Upcoming Chat with Shalani Madusha

Views
කවුරු කොහොම මඩ ගැහුවත් සැලෙන්නේ නෑ - මට හරිය කියල හිතෙන ඕනම දෙයක් මං කරනවා 


සිරසගොසිප් Upcoming Chat යටතේ අපි මෙවර කතා බහට එක් කර ගත්තේ නිරූපණයට මෙන්ම රංගනයට ඇල්මක් දක්වන යුවතියක් වන ශලනි මධුෂායි. මේ ඇය සමග කළ සාකච්ඡාවයි. 

ශලනි කියන්නේ කවුද?

මම ශලනි මධුෂා. මගේ වයස අවුරුදු 18යි. මම දැනට නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙනවා. මගේ ගම ගාල්ල. ඉතින් මම සතුටින් වැඩකටයුතු කරගෙන ඉන්නවා. 

ශලනි කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. 
ඇත්තටම මම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ වයස අවුරුදු 16දී. ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රය කියන්නෙ ගොඩක් ඉගෙන ගන්න ඕන දෙයක්. ම්ම්ම්... නිරූපණ ක්ෂේත්‍රයට එන්න පොඩි කාලේ ඉඳලම බලාපොරොත්තුවක් තිබුණා. ඒත් හිතුවේ නෑ දැන් ඉන්න තැනට එයි කියලා. ඉතින් මට මේ ක්ෂේත්‍රය ගැන කියලදීලා මේ ක්ෂේත්‍රයට එන්න මුලින්ම උදව් කළේ උදිත කියල අයියා කෙනෙක්. එයා තමයි මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නේ. 

ඔබ දැනට නිරූපණයේ පමණක්ද නිරත වන්නේ... නැත්නම් රංගන කටයුතුවලට යොමු වන්න අදහසක් නැද්ද? 
නිරූපණ ශිල්පිනියක් ලෙසටම පමණක් ඒ දේ විතරමක් හදාරන්නේ නැහැ. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවම පමණක් නොව මුළු ලෝකෙම දන්න නිළියක් වෙන්න. රංගන කටයුතුවල මේ දිනවල යෙදෙමින් ඉන්නවා. හැබැයි මම එච්චර දුරට  රංගන ක්ෂේත්‍රය හදාරලා නැහැ. හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

මෝස්තර නිරූපණයට ඔබ පැමිණියේ නිරූපණ ක්ෂේත්‍ර ගැන හැදැරීමක් ඇතිවද? නැත්නම් පොටෝෂූට් එකක් කළ පමණින්ම මොඩල් කෙනෙක් විදිහටද?
නැහැ... මම ආවේ නිරූපණ ක්ෂේත්‍රය හදාරලා... මම එකපාරටම ෆේස්බුක්වල ඉන්න මොඩල්ස්ලා වගේ පොටෝෂූට් එකක් කරලා ක්ෂේත්‍රයට ආවේ නැහැ. සමහරු ඉතින් මට කියනවා ඔයා ආවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන හදාරලා නෙවෙයිනේ... ඔයා මොනවද දන්නේ කියලා... ඉතින් මම නම් මේ ෆීල්ඩ් එකට ආවේ ක්ෂේත්‍රය ගැන හදාරාලා. 

ශලනි ඔබ ඉන්න තත්ත්වය ගැන මොකද හිතෙන්නේ. 
මම ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. අද වන විට යම් තැනක ඉන්නවා කියලා මට  හිතෙනවා. මේ අවුරුදු දෙකක කාලය තුළ මං ගොඩක් දේවල් අධ්‍යයනය කළා. ඉගෙන ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි අද මං මේ ඉන්න තත්ත්වය ගැන හිතුවම. 

මේ දවස්වල මොකද කරන්නේ. 
මේ දිනවල මම ලොකූ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි ඒක මම දැන්ම කියන්න කැමැති නැහැ. ඉස්සරහට කියනවා. හැමෝම පුදුම හිතෙන දෙයක් තමයි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. බලමු ඉතින් මගේ වයසට... හැමෝම පුදුම වෙයි එක පාරට... මගේ වයසට... මං මේ වගේ දෙයක් කරලා කියලා අහන්න මං ගොඩක් සතුටුයි. ඒක නිසා මං දැන්ම ඒක හෙළිකරන්නේ නැහැ. මං මොකක්ද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා. මේ දවස්වල එහි වැඩකටයුතුවල මං නිරත වෙමින් ඉන්නවා. 

දැනට රංගන කටයුතුවලට දායක වෙලා තියෙන්නේ මොනවටද?
මම ලොකුවට රංගන ක්ෂේත්‍රය පැත්තට ගිහින් නැහැ. මම සාමාන්‍යයෙන් රංගනය පැත්තට යොමු වෙලා ඉන්නවා. මම දැනට රංගන පැත්තෙන් මියුසික් වීඩියෝ කිහිපයක සහ කෙටි චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. දැනට ඉන් එකක් රිලීස් වෙලා තියෙනවා. ඉදිරියේදී අනෙක් කෙටි චිත්‍රපටයත් රිලීස් වෙන්න නියමිතයි. 

රංගනයේදී සහ නිරූපණයේදී ඔයාට ලැබෙන සහය කොහොමද?
අනිවාර්යයෙන්ම මං ඒක කියන්න ඕන... මේ ෆීල්ඩ් එකට මට එන්න උදව් කරපු උදිත අයියා... එයා තමයි මාව මේ ෆීල්ඩ් එකට ගෙනත් තිබ්බේ. මෙතැනින් එහාට යන්න උදව් කරන්නේ ඇත්තටම කියන්න ඕන මගේ ළඟින්ම ඉන්න මගේ බෝයි ෆ්‍රෙන්ඩ් අසිත... එතකොට මගේ ගෙදර අය නම් සපෝට් කරන්නේ නෑ. මොකද ගෙදර අය කැමැති නෑ මං ෆීල්ඩ් එකේ ඉන්නවට... මොකද නිරූපණ ක්ෂේත්‍රය ගැන ගොඩක් අය හිතන් ඉන්න මතය වැරදි නිසා ගෙදර අය උදව් කරනවා අඩුයි. ඒ වගේම මගේ යාළුවෝ උදව් කරනවා. නම් වශයෙන් කියන්න අමාරුයි. ගොඩක් අය ඉන්නවා. සමහර අය උදව් කරනවා වගේ ඉඳගෙන දිය යටින් ගින්දර ගෙන යන අයත් ඉන්නවා. ගොඩක් අය උදව් කරනවා... උදව් නොකරන අයත් ඉන්නවා... නම් වශයෙන් කියන්න අමාරුයි මට...

මෝස්තර නිරූපණයේදී ඔබ කොට ඇඳුම් අදිනවාද? එසේ ඇදීමේදී චෝදනාවන්ට ලක්වී තිබේද?
ඔව්... මං අඳිනවා. මට අනිත් අයගේ කතා අදාළම නැහැ... මොකද මං ඉන්නේ මට ඕන විදිහට... මොකද මට කන්න අඳින්න දෙන්නේ එයාලා නෙවෙයිනේ... මගේ ගෙදර අයට මං කොටට අඳින එක ප්‍රශ්නයක් නැත්නම් මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට කොහෙත්ම අදාළත්වයක් නැහැනේ. මං කොටට අඳිනවා. මං මගේ නිරුවත මම පෙන්වෙන්න මට ඕන නිසා. ඉතින් ඒක කාටවත් අදාළත්වයක් නැහැනේ. නොයෙක් චෝදනා මට එල්ල වෙලා තියෙනවා. බල්ලො බිරුවට කඳුපාත් වෙන්නේ නැහැනේ. 

නිරූපිකාවක් වුණාම කොටට ඇඳිය යුතුමයි කියලා ඔබ හිතනවද?
නැහැ... එක එක පැති තියෙනවා නිරූපණ ක්ෂේත්‍රයේ.  ඉතින් එහෙම අඳින්න ඕනමයි කියලා නැහැ. තමන් කරන ක්ෂේත්‍රය අනුව කොටට අඳිනවා නම් අඳින්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. 

නිරූපණ ක්ෂේත්‍රයේ ඔබ නියෝජනය කරන්නේ කුමන පැත්තද?
නිරූපණ ක්ෂේත්‍රෙය් ග්ලැමර් පැත්ත තමයි මම තෝරගෙන තියෙන්නේ. 

ඇඟ පෙන්වන්නේ ජනප්‍රිය වෙන්න කියලා... මෙය ඔබ පිළිගන්නවද? නැත්නම් මොකක්ද දරණ අදහස...
ලංකාව කියන්නේ බෞද්ධ රටක්... මං ඒක පිළිගන්නවා. ඒ වගේම සංසකෘතියක් තියෙනවා. ඒත් සංස්කෘතිය කියලා දෙයක් ලංකාවේ තියෙනවා කියලා මට පිළිගන්න අමාරුයි. මොකද ලංකාවේ සංස්කෘතිය කියන දේ තියෙන්නේ කාන්තාවකගේ ඇඳුමට විතරයි. ඉතින් මම නම් ඇඟ විකුණගෙන කන්නේ නැහැ. මම කරන්නේ මගේ ක්ෂේත්‍රය... සමහර අය ගණිකා වෘත්තියයි නිරූපණ වෘත්තියයි පටලවාගෙන මඩ ගහනවා. ඉතින් මං ඒවා ගණන් ගන්නේ නැහැ. මොකද එහෙම කරන්නේ ඉතින් වැඩක් නැති පිරිස් කියලා දන්නවා. මොකද සමහරුන්ට වැඩක් නැතිව අනුන්ගේ දේවල් හොය හොය ඉන්නවා. ගැහැනුන්ට වඩා අන්තයි කියලා කියන්නේ අන්න ඒකයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි... මම නිරුවත පාවදීලා කවදාවත් ජනප්‍රිය වෙන්නේ නැහැ. මම කරන්නේ මගේ ක්ෂේත්‍රය... මම ලැජ්ජ වෙන්නෙත් නැහැ... මම බය වෙන්නෙත් නැහැ. මට ඕනි නම් මම නිරුවත් වෙනවා මට ඕනි නම් මම නිරුවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. 

යම් විදිහකින් නිරුවත් දර්ශන පෙළකට හෝ ඡායාරූප පෙළකට පෙනී සිටින්න කියලා ඔබ එය භාර ගන්නවද?
ඔව්... අනිවාර්යයෙන්ම භාරගන්නවා. 

මේ ගමන යද්දි කකුලෙන් අදින අය ගැන මොකද හිතෙන්නේ...
ඇත්තටම... මෙහෙමයි... කෙනෙක් දියුණු වෙනවට තව කෙනෙක් අකමැතියි. නිරූපණ ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි කුමන ක්ෂේත්‍රයක වුණත් මෙය පොදුයි. ඒක සාමාන්‍ය ජිවිතයේදිත් පොදුයි. මොකද ඒ මිනිසුන්ගේ තියෙන ඊර්ෂියාව, කුහකම වගේ දේවල් නිසා තමයි කෙනෙක් ඉදිරියට යාමේදී කකුලෙන් අදිනවා වගේ වෙන්නේ. ඒ ගැන බලද්දී ඉතින් අද සමාජයේ මිනිසුන් ගැන ලොකු කළකිරීමක් ඇති වෙනවා. කෙනෙක්ගේ දියුණුව දැකලා ඒ කෙනාගේ දියුණුවට උදව් කරනවා මිසක් ඒ කෙනාගේ කකුලෙන් අදින එක නෙවෙයි මනුෂ්‍ය ගතිය. මට ඒ ගැන නම් කියන්න කිසිම දෙයක් නෑ... මොකද මිනිස්සු ගැන මං කළ කිරිලා ඉන්නේ...

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
ආදරය කියන්නේ කෙනෙක්ට ඕන  දෙයක්... මම නම් ලොකුවට ආදරය ගැන දන්නේ නෑ... ආදරය කියන්නේ හොඳ දෙයක් කියලා අහලා තියෙනවා.... ආදරය කියන්නේ.... ම්ම්ම්....  මාව අමාරුවේ දාන්න එපා ඕවා අහලා... මෙහෙමයි.. ආදරය කියන්නේ හොඳ දෙයක්, දුක, සතුට හැම දෙයක්ම තියෙනවා. විශ්වාසය තමයි ගොඩක් අවශ්‍ය වෙන්නේ... සැබෑ ආදරයකට පුළුවන් වෙන්න ඕනි අපි වැටුණු අවස්ථාවක අපිව නැගිට්ටවල ඉස්සරහට රැගෙන යන්න පුළුවන් වෙන්න ඕන....

දැනට ආදරවන්තියක්ද?
ඔව්. දැනට ආදරවන්තියක්.

ඔයාට ගැලපෙන්නේ මොන වගේ කෙනෙක් කියලද හිතන්නේ.
මං හරිම අමුතු කෙනෙක්... වෙන අය වගේ නෙවෙයි... මං හරිම මුරණ්ඩු කෙනෙක්... ඉතින් මං මට හිතෙන දේ කරන කෙනෙක්. ඉතින් මං කරන දේවල්වලට මට උදව් කරන මට හොඳයි කියලා හිතෙන කෙනෙක් මට ගැලපෙනවා කියලා මට  හිතෙනවා. 

ගම්පළාත පවුලේ විස්තර සහ පාසල ගැන විස්තර ටිකක් කියමුද?
මගේ ගම ගාල්ල... මම ඉස්කෝලේ ගියේ ඉහළගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ මමයි නංගියි අම්මයි තාත්තයි... අපි පුංචි පවුලක්... අපි හරිම සතුටින් ඉන්නවා. 

ඔයා සම්බන්ධ කර ගන්න පුළුවන් කෙසේද?
මම එකපාරටම එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද බොහෝ වෙලාවට ගොඩක් අය රවට්ටනවා. එක පාරටම වැඩ භාර ගන්නේ නැහැ. එයාව ටිකක් ආශ්‍රය කරලා, මේක කොහොමද වෙන්නේ... මේක කොහේද පබ්ලිෂ් වෙන්නේ කියලා හරියටම දැනගෙන තමයි සම්බන්ධ වෙන්නේ. 

එලෙස සොයා බලා කරන වැඩකදී එවැනි ඡායාරූප පෙළක් හෝ වීඩියෝවක් පිටරටක පබ්ලිෂ් කරන බව පවසා ලංකාව තුළ පබ්ලිෂ් කළොත් ඔබ ගන්න පියවර කුමක්ද?
ම්ම්ම්... එහෙම වුණොත් ඉතින් එයා බොරුකාරයෙක් වෙනවා. ඉතින් ඒක ලීගල් කේස් එකක් නිසා අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා.  මොකද එවැනි දෙයක් කරන්නේ යම්කිසි ගිවිසුමකට අනුවයි. ගිවිසුමක් නැතිව කිසිම වැඩක් කරන්නේ නැහැ. 

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ඔබගේ යැයි පැවසෙන අඩනිරුවත් ඡායාරූප පෙළක් පළ වුණා. එහි සත්‍යතාවය කුමක්ද?
ගොඩක් අය කියන්නේ මම නිරූපණ ක්ෂේත්‍රයේ වූ දෙයක් කියා.. ඇත්තටම මට ඒ ගැන ගොඩක් දුකයි... ඒ වෙච්ච සිද්ධිය නිසා නිරූපණ ක්ෂේත්‍රයටත් ඒකෙන් ලොකු කැලලක් වුණා. මගේ පෞද්ගලික ජීවිතයේ වූ වැරදීමක් නිසා තමයි මගේ ඡායාරූප එලෙස පළ වුණේ. ඉතින් සමහරු  කියනවා මෙය මොඩල් ෂූට් එකක් කියලා... ඉතින් මං කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් ඒක එයාලා තේරුම් ගන්නේ නැති නිසා ඉතින් මම එතැනින් එහාට තේරුම් කරන්න ගියේ නැහැ. ඇත්තටම කිව්වොත් ඒක මගේ පෞද්ගලික ජීවිතයේ වෙච්ච දෙයක්... මම පිළිගන්නවා මම වැරදියි කියලා... ඒ වුණාට මං වැරදියි කියලා පිළිගත්තට සමාජයේ ඉන්න ගොඩක් අය ඒක දිහා බලන්නේ වපර ඇහෙන්. ඉතින් ඇත්තටම මට ගොඩක් දුකයි. පෞද්ගලික් ජීවිතයේ වූ දේවල් නිරූපණ ක්ෂේත්‍රයට ගාව ගන්න එපා කියලා තමයි මම කියන්නේ. 

මොකක්ද ඇත්ත සිද්ධිය?
ආදරය කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්... හැමෝම ආදරය කරලා තියෙනවා. මට විතරක් නෙවෙයි... මේ ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම සිටින හැමෝටම පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඉන්නවා. ඉතින් ආදරය වැඩි වුණාම ඔය වගේ දේවල් වෙනවා. ඉතින් මේක ප්ලෑන් එකක්... මේක මගේ නිරූපණ කටයුතුවලට කැලලක් ඇති කරන්න දෙදෙනෙක් එකතු වෙලා කරපු දෙයක් කියලා මම කියනවා. මට පෙම්වතෙක් හිටියා... මම පෙම්වතා එක්ක ඉතින් අනිවාර්යයෙන්ම වෙනවානේ. ඉතින් එහෙම ඉඳලා අන්තිමට එයා මාගෙත් එක්ක තරහ වෙලා මගෙන් පළිගන්න කරපු දෙයක් තමයි ඒ විදිහට සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරලා තියෙන්නේ. මම ඇත්තටම කියනවා ඉතින් ඒක මගේ නිරූපණ ක්ෂේත්‍රයට හා රංගන ක්ෂේත්‍රයට කැලලක් ඇති කරන්න කරපු දෙයක් විදිහට තමයි මම දකින්නේ. මම කලින් කිව්වා වගේ නිරුවත පෙන්වලා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්නේ නැහැ.   නිරුවත විකුණන් කන්නෙත් නැහැ. නිරුවත පෙන්වනවා.. නැත්තේ නැහැ... පෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ... ඒක් හරි වෙලාවට හරි තැනදි. මම කැමරාවක් ඉදිරියේ පමණයි නිරුවත් වෙන්නේ.... නැතිව ජංගම දුරකථනයක් ඉදිරියේ නිරුවත් වෙන්නේ නැහැ. ඒක මගෙන් පළිගන්න තවත් තරුණියක් සමග  මගේ හිටපු පෙම්වතා එක්ව කරපු ප්ලෑන් එකක් කියලා මට දැන් අවබෝධ වෙනවා.

ළඟදි අමුතුම ආකාරයේ කළු සුදු ඡායාරූප පෙළක් දාලා තිබුණා.  කොහොමද ප්‍රතිචාර.
ම්ම්ම්... මම නම් ඒකේ වරදක් දකින්නේ නැහැ. අම්මෝ ප්‍රතිචාර නම් ගොඩයි... අමුතු අමුතු ප්‍රතිචාර තියෙනවා. ඒ මගේ ඡායාරූපවල බහුතරයක් ප්‍රතිචාර තියෙන්නේ මගේ පියයුරු යුගළ ගැනනේ. සමහරු කියලා තිබුණා තුනී ලැලී සංස්ථාව කියලා... මෙහෙමයි... ගැහැනු පිරිමි හැමෝගේම යම් යම් අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැති මනුස්සයෙක් නැහැ. ඉතින්  මගේ අඩුපාඩුව මගේ පපුව නම් ඉතින් ඒක මට අවශ්‍ය වෙලාවට මං හදා ගන්නවා. මගේ ඇඟ මට ලස්සන නම් මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට ලස්සන නම් අනෙක් අයට ප්‍රශ්නයක් නැහැ. වෙන අයට ලස්සන වුණාට ඉතින් මට කරන්න දෙයක් නෑ. ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට මං හදාගන්නම්... කවුරුවත් ඒ ගැන කියලා මාව සමච්චලයට ලක් කරන්න එපා.. ඇත්තටම ඔයාලා එහෙම කියද්දි දැනෙන්නේ දුකක් නෙවෙයි ඇති වෙන්නේ ඔයාලා ගැන කළ කිරෙනවා. 
ඒ වගේම ඒ පොටෝස් දැම්මට පස්සේ ලැබෙන ප්‍රතිචාරවලට අමතරව මගේ අම්මට තාත්තාට බැනලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ එහෙම කරන්න එපා. මොකද මම අද ඒවගේ ෂූට් එකක් කරා නම් ඊට එහා ගියපු ෂූට් එකක් වුණත් කරන්න පුළුවන් මට. කරලා පබ්ලිෂ් කරන්න පුළුවන්. ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහන්නේ නැතිව කිසි දෙයක් කියන්න එපා. මොකද ගොඩක් අය කියලා තියෙනවා ශලනි මධුෂා කියන්නේ ගණිකාවක් කියලා. ඇත්තටම මට දුකයි... මට මං ගැන දුකක් නෑ... මට දුක මං ගැන කියන අය ගැන මට ඇති වෙන කළකිරීම. 

ශලනිගේ එම ඡායාරූප එකතුව පහතින් නරඹන්න‍










Upcoming Chat with Shalani Madusha Upcoming Chat with Shalani Madusha Reviewed by Admin on 2:08 PM Rating: 5

No comments:

Powered by Blogger.