවාද?
එහෙම විශේෂත්වයක් නැහැ. කොටට ඇන්දත් නැතැත් නිරූපිකාවකට ලැබෙන්න ඕන තැන ලැබෙනවා. ඒක කොටට අඳින්න් ඕන කියන එක විශේෂත්වයක් නැහැ. 

ඔබ පොටෝෂූට් එකකට පොරොන්දු වූ ඇඳුම් වෙනුවට වෙනත් ඔබ අකමැති ඇඳුමකින් කරන්න සිදුවහොත් ගන්නා තීරණය කුමක්ද?
එවැනි අවස්ථාවකදී මං ඒ දේට මුහුණ දෙන්නේ නෑ. ඒ වැඩේ වුණත් නැතත් මං ඒ වගේ දේවල්වලට පෙනී සිටින්නේ නැහැ. 

නිරූපණයේදී ඇඳුම් දිග කොට වීම සම්බන්ධයෙන් ඔබේ සීමාවක් තිබේද?
එහෙම විශේෂත්වයක් නැහැ... මට ගැලපෙන විදිහට තමයි මම ඇඳුම තෝරාගන්නේ. අනවශ්‍ය බලපෑමක් කළොත් මම ඒ සම්බන්ධයෙන් එතරම් සලකන්නේ නැහැ. අතහැර දානවා. මොකද  මම කැමැති නැහැ නිරූපිකාවක් කියන කෙනා ඇඳුමින් මනිනවාට. ඒ වගේම මං ගොඩාක්ම කොටට අඳින ෂූට් කරන්නෙ නැහැ. 

ඇඟ පෙනනෙන අයුරින් ඇඳුම් ඇඳලා පොටෝෂූට් කරලා දාලා ඇඟ පෙන්වලා ජනප්‍රිය වෙනෙවා කියලා මතකයක් තියෙනවානේ. ඔබ ඊට එකඟ වනවාද?
නැහැ... මම ඊට කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. මොඩල් කෙනෙක් කියන්නේ අද ඇවිත් කොටට ඇඳුමක් ඇදලා පොටෝ එකක් දැම්මා කියලා මොඩල් කෙනෙක් වෙන්නේ නැහැ. ලංකාවේ හොඳම මොඩල්ස්ලා ඉන්නවා. එයාලාට හිමි විය යුතු තැන හිමි වෙලා තියෙනවා. කොටට ඇඳුමක් ඇඳලා පොටෝ එකක් දැම්මා කියලා එයා මොඩල් කෙනෙක් වෙන්නෙත් නැහැ මං ඒ දේ අනුමත කරන්නෙත් නැහැ. 

ඔයාගේ මේ ගමන යද්දි කකුලෙන් අදින අයට මොකද කියන්නේ....
කකුලෙන් ඇද්දිට ඉතින් වැඩක් නැහැ... මොන කම්කටොලු බාධක ආවත් අඩිය තියන කෙනා ඉස්සරහට යනවා. දෙපැත්තෙන් කැපිලිකෙටිලි එන එක සාමාන්‍ය දෙයක්. ඒවා දිහා බලන්නේ නැතිව කෙළින්ම බලාගෙන යද්දි අපිට අපේ ගමන යන්න පුළුවන් කියලා කියනවා. 

ඉදිරියේදී අපට මොන වගේ දේවල්වලින්ද දැකගන්න පුළුවන්. 
විශේෂයෙන්ම රංගනයෙන් සහ ගීත ගායනයෙන් තමයි ඉදිරියේදී වැඩි වශයෙන් දැකගන්න පුළුවන් වෙන්නේ. එයිනුත් ගීත ගායනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. 

ඒ කියන්නේ නිරූපණයෙන් ඉවත්වීමටද සූදානම්...?
නෑ... නෑ... හොඳ දේවල් හමු වුණොත් කරනවා. තෝරා බේරාගෙන තමයි නිරූපණය කරන්නේ... මම නිරූපණය පැත්තෙන් පන්නන්නේ නැහැ. මගේ වෘත්තිය රංගනය සහ ගායනය තමයි. 

ඔබේ බලාපොරොත්තුව මොන වගේ වෘත්තිය කරන්නද?
මං වෘත්තීය රංගනය ශිල්පිනියක් මෙන්ම ගායන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව.

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
ආදරය සුන්දරයි... විඳින්න ඕන අය විඳිනවා. විඳවන්න ඕන අය විඳවනවා. එහෙම තමයි ඉතින් ආදරය.

ඔබ අයත් වන්නේ ඔය දෙකෙන් කුමන අංශයටද?
ආදරය විඳින්නෙත් නැහැ... විඳවන්නෙත් නැහැ... දෙකම සමසේ යනවා ඉතින්.

දැනට ආදරවන්තියක්ද?
දැනට නැහැ... ඉදිරියට ආදරවන්තියක් වෙයි. 

ඔයාට ගැලපෙන්නේ මොන වගේ ආදරවන්තයෙක්ද?
මූලිකවම මාව තේරුම් ගන්න ඕන... ඒ වගේම මාව තේරුම් අරන්  මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතිව අද ඇවිත් මගින් හැරිලා යන කෙනෙක් තෝරාගන්න මං කැමැති නැහැ. එවැනි මගින් හැරෙන කෙනෙක් කවදාවත් මගේ ජීවිතේට ළංකර ගන්නේ නැහැ. 

ගම සහ පාසල ගැන විස්තර ටිකක් කියමුද?
මගේ ගම පොළොන්නරුව, ගිරිතලේ. සාමන්‍ය පෙළ දක්වා මම පාසල් ගියේ පොළොන්නරුව ඉරහඳ කෙටූ මහා විද්‍යාලය. ඒ වගේම මගේ පවුලේ අම්මා, තාත්තා, අයියා, අක්කා සහ නංගියෙක් ඉන්නවා. 

පෞද්ගලික ජීවිතයේ ලොකු බලාපොරොත්තුව මොකක්ද?
ඕනෑම ගැහැනු ළමයකුට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි හොඳ බිරිඳක් හොඳ අම්මා කෙනෙක් වෙන එක. ඉතින්  මගෙත් ලොකුම බලාපොරොත්තුව ඒක තමයි. දැනට ඉතින් සාමාන්‍ය විදිහට අම්මා තාත්තා ළඟ ඉන්නවා. 

ඔබ යම් ප්‍රසංගයකට හෝ රංගනයකට හෝ කිසියම් කලා කටයුත්තකට සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද?
මගේ දුරකථන අංක වන 0714799450 කියන අංකයට කතා කළාම මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 

අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ. 
මුලින්ම මාව මේ තත්ත්වයට ගෙන ආ මගේ දෙමාපියන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයට එන්න පාර හදලා දුන්න රසික තෙන්නකෝන් අයියාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ සිටි මට ගුරුහරුකම් ලබාදුන් සහ උදව් උපකාර කරන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් හොඳ දේවල් තුළින් ඔබ සැම හමුවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

නිරෝෂාගේ ගීතය පහතින් නරඹන්න. 


සිරසගොසිප් සඳහාම නිරෝෂා සඳමාලි කළ අලුත්ම ඡායාරූප එකතුව පහතින් නරඹන්න. 



Chat with upcoming actress singer and modeler Nirosha Sandamali Chat with upcoming actress singer and modeler Nirosha Sandamali Reviewed by Admin on 1:07 PM Rating: 5

No comments:

Powered by Blogger.