Blockbuster Action Movie Muhurath Ceremony

Views
අගනගරයේ ප්‍රචණ්ඩත්වය මට්ටු කරන හැටි කියන බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ වැඩ ඇරඹේ



අගනගරයේ ප්‍රචණ්ඩත්වය පතුරවමින් මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී වැඩකරමින් සාමාන්‍ය ජනතාව භීතියට පත් කරන පාතාලයට සම්බන්ධ මැර කල්ලියක් හා ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දමා නීතිය ආරක්ෂා කිරීමට සපථ කෙරූ සහකාර පොලිස් අධිකාරීවරයෙකු වටා ගෙතුණු බ්ලොක්බස්ටර් (Blockbuster) චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. 
බ්ලොක්බස්ටර් චිත්‍රපටය සුජාත පුත්‍ර චිත්‍රපටය තිරයට ගෙන ආ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි මහතාගේ අධ්‍යක්ෂණයක් වනවා. ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, අමිල කරුණානායක, ඉන්දීය නිළි රිතිකා ගුලාටි, කුමාර රණපුර මෙහි රංගනයෙන් දායක වන රංගන ශිල්පීන්ගෙන් පිරිසක්. මේ සඳහා රංගනයෙන් දායක වන තවත් රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් වන්නේ ශිරාණි කෞෂල්‍යා, ඩයනා කේ. හෙට්ටිආරච්චි, ශ්‍රීමාලි ෆොන්සේකා, ඩී.බී. ගංගොඩතැන්න, ෂෙනායා ඩැනියෙල් ඇතුළු පිරිසයි. 
කැමරාකරණය නිර්මාල් රාජපක්ෂ, සහය අධ්‍යක්ෂණය තරිඳු ඉලංකෝන් සහ නිෂ්පාදන කළමනාකරණය අශෝක ජයවර්ධනගෙනි. මෙහි සටහන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ කුමාර රණපුරයි. සුජිත් ලක්මාල් වීරසිංහ කලා අධ්‍යක්ෂණයෙන්ද මෙරට ජනප්‍රිය ගායන ශිල්පී දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් සංගීත අධ්‍යක්ෂණයෙන් බ්ලොක්බස්ටර් චිත්‍රපටයට සම්බන්ධ වේ. ඩ්‍රීම්වර්ක් මීඩියා සොලූෂන් ඉදිරිපත් කිරීමක් වන මෙම චිත්‍රපටය එල්.එම්.එන්. හෝල්ඩිංග්ස් ආයතනයේ නිෂ්පාදනයකි. 
මුහුරත් උළෙලට එක්වෙමින් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශ්‍රිපාලි හෙට්ටිආරච්චි කියා සිටියේ මෙය මෙතෙක් තමා නිෂ්පාදනය කරන ලද චිත්‍රපටවලට හාත්පසින්ම වෙනස් වූ කතා තේමාවක් රැගත් නවතම ක්‍රියාදාම චිත්‍රපටයක් වන බවත් එය ලංකාවේ චිත්‍රපට අතර අලුත්ම ආකාරයේ එකක් වනු ඇති බවත්ය. එසේම මෙම චිත්‍රපටය සඳහා මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය නියෝජනය කරන නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් යොදා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 
එසේම සැප්තැම්බර් මස දෙවන සතියේදී මෙහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිත බවයි සිරසගොසිප් වෙත වාර්තා වන්නේ. මෙම චිත්‍රපටය ඉදිරි මාස 6ක කාලක් තුළ ප්‍රේක්ෂයන්ට දැකගැනීමට හැකියා වනු ඇති බවටද චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි මහතා මුහුරත් උළලේදී කියා සිටියා. 



Blockbuster Action Movie Muhurath Ceremony Blockbuster Action Movie Muhurath Ceremony Reviewed by Admin on 3:18 PM Rating: 5

No comments:

Powered by Blogger.