Gossip chat with Sehan Asela Bandara

Views

සිරසගොසිප් මෙවර කතා බහට අපි එක් කර ගත්තේ තිරපිටපත් රචකයෙක්, රංගන ශිල්පියෙක් සහ ඡායාරූප ශිල්පියෙක් වන සෙහාන් අසේල බණ්ඩාරයි. මේ ඔහු සමග සිරසගොසිප් අප සිදු කළ සම්මුඛ සාකච්ඡාවෙන් සැකසූ ලිපියයි. 

සෙහාන් කියන්නේ කවුද...?
සෙහාන් කියන්නේ හරිම සරළ නිහතමානී පොහොසතා වගේම දුප්පතාත් එක්ක සතුටින් ඉන්න කැපීලි කෙටිලි කරන් නැති හැමොටම අත දීලා උදව් කරන පුද්ගලයෙක්....

මොකක්ද ඔබේ වෘත්තිය ...?
මම Photographer & Videographer කෙනෙක් ඉදිරියෙදී Drama , Film Director කෙනෙක්...

මුලින් ම පටන් ගත්තේ ඡායාරූපකරණයද , නැත්නම් වෙනත් රැකියාවක් ද..?
මම පාසලෙන් 2005 out උන දා ඉදන්ම Photographer වලින් තමා කරලියට ආවේ..ඊට පස්සේ කඩා වැටිම් තිබ්බා job 2ක් 3 ක් වාගේ කරා කොලර්ඩ්‍රෝ ඩිසයිනර් කෙනෙක් වශයෙන් හා පොටෝෂෝප් ඩිසයිනර් කෙනෙක් ලෙස වැඩ කරා....

ඇයි ඡායාරූපකරණයට යොමු වුණේ..?
මගේ තාත්තා photographer කෙනෙක් ඉතිං තාත්තාගේ අඩි පාරේම යනවා....අනික මේ වෘත්තීය නිදහස් වගේම හිත ගොඩාක් සතුට්න් තියන රැකියාවක්...

ඡායාරූප ශිල්පියෙක් ⁣ලෙස ලබා ඇති දේ ගැන කිව්වොත්..... 
ගොඩාක් දේවල් ලබාගෙන තියෙනවා..ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගොඩාක් හදුනාගන්න ලැබුනා...ලංකාවේ ප්‍රසිද්ධ photographer කෙනෙක් වන පත්මකුමාර මෙත්තසේන සර් ලග වැඩ කරන කාලේ කලා ලොකේ ගොඩාක් අයගේ වෙඩින් වලට සහාභාගී වෙන්න ලැබුනා..ජනප්‍රිය ගායක සේනානායක වේරලියද්ද මහතාගේ පවුලට සම්බන්ධ කීප දෙනෙක්ගේ photographer කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න ලැබුණා....ඒවා තමා මා ලබා ගත්ත දේවල්.....

ආදරය ගැන මොකද හිතන්නේ...? 
ආදරය යනූ හැගීමට යට නොවුන දෙයක් වශයෙන් ඉදිරිපත් කළ යුතුය..ආදරය අපට වර්ග කල හැකිය දෙමාපිය ආදරය,සහොදර ආදරය හා පෙම්වතා පෙම්වතිය ආදරය වශයෙන්..දෙමාපියන් / සහොදර ආදරය යනූ සෙනෙහසට යට වුනූ ආදරයන් ය....නමුත් පෙම්වතුන්ගේ ආදරය යනූ වර්තමානයේ රාගයට , කාමයට පමණක් යට වුනු දෙයක්..එ හෙයින් මම කියන්නේ ආදරය කාට ආදරය කරත් සෙනෙහස මුල් කරගෙන කරනවානම් රාගයට කාමයට වහල් නොවී සුන්දර ආදරයක් ලෙස දැක ගත හැක..

ඡායාරූප ශිල්පියෙක් ලෙස චෝදනාවන්ට ලක්වෙලා තියෙනවාද..?
ජායාරූප ශිල්පීයෙක් ලෙස චෝදනා ලැබිලා නම් නෑ..අපි කරන වෘත්තීය දෙවකාරියක් වාගේ කරනවානම් චෝදනා නෑ...
චොදනා තිබ්බොත් මාගේ කාර්ය බහුලත්වයත් එක්ක පොඩ්ඩක් වැඩ පරක්කු වෙන අතපසුවීම් තිබෙනවා...

ඡායාරූප ශිල්පීන් ලිංගික අල්ලස් ඉල්ලන බවට ඇතැම් නිරුපිකාවන් චෝදනා කරනවා. ඔබ මොකද මේ ගැන කියන්නේ..?
එයනම් මම අනුමත කරන් නෑ කොහෙත්ම. මොකද අපි කල යුත්තේ අපේ වෘත්තීයයි නමුත් ඊට එහා දෙයක් අපි නොකල යුතුයි... මොකද නිරූපණයේ නියලෙන නිරූපිකාවක් අප සමග photoshoot එකකට එන්නේ photographer කියන පුද්ගලයා ගැන දෙමාපියන් තරම් විශ්වාසයක් හිතේ තබාගෙන.. ඉතිං අපි එයින් අයුතු ප්‍රයෝජන ගත යුතුද නෑ...අපි නිරූපිකාවකගේ නිරුවත් photo එකක් ගත්තත් අපි අපි විසින්ම පාලනය කර ගත යුතුය අපේ ආශාවන් මැඩපවත්වා ගැනීමේ හැකියාව අප සතුය... ලොකේට පේන්න.... නිරූපිකාවන් ගෙන් හරි හරි වැඩ උනා කියලා දාන්න තරම් අපි ඒ පහත් තැනට වැටිලා නෑ. එයින් වන්නේ ලෝකයේ තියෙන හොදම සිත් සතුටු කරන වෘත්තීය පහත වැටෙන එකයි.... එක පුද්ගලයෙක් කරන කියන වැඩ වලින් photographer පුද්ගලයා ගැන වැරදී වැටහීමක් ඇති කර ගැනීමයි..... ඒ නිසා තමන් කරන job එක බණ පදයක් මෙන් රැක ගත යුතුය.. මම අවුරුදු 12ක් photographer කෙනෙක් විදිහට සමාජයේ ඉන්නවා... modeling photographer කෙනෙක් විදිහට අවුරුදු 3යි. දැනට මොඩල් shoot 50 කට ආසන්න කර තිබෙනවා නමුත් මම එක මොඩල් කෙනෙක් ගෙන් වත් මට චෝදනා නෑ. මොකද මම මොඩල් කෙනෙක්ගේ අතක්වත් අල්ලන්නේ නෑ. අන්න ඒ විශ්වාස මතයි මා සමග හැමෝම සුහදව ඉන්නේ... සමහර මොඩල්ස්ලා මට කියලා තියෙනවා අර photographer මට මෙහෙම කතා කරා තනියම එන්න කීවා. ඇත්තම කිවොත් අපටම ලැජ්ජයි ඒ ගැන මේ වෘත්තීය ගණිකා වෘත්තියක් වෙලා තියෙන නිසා සමහරක් නිසා.... මම කරන shoot වලට තනියම කතා කරන්නේ නෑ කවමදාවකවත් මට කවුරු එක්කද එන්නේ කියන එක නෙවේ වැදගත් මගේ වෘත්තීය හරියට කීමයි...

ඔබ එවැනි චෝදනා වලට ලක්වී තිබෙනවාද..? 
මම කවමදාවකවත් එවනි චෝදනා වලට යොමුවෙලා නෑ...

ඡායාරූපකරණයේදී ඔබෙන් වෙච්චි ලොකුම අතපසුවීම කුමක්ද..?
ලොකුම අතපසුවීම් වෙලා නෑ සමහර වෙලාවට නිරූපිකාවට කියන දවසට මම කාර්යය බහුල නිසා photo Shoot එක editing කරන්න බැරි වෙනවා....ඒ පොඩි අතපසුවීම පමණයි....

ඔබ වැඩියෙන් මොන ඡායාරූපකරණයටද කැමති.. ඒ ඇයි?
මම මොඩලින් photographer කරනයට කැමතී..
ඒ මන්ද අපට මොඩලින් photographer තුලින් විවිධ ඉසව් සොයා යා හැක...නිර්මාණාත්මක බව ලයිට් වෙනස් කීරිම ඇන්ගල් වෙනස් කීරිම ඒකාකාරී නොවී විවිධ අත්හදා බැලීම් කළ හැකියි.. wedding shoot එකකට වඩා වෙලාව අරන් කරන්න පුලුවන් නේ...අන්න එකයි...

ඡායාරූප ශිල්පියෙක් ලෙස ඇරඹී ආ ගමන ගැන කෙටියෙන් කිව්වොත්...
ඇත්තම කීවෝත් මම මේ ආ ගමන ගොඩාක් දුක්බර ගමනක් .මම 2005 ඉදන් කලුසුදු photographer වලින් මේ වෘත්තීයට පැමිණියේ දැන් ඉන්න photographer ලා අහලා තියෙනවාද දන්නේ නෑ මම ඩ්‍රාක් රූම් වලින් photographer කරනයෙන් ආව කෙනෙක්...ඒ නිසා අත්දැකීම් නම් එමටයි..මට ඉස්සර තිබ්බේ yasika FX 10 film roll cemara වකින් ඒ කැමරාවත් තාත්තාගේ.. ඇත්තම කිවොත් අපි ගොඩාක් දුප්පත් තාත්තයි අම්මයි අපව ජීවත් කරන්න ලොකු උත්සහයක් ගත්තා එ නිසායි. මම A/L නොකර තාත්තාත් සමග ජීවිතය ගොඩ එන්න බර කරට ගත්තේ.. මම 2011 වෙනකම් FX 10 කැමරාවෙන් photographer කරා.. අන්තිමට මටම ලැජ්ජා හිතුනා අනිත් අයගේ කැමරා ගැන බලනකොට මගේ තියෙන්නෙ මොකද්ද කියලා. නමුත් මම සැලුනේ නෑ. කරට කර ඒ අයත් එක්ක තරග කරා බැරිම තැන rent එකට කැමරා අරන් වෙඩින් කරා... දවසක් මට video එකක් ඇවිත් කෑගල්ලේ ප්‍රසිද්ධ photographer කෙනෙක් ගෙන් කැමරාවක් ඉල්ලුවා. ඔහු මට කැමරාවක් දෙන්නම් කියලා අන්තිම මොහොතෙදී මට කැමරාව දුන් නෑ.. මම එදා අසරණ වුනු තරම දන්නේ මම පමණයි.. නමුත් මම වටුනේ නෑ පොඩි කැමරාවක් අරන් ගිහින් විඩීයෝ කරා . තව දවසක් 2012 මුල මට මාවනැල්ලේ දැන් photographer කෙනෙක් වෙන කෙනෙක් කැමරාවක් දෙන්නම් කියලා අවසාන මොහොතේදී කැමරාව දුන් නෑ... ඒ දවසේ හවස් වරුවේ මම කුරුණෑගල ගිහින් රෑ 12 පහු වෙලා ගෙදර ආවා කැමරාවක් හොයාගෙන... පහුවදා පාන්දර 3 ට වෙඩින් එකටත් ගියා මට අද වාගේ මතකයි මේ මතකයන් ගොඩාක් දුකයි. නමුත් මාව වට්ටන්න හදපු අයට වඩා මම අද අඩියක් හරි ඉදිරියෙන් ඉන්නවා. ඒ අය නිසා තමා මට මේ තරම් ශක්තියක් ලැබුනේ.. අපි අසරණ වුනු වෙලාවට මුලු ලොකෙම පෙරලන්න තරම් අදහස් හිතට එනවා.. මම 2013 කැමරාවක් ගත්තේ දැන් මම 50% සාර්ථකයි.. අද මෙතන ඉන්නේ ගොඩාක් දුක් විදලා. ආයතන 8 විතර සේවය කලා මම.. මට තව යා යුතු දුර ගොඩායි.. මගේම කියලා film ටිකක් drama ටිකක් director කරන්න ලොකු ආසාවක් තියෙනවා.. මම ඒ හීනයට ලගා වෙනවා.. modling academy එකක් කරන්නත් හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට. මම 2009 යොවුන් සේනාංක ගියා 2010 ලලිත් ඇතුලත්මුදලි ආයතනයේ රූපවාහිනි කැමරාකරණය, තීරපිටපත් රචනය, Film director කරණය හා විඩියෝකරණය පාඨමාලාවක් කරා.. එයින් ලොකු දැනුමක් ලබා ගත්තා..එම පාඨමාලාව කරන්නත් ගෙදරට බරක් නොවෙන්න මම වග බලා ගත්තා.. මමම හොයාන මමම ඉගෙන ගත්තා. පාන්දර 3 ට නැගිටලා ගෙදරින් උදේට කන බත් කට කාලා රෑ 8 ට ගෙදරට එන මම සමහර දවස් වලට දවල්ට වතුර විදුරුවක පමණයි... ඒ තරම් දුකක් කට්ටක් කලා ආපු ගමනක් මේ... කාගෙවත් පස්සෙන් ගිහින් සපත්තු ලෙවකාලා සල්ලී තිබිලා සිහින මාවතවල ආපු ගමනක් නෙවේ මේ.... මට මුදල් නොතිබුන නිසා photo desing පාඨමාලවක් කරන්න ආසාව තිබ්බත් එය කර ගැනිමට බැරි වුනා.. ඒ නිසා තත්තාගේ අනු දැනුම හා කලර් ලැබ් වලට ගිහින් සේවකයන් වැඩ කරන දීහා හොරෙන් බලාගෙන ඉදලා ඉගෙන ගත්ත දේවල් වලින් ඒ පාඨමාලව මම ජය ගත්තා... උත්සාහය තියෙනවානම් කරන්න බැරි දෙයක් නෑ...

මේ වෙද්දි ලබාගෙන ඇති තැන ගැන සෑහීමකට පත්වෙනවාද..?
ඔව් දැන් ඉන්න තැන ගැන මට ගොඩාක් සතුටුයි...

මේ ක්ෂේත්‍රවල වැඩ කරද්දි ඔයාට උදව් කරපු අය ගැන මතක් කළොත්
මට මේ තැනට එන්න අත දුන්න මාගේ රත්තරං පවුලේ අයටද, මෙත්තසේන සර්ට, රංගන ශිල්පි කපිල කුමාර සමරකොන් අයියාට, ගම්ලත් අයියාට, එරංග අයියාට, Video Director රෝෂණි අක්කාට, මට උපදෙස් ලබා දුන්න සේනානායක වේරලියද්ද සර්ටත්..,මාගේ ලගින් හිටිය මා අතර මග දමා නොගිය සියළුම යාලුවන්ට, මාව විශ්වාස කරලා මගෙන් photoshoot කර ගත්ත මොඩලින් වල නියලුන හා වෙඩින් බාර දුන්න සියලුම දෙනාටත්, විශේෂයෙන් faceBook මිතුරන්ටත්, නෑදෑයන්ටත්, අසල් වාසින්ටත්.. මට උදව් කල හැමොටමත් ස්තූතී වන්ත විය යුතුය....

සිරස ගොසිප් ගැන හිතනදේ...
Sirasagossip යනු අපි වාගේ නවකයන්ට අතහිත දෙනweb එකක්.. මම මුලු හදින්ම ස්තූතීවන්ත වෙනවා....ඇත්තටම හොද වැඩක්...නැවතවාරයක් ස්තූතියි....

සාකච්ඡා කළේ : ගයාත්‍රී







Gossip chat with Sehan Asela Bandara  Gossip chat with Sehan Asela Bandara Reviewed by Admin on 9:02 AM Rating: 5

No comments:

Powered by Blogger.