Chat with Vimukthi Perera

Views
Set එකට ගිහින් Script එක නැතිව දෙබස් කියපු අවස්ථාත් තියෙනවා 


රංගනයෙන් මෙන්ම නිරූපණයෙන්ද දක්ෂතා පෙන්වීමට බලාපොරොත්තුවෙන් සිටින නවක ශිල්පී විමුක්ති පෙරේරා සමග සිරසගොසිප් සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි මේ. 


කොහොමද ජිවිතේ
ම්ම්ම්.... වරදක් නෑ.. හොදින් ගෙවිලා යනවා..

මොනවද අලුත් විස්තර
රැකියාවේ කටයුතුත් එක්ක තමා මේ දවස් වල වැඩිපුර කාලය ගෙවෙන්නෙ... නමුත් කලා කටයුතුත් අමතක කරලා නැහැ.. පුළුවන් වෙලාවන්වලට කරනවා..

මුලින්ම ආවේ රංගන ක්ෂේත්‍රයට ද නැත්නම් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට ද?
මුලින්ම ක්ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පියෙක් ලෙසට. එක අහම්බෙන් සිදු වූ දෙයක්. රංගන ශිල්පියෙක් වෙන්න අදහසක් තිබුනත් නිරූපණ ශිල්පියෙක් වෙන්න අදහසක් තිබුණේ නෑ.

ඒ ගැන මතකය අවදි කළොත්.
ක්ෂේත්‍රයට පිවිසුනේ රවින්ද්‍ර යසස් කුමානායක මහත්මයා නිසා. නෑදැකමට නම් එයා මගෙ මාමා කෙනෙක්. ඔහු මා තුල ඇති යම් දක්ශතාවයක් දැකල තමයි තාත්තා කෙටි චිත්‍රපටයට යොමු කලේ.
මගේ මුල්ම කලා නිර්මාණය වුණේ මංජුල යටවතුර අධ්‍යක්ෂණය කල "තාත්තා" කෙටි චිත්‍රපටය. එහි මම ප්‍රධාන චරිතය නිරැපණය කලා. එත කොට මට වයස අවුරුදු 18 යි. ඊට පස්සෙ උසස් අධ්‍යාපන කටයුතු ඉවර කරලා තමයි නැවතත් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. එතකොට තමයි මට නිරූපණ ශිල්පියෙක්  හැටියට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණේ.

ඔබේ ගමනට උදව්කරන එහෙම නැත්නම් සහ⁣යෝගය ගැන කිව්වොත්.
රංගනයට යොමුවෙනවට ගෙදර අය මුලින්ම කැමති වුණේ නැහැ. එ් නිසා මුල්ම කාලයෙදි පවුලෙන් වැඩි සහයොගයක් ලැබුනෙ නැ. නමුත් දැන් ඒ තත්වය වෙනස්. පවුලේ අයගෙන් ලොකු සහයොගයක් තියෙනවා. ඒ වගෙම කලා ක්ෂෙත්‍රයේ යාළුවො, පාසල් කාලයෙ යාළුවො, නැදැයො හැමොගෙන්ම දැන් ලොකු සහයොගයක් තියනවා...

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වෙලා ඉන්නෙ...
කෙටි චිත්‍රපට කිහිපයකටම සහභාගි වුණා. Photoshoot සදහා පෙනි සිටිනවා. ඊට අමතරව ඉන්දියානු දෙමළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සදහා තේරැණා. මේ දවස්වල ඒකට සුදනම් වෙනවා.  ඒවා තමයි ඉතින්.

රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් ලෙස ලැබු පැසසුම් මොනවාද?
විශේෂ පැසසුම් නම් ගොඩක් ලැබිලා නැහැ... නමුත් ක්ෂෙත්‍රය තුල මම හොද නමක් තියාගෙන ඉන්නවා කියලා හිතනවා..

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවාද?
රංගනය කියන්නෙ සුළුපටු දෙයක් නෙමෙයි.. ඒක එහෙම හිතනවා නම් ලොකු වැරද්දක්. ඒ නිසා රංගනය හොදට ඉගනගෙන ක්ෂෙත්‍රයේ ඉහල ගමනක් යන එක තමයි මගෙ බලාපොරොත්තුව...

නිරූපණ ශිල්පියෙක් / රංගන ශිල්පියෙක්  ලෙස අපහසුතාවයට එහෙම ලක්වූ අවස්ථා ඇති නේද..?
අපො...!! ගොඩක් අවස්ථා වලදි අපහසුතාවයට ලක් වෙලා තියනවා. Set එකට ගියාම script එකවත් නැතුව දෙබස් කියපු අවස්ථා ගොඩක් තියනවා.

චෝදනා එහෙම අැවිත් නැද්ද ...
තාම නම් එහෙම චොදනා එල්ල වෙලා නම් නෑ. ඉදිරියෙදි එල්ල වෙන එකකුත් නැති වෙයි.

නිදහස් වෙලාවට මොකද කරන්නේ... 
සිංදු අහන එක තමයි.. මං සිංදු පිස්සෙක්.. හැමතිස්සෙම සිංදු අහනවා. ඒ වගෙම චිත්‍රපටි බලනවා.. ඒ වගේ නිදහසේ ඉන්න තමා කැමති.

ආදරය ගැන මොකද හිතෙන්නේ .. 
ආදරය.. ම්ම්ම්... හරි සුන්දර දෙයක්.. හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් අද සමාජයේ තියන ආදරය කියන දේ නමි සැබැ ආදරයද කියලා හිතා ගන්න අමාරුයි.

දැනට පෙම්වතෙක්ද ...? 
හපෝ.. නෑ.. මම තාම පොඩි කොල්ලෙක් විතරයි..

පාසල් ගියේ කොහේද.. ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ... 
මගේ ගම බණ්ඩාරගම. අධ්‍යාපනය ලැබුවෙ බණ්ඩාරගම ජාතික පාසලෙන්. උසස්පෙළ විභාගයෙන් පස්සෙ ජාතික රැපවානියෙ වැඩසටහන් මෙහෙයුමි පාඨමාලව හැදැරැවා. පවුලෙ අමිමයි, අයියල දෙන්නයි, මමයි විතරයි.

යමෙකුට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් , කෙසේද සම්බන්ධ කර ගන්නේ.. 
මගේ ජංගම දුරකථන අංකය වන  071- 6714656 හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 

සිරසගොසිප් කරන මෙම නවකයින් හදුන්වාදීම ගැන ඔබේ අදහස කුමක්ද.. 
ඇත්තටම ගොඩක් හොද වැඩක්. ක්ෂෙත්‍රයකට නවකයෙක් හදුන්වල දෙනවා කියන්නෙ පසු කාලිනව කලාවට හොද කලාකාමි පුද්ගලයෙක් බිහි කරනවා කියන එක. අන්න ඒ කාර්ය ගොඩක් හොදින් සිරසගොසිප් හරහා සිදුවෙනවා.

සාකච්ඡා කළේ : ගයාත්‍රි













Chat with Vimukthi Perera Chat with Vimukthi Perera Reviewed by Admin on 12:46 AM Rating: 5

No comments:

Powered by Blogger.