Chat with Singer and actress Sulochana Deraniyagala

Views
ගායනයෙන් රංගනයට පිවිසෙන සුලෝචනා


සිය හැකියාවන් පළමුව ගායන ක්ෂේත්‍රයේ පෙන්වා පසු කාලීනව සිය රංගන හැකියාවන්ද ඔප මට්ටම් කර ගනිමින් මේ වන විට රංගනයට දායක වී සිටින ශිල්පිනී සුලෝචනා දැරණියගල සමග සිරසගොසිප් සිදු කළ සාකච්ඡාවයි මේ. 

කොහොමද ජීවිතේ? 
ජිවිතේ හොදින් ගෙවනවා. කලා ක්ෂේත්‍රයේ  සම්බන්ධ වෙලා ඉන්න වැඩ කටයුතු කරගෙන සතුටින් ඉන්නවා..

මොනවද අලුත් විස්තර? 
අලුත් විස්තර මේ දිනවල මගේ ගීත දෙකක music videoවල වැඩ කරගෙන යනවා. ඊට අමතරව අළුත් ගීත කිහිපයක පද රචනය හා පටිගත කිරීම් වල නිරත වෙනවා. ඒ වගේම film එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. රංගන ක්ෂේත්‍රයේ අලුත් වැඩ කිහිපයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මුලින්ම රංගන ක්ෂේත්‍රයටද ආවේ නැත්නම් ගායන ක්ෂේත්‍රයටද?
මුලින් ම ආවේ ගායන ක්ෂෙත්‍රයට.

ෆීල්ඩ් එකට යොමු වන්නේ කෙසේද? 
Field එකට මුලින් ම යොමු වුනේ මගේ ගීත හරහා. එතනින් පස්සෙ තමයි රංගන ක්ෂේත්‍රයට යොමු වුනේ.

ඒ ගැන මතකය අවදිකළොත්? 
ඒ ගැන මතකය අවදි කලොත් මං 1st song එක release කරේ last year එකේ. ඒකෙන් පස්සෙ තමයි මං තව ඉස්සරහටත් ගීත එලිදක්වන්න ඕන කියලා අදහසක් ඇති වුනේ. මං දිගටම ගීත රචනා කරන්න පටන් ගත්තා. ඒ අතරතුර මගේ 2nd song එක release කරා. ගොඩක් හොද ප්‍රතිචාර ලැබුණා. ⁣මේ අවුරුද්දේ මට හිරු tv ආටක නාටක Act කරන්න Chance එකක් ලැබුණා. පාසල් යන කාලේ Stage drama, Drama competitionවලට ගියාට පස්සේ මුලින් ම රංගන ක්ෂේත්‍රයට ආවේ ආටක නාටක හරහා. ඊට පස්සෙ තමයි Field එකේ තව වැඩවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ අතර තව ගීත දෙකක් release කරා. 

ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද? 
ලැබෙන සහයෝගය ගැන කතා කරොත් පුංචි කාලේ ඉදන් හැකියාවන් වැඩි දියුණු කර ගන්න දෙමාපියන්ගෙන් සහය ලැබුනා. ඒත් දැන් කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනවට දෙමාපියන්ගෙ කැමැත්තක් නෑ.. මගේ හැකියාවන් තියෙන්නෙ කලා ක්ෂේත්‍රයට. මං කැමති කලා ක්ෂේත්‍රයට. ඉතිං බාධා මැද සාර්ථකව වැඩ කටයුතු කරගෙන යනවා..ඒ වගේම යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, හිතවත් අයගෙන්, කලා ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන ආදරේ, ප්‍රතිචාර මගේ ගමන තවත් ශක්තිමත් කරනවා.

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වෙලා ඉන්නේ.  
මේ වන විට රංගනයෙන් දායක වෙලා ඉන්නේ හිරු tv ආටක නාටක සහ film එකක රුගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ආරාධනා ලැබුනු තවත් film දෙකක් Stage drama එකක් සහ Short film තුනකට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රංගන ශිල්පිනියක්/ ගායන ශිල්පිනියක් ලෙස ලැබූ පැසසුම් මොනවද? රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් විදිහට ලැබෙන පැසසුම් ගොඩක් හොදයි. ඒ හැමදේම ගොඩක් සතුටින් විඳිනවා. ඒ ලැබෙන පැසසුම් තමයි මගේ ගමනට ශක්තියක් වෙන්නෙ. ඒ හැමෝටම මං ගොඩාක් ආදරෙයි..

ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවද?
ගායන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියටත් මගේ නිර්මාණ තුලින් තවත් රසිකයන් අතරට එන්න මං බලාපොරොත්තු වෙනවා..

ගායන ශිල්පිනියක්/ රංගන ශිල්පිනියක් ලෙස අපහසුතාවයට ලක්වූ අවස්ථා එහෙම ඇතිනේද? 
අපහසුතාවයට ලක්වුණු අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා වල සමහර නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නත් සමහර වැඩ කටයුතුවලින් ඈත්වෙන්නත් සිදුවෙලා ති⁣යෙනවා. හරි විදිහට නිර්මාණවලට සම්බන්ධ වෙන්නයි මං කැමති. ඒ නිසා අතහැරපු කිසිදෙයක් ගැන දුකක් නෑ.

ෆීල්ඩ් එකේදී චෝදනා එහෙම ඇවිත් නැද්ද? 
Field එකේදී  කිසිම චෝදනාවක් දැනට නම් ඇවිත් නෑ

Free Timeවල මොකද කරන්නේ.  
Free time වලදි මං ගොඩක් ම කැමති නිදහසේ සිංදු අහන්න. නිදහසේ ඉන්න නම් ගොඩක් කැමති. ඉතිං free වෙලාවට ඒ නිදහස උපරිම විදිනවා..

නවක ශිල්න්පිනියන් නගන චෝදනාවක් තමයි ක්ෂේත්‍රයේ සමහරුන් අයුතු යෝජනා ගෙන එන බවට. ඒ ගැන මොකද කියන්නේ.  
ඔව් field එකේ සමහර Directors ලා, සමහර Photographers ලා ඕන තරම් අයුතු යෝජනා කරනවා. ඒත් හැම කෙනාම එහෙම නෑ. එහෙම කරන අයගෙන් පරිස්සම් වෙලා නම තියාගෙන වැඩ කටයුතු  කර ගන්න ක්ෂේත්‍රයේ ඉන්න අය දැන ගන්න ඕන.  නැත්නම් ඉස්සරහට field එකේ හොද නමක් එක්ක රැදෙන්න අමාරුයි ..

ආදරය ගැන මොකද හිතෙන්නේ.
ආදරය ඉතිං එකිනෙකා දකින්නෙ එක එක විදිහට. මට නම් ආදරේ දැනුනොත් ඒක සුන්දරයි. නැත්නම් නැහැ. අවංක ආදරයක් ලබන්න හැමෝටම බැහැ. ඒත් අවංක ආදරයක් තියෙන තැනක විතරයි ආදරේ ඇත්තටම සුන්දර වෙන්⁣නෙ. වර්ථමානෙ නම් ආදරේ හැමෝටම ප්‍රිය දෙයක් නෙමෙයි. සමහරුන්ට ඒක විහිළුවක් වගේ. ඉතිං ආදරේ කියනදේට වටිනාකමක් දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා..

දැනට පෙම්වතියක්ද? 
දැනට පෙම්වතෙක් නැහැ. මාව තේරුම් ගත්තු , මගේ ගමනට ශක්තියක් වෙන අවංක කෙනෙක් ලැබුනොත් ආදරේ ගැන හිතනවා..

පාසල් ගියේ කොහේද, ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ... 
මගේ පාසල Princeess of wale's college මොරටුව. මං ඉන්නෙ මොරටුවේ. පවුලේ ඉන්නෙ තාත්තයි , අම්මයි, මල්ලී ආච්චිඅම්මයි.

යමෙකුට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද සම්බන්ධ කර ගන්නේ. 
මාව සම්බන්ධ කර ගන්න පුළුවන් මගේ ජංගම දුරකථන අංකය හරහා (ජංගම දුරකථනය අවශ්‍ය අයෙක් වෙත්නම් සිරසගොසිප් ඔස්සේ ලබාගත  හැකියි. මන්ද අප ශිල්පිනියන්ගේ ජංගම දුරකථන අංකය ප්‍රචාරය නොකරන නිසා) සහ  මාගේ ඊමේල් ලිපිනය වන sulochanaderaniyagala.lk@gmail.com ඔස්සේ වගේම Facebook සහ Instergram වලින්. ඒවායේ Sulochana Deraniyagala යන නමින්  මම සිටිනවා. 
මගේ ලිපිනය - අංක 09, ගල්පොත්ත පාර, කඩලාන, මොරටුව. 

සිරසගොසිප් කරන මෙම කටයුත්ත ගැන ඔබේ අදහස කුමක්ද? 
Sirasagossip වෙතින් මේ විදිහට නවකයන් හදුන්වා දෙන එක ඇත්තටම ගොඩක් වටිනවා. මං ඒකට ගරු කරනවා. මඩ ගහන pages අතර කෙනෙක්ට යහපතක් කරන Sirasagossip web page එක ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේ ම හදවතින් ම සුභ පතනවා...

සුලෝචනාගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 



Chat with Singer and actress Sulochana Deraniyagala Chat with Singer and actress Sulochana Deraniyagala Reviewed by Admin on 2:20 AM Rating: 5

No comments:

Powered by Blogger.