Interview with fashion photographer Imesh Nuwandaka

Views
ෆැෂන් Photographyවලට කැමැති ඉමේෂ්



සිරසගොසිප් අප මීට පෙර මෝස්තර නිරූපණ ශිල්පි ශිල්පිනියන් හඳුන්වාදීම සහ ඔවුන් සම්බන්ධයෙන් ලිපි පළ කරනු ලැබුවා. එසේම රූපලාවන්‍යාගාර සම්බන්ධයෙන්ද අප අද සිට ලිපි පළ කිරීම ආරම්භ කරනු ලැබුවා. එසේම අප අද සිට තවත් එක් පියවරක් ඉදිරියට තබමින් තවත් අලුත් පිරිසක් හඳුන්වාදීම සිදු කරනු ලබනවා. ඒ මෝස්තර නිරූපණ ශිල්පීන් සහ ශිල්පිනියන් සුන්දර කැමරා කාචයට හසු කර ගනු ලබන ඡායාරූප ශිල්පීන්. 
ඒ යටතේ අප ද කතාබට එක් එක ගත්තේ ෆැෂන් පොටෝග්‍රැෆි කිරීමට මහත් කැමැත්තක් දක්වනු ලබන තරුණ ඡායාරූප ශිල්පියකු වන ඉමේශ් නුවන්දකයි. මේ ඔහු සමග සිරසගොසිප් සිදු කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි. 

ඉමේශ් කියන්නේ කවුද?
ඉමේශ් කියන්නේ ගොඩක් සමාන්‍ය කෙනෙක්

මොකක්ද ඔබේ වෘත්තීය?

දැනට පුද්ගලික ආයතනයක රැකියවක් කරන ගමන් නිදහස් ඡායාරූප ශිල්පියෙක් විදියට කටයුතු කරනවා.

මුලින්ම කරන්න පටන් ගත්තේ ඡායාරූපකරණයද නැත්නම් වෙනත් රැකියාවක්ද?

මුලින්ම කලේ ග්‍රැෆික් ඩිසයිනර් ඊට පස්සෙ Shipping company එකක රැකියව කලා. දැන් පොටො ටෙක්නිකා අයතනයේ සෙවය කරන ගමන් මගේ ගමන හිමිට යනවා.


ඇයි ඡායාරූපකරනයට යොමු වුණේ?
පොටෝග්‍රැෆි ගැන ලොකු ආසවක් තිබුණා එක නිසා තමයි.

ඡායාරූප ශිල්පියෙක් ලෙස ලබා ඇති දේ ගැන කිව්වොත්
ජායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කිරිමට ලැබීමත් විශේෂයෙන් ක්ෂේත්‍රෙය් කැපී පෙනෙන චරිත බොහෝමයකට ඉදිරියට එන්න අතදීමට හැකි වීම පිලිබද මා නිහතමානිව සතුටු වෙනවා.

ඇයි වැඩියෙන් ගෑනු ලමයින්ගේම ෆොටෝස් ගන්නේ... 
මෙහෙමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඡායාරූපශිල්පයෙක් විදියට මා උත්සාහ කරන්නේ මා සතු හැකියාවෙන් උපරිම සාදාරනයක් ඉටු කිරිමයි මාගේ වගකීම ඒකට ගෑනූ පිරිමි බේදයක් නෑ

ආදරය ගැන මොකද හිතෙන්නේ?
ආදරය කියන්නේ සන්සාර ගත ආත්මීය බැදීමක් ආදරයක් නැත්නම් මේ ලෝකෙට පැවැත්මක් නෑ.

දැනට පෙම්වතෙක්ද? 
නැහැ

ආදරය කරලා තියෙනවාද? මොනව වගේ කෙනෙක්ටද කැමැති
ඔව්... ආදරය කරල තියෙනව. කැමති මට අාදරය කරන මාව තෙරුම් ගන්න පුලුවන් කෙනෙක්ට තමයි.

ඡායාරූප ශිල්පියෙක් ලෙස චෝදනාවන්ට ලක්වෙලා තියෙනවාද?
දැනට නම් එහෙම චෝදනා අවිල්ලා නෑ.

ඡායාරූප ශිල්පීන් ලිංගික අල්ලස් ඉල්ලන බවට ඇතැම් නිරූපිකාවන් චෝදනා කරනවා. ඔබ මොකද මේ ගැන කියන්නේ?
එකනම් මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමේයි හැම තැනම ඔහොම ප්‍රශ්න තියෙන්වා. මම නම් කියන්නෙ තමන් හරියට හිටියනම් ප්‍රශ්නයක් නැ.

ඔබ එවැනි චෝදනාවලට ලක්ව තිබෙනවාද? 
නැහැ

ඡායාරූපකරණයේදී ඔබෙන් වෙච්චි ලොකුම අතපසුවීම කුමක්ද?
ලොකු අතපසුවීම් නම් වෙලා නැ දැනට. පොඩි පොඩි අමතකවීම් තමයි.

ඔබ වැඩියෙන්ම මොනව වගේඡා යාරූපකරණයකටද කැමැති. 
වැඩියෙන් කැමති ෆැෂන් පොටොග්‍රැෆි වලට තමයි.



ඡායාරූප ශිල්පියෙක් ලෙස ඇරඹි ගමන ගැන කෙටියෙන් කිව්වොත්
මගේ ඥාති අක්ක කෙනෙක් පොටොග්‍රැෆි කලා... ඉතින් මුලින් එයා එක්ක වෙඩින්වලට එහෙම යද්දි මටත් පොටොග්‍රැෆ් කරන්න අාසාවක් අවා. ඊට පස්සේ ඉන්ද්‍රානාත තෙනුවර ගුරුතුමා යටතේ ඡායාරූප ශිල්පය හැදෑරුව. ඉන්පසු තමයි පොටොග්‍රැෆි පටන් ගත්තේ. වැඩ කරද්දි ගොඩක් දෙවල් ඉගෙන ගත්ත. ඊට අමතර ප්‍රවීන අයගෙන් උදව් ලැබුනා. විශේෂ්යෙන් මිලින්ද වීරසෙකර අයියා, කසුන් ශානක, හේමල් චන්ද්‍රසිරි යන අයගෙන් මම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම රුවන්ති චේතනි සහ ශලිනි පබෝදා කියන රූපලාවන්‍ය ශිල්පිනියන් දෙන්නත් ඉතා ආදරයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනි. 

මේ වෙද්දි ලබාගෙන ඇති තැන ගැන සෑහීමකට පත්වෙනවාද?

අනිවර්යෙන් ඔව්... මම පොටොග්‍රැෆි පටන් ගත්තෙ 2014දි. අද වෙද්දි ඉන්න තැන ගැනනම් ගොඩාක් සතුටුයි. ඒ ලැබෙන ප්‍රතිචරත් එක්ක. ගොසිප් සයිට් ගොඩක් මට උදව් කරලා තියෙනව. එ අතර මගේ වෙබ් එකක පලවුන පලවෙනි ශූට් එක පලවුනෙ සිරසගොසිප් වෙබ් එකේ. හැමදාම මට උදව් කරපු වෙබ් එකක් තමා සිරසගොසිප්. ඉතින් ගොඩක් සතුතියි ඔයාට. 

ඉමේෂ් නුවන්දකගේ කැමරා කාචයට හසු වූ සුන්දර යුවතියන්ගේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.


















Interview with fashion photographer Imesh Nuwandaka Interview with fashion photographer Imesh Nuwandaka Reviewed by Admin on 10:39 PM Rating: 5

No comments:

Powered by Blogger.