Chat with Pradeep Gunawardane

Views
අහම්බෙන් මියුසික් වීඩියෝවල රංගනයට ඇවිත් ලොකු ගමනක් යන්න සූදානම්වන ප්‍රදීප්



අධ්‍යාපන කටයුතු කරන අතරතුර අහම්බෙන් වගේ මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වෙලා මේ වන විට දීර්ඝ ගමනක් යාමට අඩිතාලම දමාගනිමින් සිටින තරුණයෙකි ප්‍රදීප් ගුණවර්ධන. මේ ප්‍රදීප් සමග සිරසගොසිප් සිදු කළ සංවාදය ඇසුරෙන් සැකසී ලිපියකි. 

ප්‍රදීප්... කොහොමද ජීවිතේ
හොඳයි වෙනදා වගේම ගෙවිලා යනවා. 

මේ දවස්වල මොකද කරන්නේ. 
අධ්‍යාපන කටයුතුවල නිරත වෙන ගමන්ම මියුසික් වීඩියෝස්වල රංගනයටත් දායක වෙලා ඉන්නවා. 

අලුතින්ම දකින්න පුළුවන් මොන වගේ මියුසික් වීඩියෝස්වලදීද?
ඩිල්ෂාන් අයියා අධ්‍යක්ෂණය කරන ලද මියුසික් වීඩියෝ එකක්, තව ඉඳුනිල් අයියා අධ්‍යක්ෂණ කරපු මියුසික් වීඩියෝ එකක් රිලීස් වෙන්න තියෙනවා.... ඒ වගේම ලක්මාල් අයියාගේ වැඩ කිහිපයකටත් දායක වුණා. ගොඩක් ඒව රිලිස් වෙලා තියෙන්නේ. ඒ වගේම තීක්ෂණ අනුරාධගේ අලුත් ගීතයේ මියුසික් වීඩියෝවටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. 

කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වන්නේ. 
මුලින්ම මට අවස්ථාවක් ලැබුණේ අහම්බෙන් වගේ. චාමු ශ්‍රී අයියා කරපු තීක්ෂණ අනුරාධ අයියාගේ ගීතයකට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඒක අහම්බෙන් සිදු වුණු දෙයක්. 

රංගනයට එද්දි මොන වගේ තැනකද ඔබ සිටියේ. 
මට රංගනය ගැන පළපුරුද්දක් තිබුණේ නෑ. අඩුම ගානේ මම පාසල් යන කාලෙවත් රංගනය කියන දේ හදාරලා තිබුණේ නෑ. ආශාවක් විතරයි තිබුණේ කොහොම හරි රංගනයට එකතු වෙනවා කියලා. ඉතින් ඒ ආශාවක් එක්ක ගිහින් තමයි අද මේ තත්ත්වයට ආවේ. ගොඩක් හොඳ මිතුරන් ඇසුරු කරන්න අඳුනගන්න පුළුවන් වුණා. ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබාගන්න පුළුවන් වුණා. ලංකාවේ මියුසික් වීඩියෝ ගැන පළපුරුද්ද තියෙන විද්වත් අයගේ උදව් උපකාර ලැබුණා, ගනුදෙනු කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක තමයි මම ලැබූ ලොකුම අත්දැකීම. 

ඔයාගේ වැඩවලට ගෙදරින් සහ මිතුරන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් නම් මට ගොඩක් සහයෝගයක් ලැබෙනවා. අම්මා, තාත්තා ගොඩක් උදව් කරනවා. මම තාම අලුත් මේ ක්ෂේත්‍රයට. විශේෂයෙන් මතක් කරන්න ඕනි මට මුලින්ම අවස්ථාව දුන්න චාමූ ශ්‍රී අයියව ඊට පස්සේ ඩිල්ෂාන් අයියා, ඉඳුනිල් අයියා, රවිඳු අයියා, රොෂාන් අයියා, බුද්ධික අයියා, කවිඳු අයියා සහ සුලෝචනා නංගි යන මේ අය තමයි මේ වනතෙක් කරපු වැඩවලදී මට තැනක් හදාගන්න උදව් කළේ. ඒ අය ගොඩක් මට උදව් කළා. ඒ අය විශේෂයෙන් මතක් කරන්න ඕනි. යාළුවන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. 

මියුසික් වීඩියෝස්වලට විතරද රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙන්නේ.
මම හඳයා ටෙලි නාට්‍යයේ සුළු සුළු කොටස්වලට දායක වෙලා ඉන්නවා. අධ්‍යාපන කටයුතුත් එක්ක මියුසික් වීඩියෝස්වලට තමයි වැඩි දායකත්වයක් දක්වන්නේ. ඉදිරියේදී රංගනය ගැන හදාරලා ටෙලිනාට්‍ය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. 

ඔයාගේ රංගනය ගැන බලන අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොද ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම මගේ වැරදි අඩුපාඩු පෙන්වලා  දෙනවා. ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි මම උත්සාහ කරන්නේ. මොකද මම තවම මේ ක්ෂේත්‍රයට නවකයෙක්... පළපුරුද්ද අඩුයි... හොඳ නරක පෙන්වල දුන්නම ඒ දේවල් හදාගන්න මම හරි කැමැතියි. එම නිසා මගේ හොඳ  වගේම වැරදි අඩුපාඩු පෙන්වලා දෙනවා නම් මං කැමැතියි. 

මියුසික් වීඩියෝස්වලට අඩනිරුවත යොදා ගැනීම ගැන මොකද හිතන්නේ.
අලුත් අලුත් වීඩියෝ කරන විට විවිධාකාර දේවල් එකතු වෙනවා. මම හිතන්නේ නෑ වීඩියෝවකට අඩනිරුවත ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යයි කියලා. මොකද එතකොට වීඩියෝ එක තමයි ගොඩක් හයිලයිට් වෙන්නේ. ගායකයා කියන දේ හයිලයිට් වෙන්න නම් ගායකයාගේ හොඳ ගායනයක් තියෙනවා නම් හොඳ නිර්මාණයක් නම් ඒ නිර්මාණයට සතුටුදායක වන විදිහේ වීඩියෝවක් නිර්මාණය කිරීම ඩිරෙක්ටර් කෙනෙක්ගේ වගකීමක්. අඩනිරුවත හෝ නිරුවත ප්‍රදර්ශනය කරන එකට නම් මම වැඩි කැමැත්තක් නෑ. 

ක්ෂේත්‍රයේ චෝදනාවලට ලක්වෙලා නැද්ද?
තාම මං අලුත්... තාම නම් චෝදනාවලට ලක්වෙලා නැහැ. හැමෝම උදව් කරනවා. එහෙම විශේෂයෙන් කියලා චෝදනාවලට ලක්වෙලා නැහැ තාම.

නිදහසේ ඉදිද්දි  මොකද කරන්නේ. 
ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා තමයි ඉන්නේ. මොකද මගේ බී.ඒ. එක සම්පූර්ණ කරන්න ඕන. ඒක නිසා ඒ පැත්තට තමයි වැඩි වශයෙන් යොමු වෙලා ඉන්නේ. ඒ වගේම රංගනය ගැන අධ්‍යයනය කිරීමට යොමු වෙලා ඉන්නවා. වැඩිපුර ෆිල්ම් බලනවා. 

අධ්‍යාපනය ගැන කතා කළොත්.
මම දැනට කුරුණෑගල ආයුර්වේද විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පාඨමාලාව හදාරනවා. 

රටට, ජාතියට, ආගමට හෝ පුද්ගල  චරිතයකට හානියක් වන ආකාරයේ රංගනයකට ඔබට ආරාධනාවක් ලැබුණොත් මොකද කරන්නේ. 
කිසිසේත්ම භාර ගන්නේ නෑ. ඒ වගේ දේවල් කොහොමටමත් කරන්නේ නෑ. අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. 

ප්‍රදීප් පෙම්වතෙක්ද?
තවම පෙම්වතෙක් නම් නෙවෙයි... ඒත් ආදරයක් නම් හිතේ තියෙනවා... තාම ඒක සිදුවෙයිද නැද්ද කියන එක කියන්න බෑ. 

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
ආදරය කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්... හොඳයි සතුටුයි... කෙනෙක්ට ආදරය ලැබුණම හොඳ දේවල් වගේම නරක දේවලුත් වෙන්න පුළුවන්... හොඳ විදිහට ආදරය යොදා ගන්නවා නම් හොඳයි. 

ගම් පළාත, පාසල සහ පවුලේ අය ගැන විස්තර ටිකක් කියමුද?
මගේ ගම කුරුණෑගල, මම පාසල් ගියේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට. පවුලේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නෙක් සහ මල්ලියෙක් ඉන්නවා. 

යම් රංගන කටයුත්තකට ඔබ සම්බන්ධ කර ගැනීමට යම් අයෙක්ට අවශ්‍ය වුවහොත් කොහොමද සම්බන්ධ කර ගන්නේ. 
මගේ ජංගම දුරකථන අංකය 0714380984 කියන අංකය හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන් වගේම මාගේ ෆේස්බුක් ගිණුම හරහාත් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 

මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වූ මුල්ම විෂුවල් එක දැක්කට පස්සේ තාත්තා සහ අම්මා මොකද කිව්වේ. 
අම්මයි තාත්තායි දෙන්නම සතුටු වුණා. අම්මා නම් හිතුවේ නෑ මට හැකියාවක් ඇති කියලා. මොකද මං රංගනය ගැන හැදෑරීමක් කරලා නැති නිසා. ඒ වගේම දෙන්නම කිව්වේ ඉතින් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගෙන වැඩ ටික කරගෙන යන්න කියලා. 









Chat with Pradeep Gunawardane Chat with Pradeep Gunawardane Reviewed by Admin on 2:34 PM Rating: 5

No comments:

Powered by Blogger.