Chat with upcoming actress Warsha Nanayakkara

Views
හරි දේ මොකක්ද කියලා දන්න නිසා ප්‍රශ්න අඩුයි



ජනකරළිය නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් කලා ලොවට පිවිස මේ වන විට සාර්ථකව කලා කටයුතුවල නිරත වෙමින් සිටින නවක ශිල්පිනී වර්ෂා නානායක්කාර සමග සිරසගොසිප් සිදු කළ සාකච්ඡාව ඇසුරින් සකස් කළ ලිපියයි මේ. 


වර්ශා... කොහොමද ජීවිතේ...
හොඳයි... සතුටින් ගෙවිලා යනවා. 

මොනවද විස්තර...
මේ දවස්වල සාමාන්‍ය ජීවිතේට අමතරව ඉතින් කලා කටයුතුවල නිරත වෙමින් තමයි කාලය ගත කරන්නේ. 

ඔබ නියෝජනය කරන්නේ රංගන ක්ෂේත්‍රයද? නිරූපණ ක්ෂේත්‍රයද?
රංගන ක්ෂේත්‍රය

රංගන ක්ෂේත්‍රයට යොමු වන්නේ කෙසේද? ඒ ගැන මතකය අවදි කළොත්....
මුලින්ම පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ජනකරලිය නාට්‍යය කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස පිවිසුණා. 

ජනකරලිය හරහා ඔබ ලැබූ පන්නරය කොහොමද?
රංගනය පිළිබඳ මම නොදන්නා බොහෝ දේ ජනකරළිය නාට්‍ය කණ්ඩායම තුළින් ඉගෙන ගත්තා. 

ඔබේ ගමනට ලැබෙන සහයෝගය ගැන මොකද හිතෙන්නේ.
මගේ දෙමවුපියන්ගෙන සහ සැමියාගෙන් යාළු මිත්‍රයන්ගෙන් තමයි මට ගොඩක් සහයෝගය ලැබෙන්නේ. ඒ ගැන ඇත්තටම මට ගොඩක් සන්තෝෂයි. ඒ වගේම ප්‍රදීප් කුමාර සහ මල්ෂා සෙව්වන්දිට විශේෂයෙන් ස්තුති කරන්න ඕනි. තව මගේ මේ ගමනට මුල සිටම උදව් කරනමගේ සහෝදරයෙක්. 

මේ වන විට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ මොනවටද?
ජනකරළිය, කෙටි චිත්‍රපට, නිරූපණ ශිල්පිනියක් ලෙස, හිරු ටීවී ඔස්සේ විකාශය වන මං නැති දා වැනි නාට්‍යවල මෙන්ම ගිරිවැසිපුර චිත්‍රපටයේ, ඉන්දීය චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වී තිබෙනවා. තවද ඉදිරියේදී කිරීමට තිබෙන නාට්‍යය කටයුතුත් තියෙනවා. 

රංගන ශිල්පිනියක් ලෙස අපහසුතාවයට පත්වූ අවස්ථාව එහෙම ඇති නේද? ඒ ගැන මොකද හිතන්නේ...
තවම නම් අපහසුතාවයකට මූණ පාලා නෑ. 

රංගන ක්ෂේත්‍රයේදී චෝදනා එහෙම ඇවිත් නැද්ද?
නැතුවම නෙවෙයි.
නිදහසේ ඉන්න වෙලාවල්වල මොකද කරන්නේ.
මුගේ පුතා සමග කාලය ගත කරනවා. 

ක්ෂේත්‍රයේදී වැඩියෙන්ම අහන්න ලැබෙන දෙයක් තමයි අයුතු යෝජනා ඉදිරිපත් වෙනවා කියන එක. ඒ ගැන මොකක්ද ඔයාගේ අදහස.
නැතුවම නෙවෙයි. හරිදේ මොකක්ද කියලා දන්න නිසා ප්‍රශ්න අඩුයි. 

වර්ෂාගේ ගම් පළාත සහ පවුලේ විස්තර ටිකක් කියන්න.
මගේ ගම නුවර කටුගස්තොට, අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි ඉන්නවා.

පාසල් ගියේ කොහේද? 
නුවර, කටුගස්තොට සහ අනුරාධපුරයේ.

ආදරය ගැන මොකද හිතන්නේ.
සුන්දරයි. 

දැනට පෙම්වතියක්ද? නැත්නම් විවාහකද?
විවාහකයි.

යමෙකුට ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද සම්බන්ද කරගන්නේ. 
මගේ ෆේස්බුක් ගිණුම තියෙනවා වර්ෂා නානායක්කාර කියලා. ඒ හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 

සිරසගොසිප් කරන මෙම කර්තව්‍ය ගැන ඔබේ අදහස කුමක්ද?
අපි වගේ ආධුනිකයින් වෙනුවෙන් මෙවැනි කර්තව්‍යයක් කිරීම ගොඩක් වටිනාව. ඒ වගේම සිරසගොසිප් එකට ගොඩක් ස්තුති කරනවා.









Chat with upcoming actress Warsha Nanayakkara Chat with upcoming actress Warsha Nanayakkara Reviewed by Admin on 6:21 AM Rating: 5

No comments:

Powered by Blogger.