Hai Baby Hai Actress Thishee get married

Views
"හායි බේබි හායි" පුංචි කෙල්ල යුග දිවියට

හායි බේබි හායි, කවුද බොලේ ඇලිස්, හිතහොඳ පිස්සෝ, යෙහෙළි, අන්ඩ(ර්)ව(ර්)ල්ඩ් වැනි චිත්‍රපටවලින් ඔබ හමුවට පැමිණි මේ පුංචි කෙල්ල ඔබට මතකද? 


හායි බේබි හායි චිත්‍රපටයේ සිඟිති සහ මල්ලිකා ලෙස ද්විත්ව චරිත නිරූපණය කළ පුංචි කෙල්ල ඔබට මතක ඇති. නමින් ඇය තිශී... මේ වන විට ඇය හැඩකාර යුවතියක්... මේ හැඩකාර යුවතිය පසුගියදා තරුණියකගේ මහත් බලාපොරොත්තුවක් වන සුන්දර මනාලියක් වීමේ සුබ සිහිනය සැබෑ කරගනු ලැබුවා. ඇයගේ අතගත් වාසනාවන්තයා වන්නේ "කවුරුන්දෝ" කියන ගීතයෙන් රසික හදවත්වලට කතා කරන ලලින්ද්‍ර... ලලින්ද්‍ර හලන්ගොඩ. ඉතින් සිරසගොසිප් අපි තිශිට කතා කළා... මොකද මේ දවස්වල වෙන්නේ කියලා අහන්න සහ තිශීට සුබ මංගලම් කියලා සුබ පතන්න. ඒ වෙලාවේ තිශී අපිට මෙන්න මෙලෙස පැවසුවා. 
...ම්ම්ම්.. පසුගිය මාසේ මම විවාහ වුණා. ඒ වගේම මේ දවස්වල ඉතින් හස්බන්ඩ්ගේ ගීතයේ රූප රචනය සිදු කරමින් පවතිනවා. එහි රූගත කිරීම් ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිතයි. ඉතින් ඒකට මේ දවස්වල ගොඩක් කාලය ගත කරනවා. එහි රූගත කිරීම් හික්කඩුව ප්‍රදේශයේ තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හස්බන්ඩ් සංගීතය වගේම නිරූපණ ක්ෂේත්‍රයෙත් නියැලෙනවා. ඒ වගේම ඔක්තෝබර් මාසේ දෙවැනිදා අපි දෙන්නගේ අලුත්ම ව්‍යාපාරික ස්ථානය... එහෙම නැත්නම් අපේ සැලෝන් එක ඕපන් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔහොම තමයි ඉතින් කාලය ගත වෙන්නේ. ඒ වගේම මං රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය වන සංගිලි ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. 
තිශී අපිත් එක්ක කිව්වේ ඔය විදිහට. 
පසුගියදා යුගදිවයට පත් තිශීට සහ ලලින්ද්‍රට සුබ මංගල්‍යයක් වේවා කියලා සිරසගොසිප් අපිත් සුබ ප්‍රාර්ථනා කරනවා.

තිශී සහ ලලින්ද්‍රගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප එකතුව පහතින් නරඹන්න. 


Hai Baby Hai Actress Thishee get married Hai Baby Hai Actress Thishee get married Reviewed by Admin on 5:34 PM Rating: 5

No comments:

Powered by Blogger.