Sirasagossip Chat with Nisal Madushan

Views
අපි හොඳට හිටියොත් අපට චෝදනා එන්නේ නෑ - පෙම්වතියකටත් නිසල්ගෙන් ආරාධනා



සිරසගොසිප් අපි මෙවර කතා බහට එක් කර ගත්තේ අපගේ වෙබ් අඩවිය තුළින්ම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට හඳුන්වාදී මේ වන විට රංගන ක්ෂේත්‍රයටද පිවිස ස්ථාවර තත්ත්වයකට පත්ව සිටින තරුණයකු සම්බන්ධයෙනි. දකුණුලක මාතර පුරවරයෙන් කොළොම්තොටට පැමිණ රංගනය අතික්‍රමණයට සැරසෙන මෙම තරණයා නිසල් මධුෂාන් ගමගේ යි. මේ නිසල් සමග සිරසගොසිප් අප සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි.


නිසල් කොහොමද ජීවිතේ..
හ්ම්ම් ... ජීවිතය සුන්දරව ගෙවෙනවා ඉතිං...

මේ දවස්වල මොකද කරන්නේ...
මේ දවස්වල දෙවැනි ඉනිමේ "ගනේගම" (අනුහස්ගේ යාලුවෙක්ගේ චරිතයට පන පොවනවා. "තුරුම්පු ආසියා", "බලය ඇවිත්", "සිහිනයක් සේ ඈතින් ඈතට" ටෙලිනාට්‍යයන් රූගත කිරීම්  කොටස් කිහිපයක් පටිගත කර අවසන්. "හාරකෝටිය, මුතුකුඩ" යන ටෙලිනාට්‍යයන් සඳහා ඇරයුම් ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ඒ සදහා සම්බන්ධ වීමට නියමිතයි.
"Derana Veet Miss Sri Lankafor Miss Earth" කිරුල දිනාගත්, මේ දිනවල  මුතුකුඩ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණපොවන ඉමායා ලියනගේ මිස්ගේ  "IMZ Glamour" ආයතනය යටතේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට මුලින්ම පිවිසුණේ.

අලුතින් මොනවද කරන වැඩ?
"හංසි", "රාජාරානී", "කෘන්තක රදනක" චිත්‍රපට ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. U.K Tv Series එකක ලංකාවේ රූගත කරන Episode එකකට රංගනයෙන් දායක වෙනවා. මියුසික් වීඩියෝස් 6ක් පමණ ඉදිරියේදී "හිරු ටීවී" තුලින් එළිදැක්වීමට නියමිතයි. "ළහිරු පෙරේරාගේ - China Town" නවතම ගීතය එලිදැක්වීමට  නියමිතයි.


නිසල් රංගනයට එක්වූ ආකාරය ගැන මතක් කළොත්?
මගේ  ප්‍රථම Model Shoot එක සිරසගොසිප් හරහා  හොඳින්  ජනතාව අතරට  ගියා. දෙවෙනි Model Shoot එකත් 2015 ජනප්‍රියම Model Shoot එක බවට පත්  වුණා.  මුලින්ම මට අජන්ත ඒකනායක අය්යා ප්‍රථම  Music Video එකට අරයුම් කරා. ඉන්පසු දෙවැනි තෙවැනි Music Video වලට  අරයුම්  ලැබුණා . කෙමෙන් කෙමෙන් අද  මේ ඉන්න තත්ත්වයට ආවා.

දෙවැනි ඉනිමට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඔහොම වැඩ කරගෙන කරගෙන යද්දී, සාරංග මෙන්ඩිස් සර් යටතේ  දෙවනි ඉනිමේ සහය අධ්‍යක්ෂකවරයා මට රංගනයට ආරාධනා  කරා.  ඒ අනුව තමයි මාත් "දෙවෙනි ඉනිම පවුලට සම්බන්ධ වුනේ.

නිසල් මුලින්ම එක්වූයේ නිරූපණ ශිල්පියෙක් ලෙසට නේද? දැන් නිරූපණ ක්ෂේත්‍රයට දායකත්වයක් නැත්ද?
හ්ම්ම්... මුලින්ම මං  ක්ෂේත්‍රයට පැමිණියේ නිරූපණ  ක්ෂේත්‍රයෙන් වුවත් පසුව  වැඩි වශයෙන්ම යොමු වුණේ රංගන ක්ෂෙත්‍රයට.
දැනටත් Photoshoot, Ramping Shows බාරගන්නා අතර. Pagent  සඳහා යොමුවීමට දැඩි කමත්තක් නැහැ.

නිසල්ගේ මේ කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?
මගේ  අම්මි, තාත්ති මට  ගොඩාක් උදව් කරනවා. ඒ  වගේම මට  ක්ෂේත්‍රය පිළිබදව ගොඩාක් දේවල් කියල දීලා උපදෙස් දීලා, ඩිරෙක්ටර්ලාගේ සිට කමරා ලයිට් අල්ලන පුද්ගලයා දක්වා ගනුදෙනු කරන හැටි ගැන මට ගොඩාක් ගුරුහරුකම් දුන්න කාවිංග පෙරේරා අයියා, දෙනුවන් සේනාදී අයියා  ආදරයෙන්  මතක්  කරනවා. ඒවගේම මොන වැඩක් තිබුණත්  මට කතාකරන යහලු යෙහෙලියෝ රොත්තක් ඉන්නවා. ඒගොල්ලෝ හැමෝම  ආදරයෙන්  මතක් කරනවා.

මේ වන විට නිසල් රංගනයෙන් දායක වෙලා තියෙන දේ මොනවද?
හිරු ටීවී මියුසික්  වීඩියෝස් 24කට පමණ දායක වෙලා තිබෙනවා. ඉදිරියට තවත් 6 ක් පමණ ඒමට නියමිතයි. චිත්‍රපට 4 කට රංගනයෙන් දායක වෙලා තියෙනවා. වෙළඳ දැන්වීම්  5 කටත්, ටෙලිනාට්‍යය  4කටත් රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. U.K. Tv Series දෙකකටත් රංගනයෙන් දායක වෙලා  තිබෙනවා.

නිරූපණ ශිල්පියෙක් රංගන ශිල්පියෙක් ලෙස ලැබූ පැසසුම් මොනවද?
නිරූපන ක්ෂේත්‍රයට වඩා රංගන ක්ෂේත්‍රයට වැඩියෙන් නැඹුරුවක් ඇති නිසා, නිරූපන ක්ෂේත්‍රයේ වැඩි පැසසුමක් ලැබිලා  නැහැ . රංගන ක්ෂේත්‍රයේදී ප්‍රවීන රංගන ශිල්පීන් , ශිල්පිනියන්ගෙන්, අධ්‍යක්ෂකවරුන්ගෙන්, සහය අධ්‍යක්ෂකවරුන්ගෙන්  බොහෝ පැසසුම්  ලැබිලා  තිබෙනවා .

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවද?
දක්ෂ රංගන ශිල්පියෙක් වගේම, මෙම ක්ෂේත්‍රයෙන් ඉහලටම ගොස් සම්මාන කිහිපයකට හිමිකම් කියන්නට බලාපොරොත්තුවක් තිබෙනවා.

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස අපහසුතාවයට ලක්වූ අවස්ථා එහෙම ඇතිනේද?
ම්ම්ම්ම්.... එහෙම අවස්ථා ඉතින් නැත්තෙමත් නැහැ....

ෆීල්ඩ් එකේදී චෝදනා එහෙම ඇවිත් නැද්ද?
චෝදනා නම් බොහොම අල්පයි. හැමෝටම ගරු කරගෙන හැමෝටම උදව් කරගෙන සහයෝගයෙන්  මිත්‍රශීලව වැඩකටයුතු ‍කරගත්තොත් මේ ක්ෂේත්‍රයේ ගොඩක් දුර ඉහලට යන්න පුලුවන් හැමෝටම.


ෆ්‍රී ටයිම්වල මොකද කරන්නේ.
මගේ  free time වල මම ගොඩක්ම ආසා චිත්‍රපට  බලන්න. බලන හැම චිත්‍රපටයෙන්ම ජීවිතය හා රංගනයට යමක් එකතු කරගන්න කමතියි. යාළුවෝ සමග ඇවිදින්නත්, Eventවලට සහභාගී වෙන්නත්, DJ මියුසික්  අහන්නත් ගොඩක් කමතියි.


ක්ෂේත්‍රයේ සමහරු අයුතු යෝජනා කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ..
මට  නම්  එහෙම  යෝජනා අවිල්ලා නෑ. මේ  ක්ෂේත්‍රයේ  කාන්තාවන්ට  ගොඩක්  වැඩ  කටයුතු, පිරිමි අපිට වඩා ඇත්තේ ඉහත කාරණාව නිසා තමයි. ඉතින් මං  නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් එන්න ඉන්න  අක්කිලා, නංගිලාට කියන්නේ මොනම වැඩකට ගියත් අම්මා, තාත්තා, සහෝදරයෙක් හරි  භාරකාරයෙක් හරි සහභාගි  වෙන්න කියලා. එතකොට ඒ අයුතු යෝජනාවලින් බොහෝ දුරට මගහැරී  ඉන්න පුලුවන් වෙයි.

නිසල් පෙම්වතෙක්ද?
හ්ම්ම් ... පෙම්වතෙක් වෙලා හිටියා. දෙදෙනාගෙ නොගැලපීම් කිහිපයක්  නිසා අපි  කතා වෙලා වෙන් උනා. දැනට නම්  පෙම්වතෙක් නෙවෙයි.
මගේ වෘත්තිය හා මාව තෙරුම්ගන්න පුළුවන්, මට ගැලපෙන, මං වගේ දඟකාර, විසේකාර කෙල්ලෙක්ට අරයුම්.

ආදරය ගැන මොකද හිතෙන්නේ.
ආදරය  හරිම සුන්දර දෙයක්. දෙදෙනාගේම තෙරුම් ඇතුව ආදරෙන්, සමගියෙන්, විනෝදයෙන් ජීවිතය වින්දොත්  ආදරේ  තරම් සුන්දර දෙයක්  තවත්  නෑ.

පාසල් ගියේ කොහේද, ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ...
මගේ  ගම මාතර. ගාල්ල St.Aloysius විද්‍යාලයේ උසස් පෙල දක්වා පාසල්  ගියා. ඉන්පසු Air Line  Tickeing & Cabin Crew උපාධි  2 ම අවසන්  කළා.
මගේ පවුලේ අම්මියි, තාත්තියි මමයි. ගෙදර ඉන්න එකම පුතා මම තමයි.

යමෙකුට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද සම්බන්ධ කර ගන්නේ.
0758723478, 0765360485 මගේ දුරකතන අංකවලින් හෝ 0758723478 Whatzapp , IMO හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම Nisal Madushan Gamage මගේ ෆේස්බුක් ගිණුම හෝ Fan Page එක යටතේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

සිරසගොසිප් සිදු කරන මෙම කර්තව්‍ය ගැන මොකද හිතන්නේ.
ඇත්තටම අපි වගේ නවකයන්ට මේක මහත් විශාල අවස්ථාවක්. අද කාලේ ගොසිප් සයිට්වලින් නොකරන දෙයක් තමයි සිරසගොසිප් කරන්නේ. ඒ ගැන සිරසගොසිප් ආයතනයට ස්තුතිවන්ත වන ගමන්ම මට උදව් කළ කිහිප දෙනෙක් ගැන නම් වශයෙන් මතක් කරන්න කැමැතියි. ඒ තමයි මගේ පවුලේ අයටත්, මට සහයෝගය දෙන යාලුවනුත්, මාව නිරූපන ක්ෂේත්‍රයට හඳුන්වා දුන් සිරසගොසිප් ආයතනයටත්, රන්ගන ක්ෂේත්‍රයට හඳුන්වා දුන් අජන්ත ඒකනායක  අයියටත්, චතුර රත්නායක, ශෙනාල් මද්දුමගේ, සමීර සම්පත් තොටවත්ත, ඩිල්ශාන් ලන්ත්‍රා, ගයන හෙට්ටිආරච්චි, ලක්ශිත බන්ඩාර, හසිත විතානගේ, සමන්ත සිරිවර්ධන, විකුම් පියුමාල්, මිලාන් බාලගේ, ඉඳුනිල් රත්නායක, හසිත ජයසන්ක, ලහිරු මුදලිගේ, මෙවන් ලියනගේ, චාමු ශ්‍රී, උදේශ් ආර්යන්, මහේශ් ශානක, නිරුක්ශාන් ඒකනායක, සහන් රන්ජක, සාරංග මෙන්ඩිස් සර් වගේම මට මේකප්වලින් සහයෝගය දෙන චතූ වනසිංහ, නුවන් වනසිංහ, යුරේශා ඉදුරුවගේ, කාශා ඩේවිඩ් සහෝදරියනුත් ඒ වගේම නිරූපන ක්ශෙතරයේ ආරම්භය ලබාදීපු SirasaGossip ටත්, ගොඩාක්  ස්තූතිවන්ත වෙනවා, අපි වගේ රංගන ක්ෂේත්‍රයේ නවකයන්ට  අවස්ථාවක් ලබාදීම පිලිබදව, ඒ වගේම Sirasagossip Interview එකට මාව සම්බන්ධ කර ''Imesh Nuwandika" සහෝදරයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. අනෙක් වශයෙන් නොවුණත් මට වචනෙකින් හරි උදව් කරපු නොකරපු සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. 


හැමෝටම මං කියන්නේ, ක්ෂේත්‍රයේ හැමෝටම  අතහිත දෙමින්, ඉහල තැනේ සිට පහල තැනේ පුද්ගලයා දක්වා ගරුකරමින් තම දක්ෂතා  පෙන්වමින් ඉදිරියට ගියොත් මේ ක්ෂේත්‍රයේ හිනිපෙත්තටම යන්න පුළුවන්. හැමෝටම ජයෙන් ජය.

නිසල් රංගනයෙන් දායකවූ ජනප්‍රිය ගීත කිහිපයක් පහතින් දැක්වේ. 



නිසල්ගේ තවත් ඡායාරූප එකතුවක් මෙතැනින් බලන්න. 


Sirasagossip Chat with Nisal Madushan Sirasagossip Chat with Nisal Madushan Reviewed by Admin on 2:33 PM Rating: 5

No comments:

Powered by Blogger.