Chat with Charith Dew Dewapriya

Views

අපි හොඳට ඉන්නවා නම් අපිට කවුරුත් චෝදනා කරන්නේ නෑ



ඉදිරියේදී තිරගත වීමට නියමිත මාරාන්තික සර්පයා චිත්‍රපටය තුළින් කලා ලොවට පිවිස ඊට රංගනයෙන් මෙන්ම සහය අධ්‍යක්ෂකවරයකු ලෙසට කටයුතු කරනු ලැබූ රංගනයට මෙන්ම මෝස්තර නිරූපණයට එක ලෙස දක්ෂතා දක්වනු චරිත් දේවදේවප්‍රිය සමග සිරසගොසිප් සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි මේ. 


කොහොමද ජීවිතේ? 
ම්ම්ම්ම්ම්. වරදක් නැ ඉතින්


මොනවද අලුත් විස්තර? 
විශේෂ දෙයක් නැ. මෙ දවස් වල youth drama festival එකටයි රාජ්‍ය නාට්‍ය උලෙලට practice 


මුලින්ම රංගන ක්ෂේත්‍රයටද ආවේ නැත්නම් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටද ආවේ. 
රංගන ක්ෂේත්‍රයට

ෆීල්ඩ් එකට යොමු වන්නේ කෙසේද?
ෆීල්ඩ් එකට හරියටම ආවේ මාරාන්තික සර්පයා film එකෙන්. නමුත් ඒ film එක තාම release උනේ නැ. 

ඒ ගැන මතකය අවදිකළොත්?

මාරාන්තික සර්පයා film එකෙ act කරන්න අවස්ථව හම්බුනා වගෙම මම එහි සහය අධ්‍යක්ෂක විදියට කටයුතු කලා. එ film එකට සම්බන්ධ වෙන්න ලැබුනෙ අහම්බෙන්. ඒ අත්දැකීම් නම් ගොඩාක් වටිනවා. එහිදි නලුවෙක් විදියට වඩා සහය අධ්‍යක්ෂකවරයෙක් විදියට මගෙ ගමන හදාගන්න පුලුවන් උනා.

ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද? 
ඒ ගැන නම් කියන්නම ඔනෙ. මගේ අම්මි අප්පච්චි අයිය මල්ලි හතර දෙනාම ගොඩාක් උදව් කරනවා. එ වගේම මගේ පොඩි නැන්දා ලොකු අම්මලා අතුලු අයියලා අක්කිලා හැමොම සහයෝගය දෙනවා. 

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වෙලා ඉන්නේ.
මම tele drama වලට පෙනි සිටිමට වඩා stage drama කරන්න කැමති. වෙළඳ දැන්වීම් කිහිපයක හිටියා. දෙදුනු ආකාසෙ film එකට දායක උනා. 

නිරූපණ ශිල්පියෙක් ලෙස ලැබූ පැසසුම් මොනවද? 
මට නිරූපණ ශිල්පියෙක් විදියට ලොකු පසුබිම්ක් නැ. එ කාර්ය කරන්න මගෙ ලොකු කැමැත්‍තක් නැ. නමුත් මම photo shoot කරන්න කැමති. 

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවද? 
ඉදිරි එකම බලාපොරොත්තුවක් තියෙනවා. ජනප්‍රියම නලුවෙක් වෙනවට වඩා විශිෂ්ඨ හොදම නලුවෙක් වෙන්න කැමති. එ වගෙම සම්මානනීය නලුවෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස අපහසුතාවයට ලක්වූ අවස්ථා එහෙම ඇතිනේද?
පලවෙනි හා ඉදිරිපත් වුන එකම Modeling show එකෙදි මම අපහසුතාවයට පත් වුනා. මොකද මම කවදාවත් ramp කරලා තිබ්බෙ නැ. එකට සහභාගි උනේ ආසාව නිසා. 

ෆීල්ඩ් එකේදී චෝදනා එහෙම ඇවිත් නැද්ද? 
තාම නම් නැ.

ෆ්‍රී ටයිම්වල මොකද කරන්නේ.
Film බලනවා. පුලුවන් තරම් නිදාගන්නවා.

ක්ෂේත්‍රයේ සමහරු අයුතු යෝජනා කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ.. 
එහෙම ආවත් තමන් තමන්ගෙ තත්වය රැකගෙන හිටිය නම් හරි. 

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
හොදයි.

දැනට පෙම්වතෙක්ද?
නැ.

පාසල් ගියේ කොහේද, ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ... 
මම ඉස්සල්ලාම ගියෙ කඩවත බැප්ටිස් විද්‍යාලයට ඊට පස්සෙ අපි මාතලේ පදිංචියට ගියා. එහෙ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලයටත් A/l කරන්න St/Thomas College එකටත් ගියෙ. මගේ පවුලේ අම්මි අප්පච්චි අයියයි මල්ලි ඉන්නෙ. 

යමෙකුට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද සම්බන්ධ කර ගන්නේ. 
මගේ fb එකෙන් පුලුවන් fb Charith Dew Dewapriya 
මගේ දුරකථන අංකය. 0774624788

සිරසගොසිප් කරන මෙම නවකයින් හඳුන්වාදීම ගැන ඔබේ අදහස කුමක්ද? 
ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාලා මේ කරන කාර්යට. අපිව ඉස්සරහට යවන්න අපිට සමාජයට හඳුන්වාදෙන්න ෆීල්ඩ් එකේ අනිත් අයට අපිව දැන ගන්න හොද අවස්ථාවක්. මේ කාර්ය තවත් සාර්ථකව කරගන්න සුභ පතනවා.

සාකච්ඡා  කළේ - ගයාත්‍රි
























Chat with Charith Dew Dewapriya Chat with Charith Dew Dewapriya Reviewed by Admin on 6:55 AM Rating: 5

No comments:

Powered by Blogger.