10th Anniversary of salon Ruwelma

Views
දසවසක් ලියන් හැඩගැන්වූ සැලෝන් රුවෙල්මා



සිරසගොසිප් අප මීට පෙර මෝස්තර නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් සම්බන්ධයෙන් විවිධ ලිපි පළ කළා. එහි දිගුවක් ලෙසට අප එම ශිල්පීන් ශිල්පිනියන් හැඩගැන්වීම සිදු කරන රූපලාවන්‍ය ශිල්පීන් සහ ස්ථාන සම්බන්ධයෙන්ද තොරතුරු ඔබ වෙත ගෙන ඒමට "සිරසගොසිප් රූ මන්දිර" හරහා සූදානමින් සිටිනවා.
එලෙස අද දවසේ අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දස වසක් තිස්සේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් තබාගෙන ඇති සැලෝන් රුවෙල්මා සම්බන්ධයෙනි. 
සැලෝන් රුවෙල්මා රූපලාවන්‍යාගාරය දෙහිවල, කළුබෝවිල රෝහල පාරේ අංක 112/B ස්ථානයේ පිහිටා තිබෙනවා.  මෙම රූපලාවන්‍යාගාරයේ හිමිකරු වන්නේ රූවලාවන්‍ය ශිල්පී ශෙනාල් ද සිල්වායි. ඔහු දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකි. ඔහු ක්ෂේත්‍රයට පිවිසුණු ආකාරය සහ සැලෝන්රුවෙල්මා  ආරම්භ කළ ආකාරය අප සමග පැවසුවේ මේ අයුරිනි. 

මම මේ ක්ෂේත්‍රයට  පැමිණියේ 2007 වර්ෂයේදී. අද මෙතැනට එන්න  මට මග පෑදුවේ මගේ ගුරුතුමා සමීර මධුකිදෙල්පිටිය මහතා. එතුමාගේ මග පෙන්වීම යටතේ මම වැඩ කරලා රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පැමිණියා.
ඊට පසුව මට මගේ ගුරුතුමිය වුණේ මිෂෙල් මහත්මිය. මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා එතුමියව. එම රූපලාවන්‍යාගාරයේ වසර 2ක් පමණ සේවය කළා. එතැනින්න මම මගේ පලවෙනි අත්තිවාරම දාගත්තා. ඒ විදිහට වැඩ කරගෙන යද්දි මට ප්‍රවීණ ගායන ශිල්පිනී අමිලා නදීශානි මහත්මිය හමුවුණා. අමිලා අක්කා අලුතෙන් සැලෝන් පටන් ගන්නවා කියලා මට කිව්වාම මම ගොඩක් සතුටු වෙලා ඒ අක්කාගේ සැලෝන් එකේ වසරක කිහිපයක් වැඩ කළා. 
පසුව අමිල අක්කා සැලොන් එක මට දුන්නා කරගෙන යන්න. අමිලා අක්කාත් සමන්ත අයියාත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. 
ඊට පස්සේ සැලෝන් කන්කා (Salon Kanka) සැලෝන් රුවෙල්මා බවට පත් වුණා. 
මේ වසර කිහිපය තුළ මගේ අතින් හැඩ වෙච්චි හැම මනාලියක්ම හැමෝම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ම ගේ දෙමාපියන්, සහෝදරයන්, ගීත් අයියා (ගීතාප්ප්‍රිය සමරසිංහ) ආදරෙන් මතක් කරනවා. 
ඒ වගේම මේ ගමනට සහය දීපු හැමදෙනාමට ස්තුතියි. 
එලෙස අප හා දොඩමළු වූයේ සැලෝන් රුවෙල්මා හි හිමිකරු වන රූපලාවන්‍ය ශිල්පිනි ශෙනාල් ද සිල්වා  මහතායි. ඔහු නිරන්තරයෙන් ඔබගේ රූපලාවන්‍ය කටයුතු ඉතා සුන්දර ආකාරයෙන් සිදු කර දීමට නිරන්තරයෙන් කැපවී සිටිනවා. ඔහුගේ රූපලාවන්‍යාගාරය පිහිටා ඇත්තේ දෙහිවල කළුබෝවිල රෝහල පාරේ, අංක 112/B ස්ථානයෙයි
ඔහු සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් පහත ආකාරයෙන් සම්බන්ධ විය හැකියි. 
සැලොන් රුවෙල්මා
112/B, කළුබෝවිල රෝහල පාර, දෙහිවල. දුරකථන අංකය 0777158152

සැලෝන් රුවෙල්මා විසින් හැඩගැන්වූ මනාලියන්ගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.
















10th Anniversary of salon Ruwelma 10th Anniversary of salon Ruwelma Reviewed by Admin on 7:02 PM Rating: 5

No comments:

Powered by Blogger.