Chat with Woshika Rathnayake

Views
මම හොට් ෂූට් නම් කරන්නේ නෑ - ගමෙන් කොළඹ ආ වොශිකා කියයි



දුර බැහැර ගමකින් කොළඹට පැමිණ මෝස්තර නිරූපණයට එක්වීමට අදහස් කරගෙන සිටින එසේම රංගනයට එක්වීමට දැඩි කැමැත්තක් දක්වන නවක නිරූපණ ශිල්පිනී වොශිකා රත්නායක සමග සිරසගොසිප් කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සකස් කරන ලද ලිපියක් පහතින් දැක්වේ. 

වොශිකා රත්නායක කියන්නේ මොන වගේ කෙනෙක්ද?
මම ගමක හැදිච්චි... ගොඩක් දුප්පත් පවුල ගෑනු ළමයෙක්. උසස් පෙළ විභාගයෙන් පස්සේ කොළඹ ආවා. මගේ නැන්දගේ ගෙදර තමයි ඉන්නේ. ඒ අතරේ මම රැකියා කිහිපයක නිරත වෙමින් සිටිනවා. ගොඩක් කාර්ය බහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. ඒ අතරේ තමයි නිරූපණයේ නිරත වීමට තීරණය කළේ.  මගේ ගම රත්නපුර, ගොඩකවෙල ප්‍රදේශය. 

ගමෙන් කොළඹ ඇවිත් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වීමේදී මුහුණදී ඇති බාධක එහෙම කිව්වොත්.
ඇත්තටම බාධක ගොඩක් ආවා. මොඩලින් කරන්න ඇත්තටම මාව යොමු කළේ මගේ ඥාති සොයුරෙක්. එයත් කොළඹ ඉන්නේ. අපි ගොඩක් ට්‍රිප් යනවා. ඉතින් එහෙම ගියාම අපි ෆොටෝෂූට් කරනවා.  පස්සේ එයාම කිව්වා මොඩලින් පැත්තට යන්න කියලා. ඊට පස්සේ මගේ ෆොටෝ දැකලා ගොඩක් ඡායාරූප ශිල්පීන් කතා කළා මොඩලින් කරනවද අහලා. ඒ අතරින් මම හොඳයි කියලා හිතට ගන්න එක්කෙනක්වත් නෑ ඇත්තටම. එයාලා වෙන වෙන සයිඩ්වලට තමයි කතා කරන්නේ. ඒ අතර තමයි හෂාන් අයියා මුණ ගැසුනේ. මගේ පළවෙනි ෂූට් එක කළේ හසාන් අයියා එක්ක. හසාන් අයියා ඇත්තටම හොඳ කෙනෙක්. ඒක එළියට දැම්මට පස්සේ හසාන් අයියා ගැන එක එක කතා කිව්වා. මට එහෙම දෙයක් තේරුණේ නෑ... ඇත්තටම හසාන් අයියා හොඳ කෙනෙක්. මොඩලින් පැත්ත ඇත්තටම අමාරුයි ඉස්සරහට යන්න... හොඳ නමක් තියාගෙන ඉස්සරහට යන්න අමාරුයි. 

පොඩි කාලේ තිබුණු දෙයක්ද ලොකු වුණාම මොඩලින් කරනවා කියන අදහස.
චූටි කාලේ තිබුණා. නැත්තෙම නෑ... ලොකුවටම තිබුණේ නෑ...

ලොකු වුණාම මොනව කරනව කියලා පොඩි කාලේ හිතන් හිටියේ... 
ලොකු වුණාම ගුරුවරියක් වෙන්න තමයි හිතේ තිබුණේ. ඒත් ඉතින් ඒක කරගන්න බැරි වුණා. මම උසස් පෙළට වානිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මම කලිනුත් කිව්වා වගේ මම ගොඩක් දුප්පත් පවුලක කෙනෙක් නිසා මට කරගන්න අමාරු වුණා. 

මේ ගමනට උදව් කළ අය ගැන කිව්වොත්
ඇත්තටම මගේ ඥාති සොයුරා තමයි මට උදව් කළේ. ඊට අමතරව හෂාන් මතක් කරන්න ඕනි. එයා තමයි ගොඩක් උදව් කළේ. අයියා තමයි ඉතින් මුලින්ම කිව්වේ මොඩලින් කරමු කියලා. ඊට පස්සේ ඉතින් එයා අම්මිලාගෙනුත් අහලා... ඒ නිසා අම්මිලාත් කැමැති වුණා. මොකද අයියා කිව්වා මේක නරක දෙයක් නෙවෙයි හොඳ විදිහට මේක කරන්න කියලා. ඒ වගේම මම මේ වන විට නිරූපණය ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ වගේම මොඩලින් ෂෝවලට යන්න අදහසක් නෑ. මම වැඩියෙන්ම කැමැති රංගනය පැත්තට.

මොඩලින්වලදී මොන පැත්තද නියෝජනය කරන්න කැමැති.
මම ජනප්‍රිය වෙන්න කැමති බ්‍රයිඩල් පැත්තෙන් තමයි. දැනට බ්‍රයිඩ්ල් ෂූට් එකක් කරලා තියෙනවා. ඒක තාම එළියට දැම්මේ නැහැ. ඒ වගේම තවත් බ්‍රයිඩ්ල් ෂූට් තුනකට ඇවිත් තියෙනවා. මං බ්‍රයිඩ්ල් පැත්තෙන් ඉදිරියට යන්න තමයි ආස මොඩලින් පැත්තෙන්.

නිරූපණ ක්ෂේත්‍රයේදී ඇතමුන් විවිධ අයුතු යෝජනා ගෙන එන බවට ඇතමුන් චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
ම්ම්ම්... බරපතල ප්‍රශ්නයක්... මෙහෙමයි ඉතින් අපි හැමෝම මිනිස්සු... ඒත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න හැමෝටම බෑ... කැමරාවක් අතට ගත්තු ගමන් එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්නේ නෑ. ඒත් ඉතින් කවදාවත් එහෙම වෙන්න බෑ. ගොඩක් අමාරුයි ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න. මම දකින්නේ වෘත්තිය ඡායාරූප ශිල්පියෙක් කවදාවත් නිරූපණ ශිල්පිනියකට එහෙම කතා කරන්නේ නෑ. ඔය නිකන් ඉන්න කට්ටිය තමයි ඒ වගේ අනංමනංවලට කතා කරන්නේ. ඒවත් ඉතින් ඒ මිනිස්සුන්ට වැරදි කියන්නත් බෑ... මොකද එක එක්කෙනාගේ හැටි. අනික පිරිමි අය සාමාන්‍යයෙන් සමහරක් අය සමරක් කොට්ඨාසයක් ඉන්නවා මහ අමුතු කට්ටියක්. 

බ්‍රයිඩල් පැත්තෙන් යන්න හිතන් ඉන්න ඔයාට හොට් ෂූට් එකකට ආරාධනා කළොත් මොකද කරන්නේ. 
නෑ... මම හොට් ෂූට් නම් කරන්නේ නෑ... මට මාසෙට එක බ්‍රයිඩ්ල් එකක්වත් ආවේ නැතත් හොට් ෂූට් නම් කරන්නේ නෑ. ඒත් කැෂුවල් නෝමල් ෂූට් එක්ක ආවොත් ඇඳුම් මොනවද කියලා බලලා එහෙම එකක් දෙකක් කරනවා. 

පවුලේ විස්තර සහ පාසල් ජීවිතේ ගැන කතා කළොත්?
මම පවුලේ බාලයා.  මගේ පවුලේ අම්මා තාත්තා සහ අයියලා දෙන්නයි සහ අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. චූටි අයියා හැර අනිත් සියලු දෙනාම මැරි කරලා ඉන්නේ. ඉතින් එයාලා එයාලාගේ පවුල් ජීවිතය ගත කරනවා. අම්මා තාත්තා කරන්නේ ගොවිතැන. මම පාසල් ගියේ ගමේ පාසලට ඉන් පසුව උසස් පෙළ සඳහා නගරයේ පාසලට පැමිණියා. අපේ ගමේ පාසල ඉතින් ගොඩක් දුෂ්කර පාසලක්.

කොළඹට එන්න හේතුව මොකක්ද?
උසස් පෙළ කිරිමෙන් පස්සේ මට ගෙදරින් විවාහ යෝජනා ගොඩක් ගෙනාවා. ඉතින් ඒකෙන් බේරෙන්න කියලා හිතාගෙන තමයි කොළඹට ආවේ. අපේ නැන්දාගේ ගෙදර තමයි මම ඉන්නේ. ඊට පස්සේ මම කොළඹට ඇවිත් රැකියාවේ නිරත වුණා. මම දැනට නැන්දිගේ සැලෝන් එකෙත් වැඩ කරනවා ඊට අමතව සංචාරක කර්මාන්තයේ නියුතු ආයතනයක් සේවයේ නියුක්ත වෙනවා. 

ආදරේ ගැන මොකද කියන්න තියෙන්නේ. 
අම්මෝ ඒ ගැන මතක් කරන්නවත් එපා. ආදරේට මං වෛර කරනවා. 

ෂූට්වලට ගිහින් කරදරවලට එහෙම මුහුණදීලා තියෙනවද?
එහෙම නම් වෙලා නෑ... ඒ වුණාට එක්කෙනක් ඉස්සෙල්ලම... ඒයා තමයි කිව්වේ එයත් එක්ක ෂූට් එකක් කරමු... එතැනින් ඔයාට ගොඩක් ෂූට් එයි කියලා. පස්සේ මම එයා මීට් වෙන්න ගියා.. ෂූට් එකක් කළේ නෑ... මෙයා එක එක දේවල් ඉතින් කතා කරනවා. එයා ගොඩක් පේමස් කෙනෙක් කියලා තමයි කියන්නේ. පොටෝග්‍රැෆර් කෙනෙක්... පස්සේ මෙයා කතා කරන දේවල්වලින් තේරෙනවා වෙන දේකට තමයි එන්නේ කියලා. ඒ වුණාට තමයි ඇත්තටම... එයා නරක කෙකේ වුණත් ඔයා මොඩලින් කරන්න... ඔයාට ඉස්සරහට යන්න පුළුවන් කියන තත්ත්වය මගේ හිතට දැම්මේ එයා... ඊට පස්සේ ඉතින් එයාත් එක්ක තියෙන සබඳතා සියල්ල අත්හැර දැම්මා. 

වොශිකාගේ සුන්දරත්වය ඉමේෂ්ගේ කැමරා කාචයේ සටහන් වූ ආකාරය පහතින් නරඹන්න. 

Photography : Imesh Nuwandaka Photography



Chat with Woshika Rathnayake Chat with Woshika Rathnayake Reviewed by Admin on 11:03 PM Rating: 5

No comments:

Powered by Blogger.