Chat with Live Show in Sri Lanka Facebook Page owner

Views
ෂෝ එකට කලින් ෂෝ එකේ විස්තර ගෙනෙන ඉංගිරියේ ඉඳුනිල්ගේ Live Show in Sri Lanka Facebook Page එක




සජීවි සංගීත කරළියේ සැබෑම පෙරළියක් කරන Facebook පිටුව යන තේමාවෙන් මීට වසර හතරකට පමණ පෙර මුහුණු පොතට එක්වූ Live Show in Sri Lanka සම්බන්ධයෙන් විමසා බැලීමට අප තීරණය කළා. එහිදී මෙම පිටුව පවත්වාගෙන යනු ලබන ප්‍රධානියා වන ඉඳුනිල් තුෂාරගෙන් අපි මේ සම්බන්ධයෙන් විමසා සිටියා. පහත දැක්වෙන්නේ ඉඳුනිල් සමග සිරසගොසිප් සිදු කළ සංවාද සටහනයි. 



කොහොමද මේ කටයුත්ත ආරම්භ වුණේ කොහොමද?
කොහොමත් මම කණ්ඩායම් සංගීතයට ආසයි. ඒ තියෙන ආසාවත් එක්ක මම අන්තර්ජාලය පරිහරනය කරද්දි තමයි හිතුවේ මේවගේ දෙයක් පටන් ගත්තේ. 

කවදද මේ පිටුව ආරම්භ කළේ
2013 ජුලි 04 වැනිදා තමයි මම පටන් ගත්තේ. මුලින්ම මම තනිවම මෙය ආරම්භ කළා. පසුව තවත් යාළුවෙක් එකතු වුණා. එයා පුවත්පතක වැඩකරන කෙනෙක්. ඊට අමතරව තවත් අයෙක් මෑතකදී සංස්කාරකවරයෙක් ලෙසට එකතු වුණා. දැන් මට අමතරව තවත් දෙදෙනෙක් ඉන්නවා. 

මෙවැනි පිටුවක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
මගේ විනෝදාංශය තමයි මෙය. ඒකෙන් මට ආත්ම තෘප්තියක් ලැබෙනවා. ඒ වගේම අලුත් අයට අවස්ථාවක් ලැබෙනවා. එකම කණ්ඩායමකට නෙවෙයි මෙය වෙන් වෙලා තියෙන්නේ. එක් එක් කණ්ඩායමට වෙන් වූ පිටු තිබෙනවා. ඒත් හැමෝම ගැන කතා කරන පිටුවක් නැහැ. එම නිසා තමයි මෙවැනි දෙයක් කිරීමට මම තීරණය කළේ.  ඒක නිසා මේ පිටුව තමයි දැන් උඩින්ම තියෙන පේජ් එක.  මම පුද්ගලික ආයතනයක සේවයේ නියුක්ත වන අතරතුර තමයි මෙම පිටුව කරන්නේ. 

මෙම පිටුව නිසා බැනුම් අහපු අවස්ථා තියෙනවාද?
අපොයි ඔව්... මුල් කාලයේදී ලැබෙන තොරතුරු පෝස්ට් එකක් විදිහට දැම්මා. දැන් එහෙම කරන්නේ නැහැ. දැන් අදාළ පාර්ශ්වවලට කතා කරලා දැනුවත්වීමක් වෙලා තමයි පෝස්ට් එකක් දාන්නේ. මුලින් නම් පෞද්ගලික දේවල් එහෙම දාලා... දැන් ඉතින් ඒවා වගේ දාන්නේ නැහැ... දැන් අවුරුදු හතරකටත් ලං වෙන්න එනවානේ. ඉතින් අපි විශේෂයෙන්ම අදාළ පාර්ශ්වයෙන් අහලා කන්ෆර්ම් කරගෙන තමයි දාන්නේ. 

ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? 
ඇත්තටම ලොකු සහයෝගය ලැබෙනවා. මොකද දැන් ගොඩක් දුරට සංගීත කණ්ඩායම් බොහෝමයක් සමග සම්බන්ධතා තියෙනවා. නිව්ස් එකක් ආවම මම කතා කරලා බලනවා ඒක ඇත්තද කියලා. මේ පේජ් එකේ නම කිව්වම සංගීත කණ්ඩායම්වල අය දන්නවා. 

යම්කිසි කණ්ඩායමක අලුත් දෙයක් කළොත් ඔබ දැන ගන්නේ කෙසේද?
ලංකාවේ නම්බර් වන් කියන සංගීත කණ්ඩායම් සමග නම් සම්බන්ධතා නැහැ. ඒත් දෙවැනි පෙළ සංගීත කණ්ඩායම් සමග මගේ සම්බන්ධතා තියෙනවා. අලුත් කණ්ඩායම් අපිට තොරතුරු දෙනවා... අපි අලුත් කණ්ඩායමක් හදනවා මේ වගේ දෙයක් තියෙනවා කියලා මේ පෝස්ට් එක දාලා දෙන්න කියලා කියනවා. 

මෙවැනි පිටුවක් කිරීමේදී වීඩියෝ සහ ඡායාරූප ලැබෙන්නේ කොහොමද?
ගොඩක් කණ්ඩායම්වලින් වීඩියෝ සහ ඡායාරූප ලැබෙනවා. අලුත් දෙයක් ආවොත් දෙනවා. එහෙම නැත්නම් මට කිව්වොත් වෙළෙඳ පොළේ තියෙන වීඩියෝ පටයක් අරගෙන සපෝට් එකක් දෙන්න කිව්වොත් මම මිලදී ගෙන පෝස්ට් එකක් හදලා දානවා. ඒ වගේ පොඩි කැප කිරීමකුත් කරනවා. 

මේ වගේ දෙයක් කරන්න හිතුවේ ඇයි?
මම මුලිනුත් කිව්වා මේක මගේ විනෝදාංශය කියලා. එම නිසා මම ගොඩක් ඒ දේට කැමැතියි. සංගීත කණ්ඩායම් වැටෙනවාට නෙවෙයි සංගීත කණ්ඩායමක්, ගායකයෙක්, වාදකයෙක් ඉස්සරහට එනව නම් මම ගොඩක් කැමැතියි. ඒ අනුව සපෝට් එක දෙනවා. සමහර අය ඉන්නවා ෆේස්බුක් කියන එක ගණන් ගන්නේ නැහැ... සමහර සංගීත කණ්ඩායම් තියෙනවා එච්චර ලොකුවට හිතන්නේ නැහැ... ඒත් සමහර සංගීත කණ්ඩායම් තියෙනවා ෆේස්බුක් එකෙන්ම ගොඩ ගියපු ඒවා වගේම ෆේස්බුක් එකෙන්ම වැටිච්චි සංගීත කණ්ඩායම් තියෙනවා. සමහර අය නම් ඉතින් එච්චර ෆේස්බුක් ගණන් ගන්නේ නැහැ... අඩු ගානේ පෝස්ට් එකක්වත් දාන්නේ නැහැ... අප්ඩේට් එකක්වත් දෙන්නේ නැහැ. ඒත් සමහර කණ්ඩායම් තියෙනවා පුංචි දේත් අපිට දීලා පබ්ලිෂ් කරගෙන යන අය. 

ආරංචියක් ලැබුණු සංගීත ප්‍රසංගයක් කරන්න යනවා කියලා. 
ඔව් ෂෝ එකක් කරන්න අදහසක් තිබුණා. දැනටත් තියෙනවා අදහසක්... ලොකු ෂෝ එකක් නැතත් අඩු ගානේ අලුත් කණ්ඩායමකට ඉදිරියට එන්න රූම් ෂෝ එකක් හරි... ඒ කියන්නේ එක කණ්ඩායමක් ගෙනත් ප්‍රැක්ටිස් රූම් එකේ පොඩි ෂෝ එකක් කරලා... අලුත් සින්දු ටිකක් කරන එක... ඒ වගේ දෙයක් කරන්න අදහසක් තියෙනවා. ඒකට පොඩි බාධකයක් වෙලා තියෙන්නේ මම පොඩි රැකියාවක් කරන්නේ ඉතින් ඒක නිසා බඩු හොයා ගන්න අපහසුයි. එකක් නෙවෙයි කිහිපයක් කරන්න තමයි බලාපොරොත්තුව. අද එක කණ්ඩායමකට අවස්ථාව දීලා තවත් අයෙක් ඊළඟට අවස්ථාව දීලා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ෆේස්බුක් හරහා ලයිව් දෙන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවානේ. ඉතින් මගේ අනිත් එඩිටර්  දෙන්නත් එක්කත් කතා කරලා කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඉඳුනිල් ඔයා ගැන ටිකක් කිව්වොත්
මම හොරණ ඉංගිරියේ. මම ඉස්කෝලේ ගියේ ඉංගිරියේ සාගර පලන්සූරිය විද්‍යාලයට. මම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඊට අමතරව මම පානගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. 

සංගීත ප්‍රසංගයක් පිටුව හරහා ලයිව් දෙන්න බලාපොරොත්තුවක් නැත්ද?
ඇත්තටම එහෙම අවස්ථා තියෙනවා... දැනුත් මගේ අනිත් එඩිටර්ලා දෙන්න ජංගම දුරකථනයෙන් දෙනවා. අපිට ඒක කරනවා නම් ටිකක් ලොකු පිරිවැයක් දරන්න වෙනවා. දෙන්න පුළුවන්... ඊට අදාළ තාක්ෂණික උපකරණ සහ අවශ්‍ය අන්තර්ජාල සබඳතා වගේ තියෙන්නේ ඕන. හොඳ තත්ත්වයේ ලයිව් එකක් දෙන්න නම් 4G තියෙන්නෙ ඕන. HD තාක්ෂණයෙන් ලයිව් එකක් කරද්දි අන්තර්ජාල සබඳතාව හොඳටම තියෙන්නේ ඕනි. ඒවගේ තාක්ෂණික ගැටලු කිහිපයක් තියෙනවා. මම කොහොමත් ආශාවෙන් ඉන්නවා එවැනි දෙයක් කරන්න. ඒත් මගේ රැකියාවත් සමග පොඩි ගැටලු කිහිපයක් මතුවෙලා තියෙනවා. 

මේ අවුරුද්දේ වෙනසක් දකින්න පුළුවන් වෙයිද ඔබගේ පිටුවත් සමග එක්ව සිටින අයට.
අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි... කොහොමත් මේ අවුරුද්දේ වෙනසක් කරන්න මගේ එඩිටර්ලා දෙන්නත් එක්කත් කතා කරගෙන ඉන්නේ. ප්‍රැක්ටිස් රූම් එකේ ෂෝ එක තමයි කරන්න ඉන්නේ. 

පවුලේ අයගෙන් ලැබෙන සපෝට් එක කොහොමද?
ගෙදර අය කියන්නේ ඉතින් මගේ මල්ලිගෙන් සපෝට් එක තියෙනවා. අනිත් අය නම් ඉතින් අන්තර්ජාලය ගැන වැඩිය දැනුමක් නැති වුණත් එයාලත් මට සහයෝගය ලබාදෙනවා.  ඒ වගේ තමයි යාළුවොත් උදව් කරනවා. 
ඒ වගේම මගේ වෙබ් අඩවියක් තියෙනවා liveshowinsrilanka.com කියලා. ඒ වගේම මගේ යූටියුබ් චැනල් එකක් තියෙනවා liveshowinsrilanka කියලා. 
ඒ වගේම සංගීත ප්‍රසංග ගැන කලියෙන්ම දැනගන්න පුළුවන් එස්.එම්.එස්. එලර්ට් එකක් තියෙනවා. REG MM කියලා ටයිප් කරලා 77009ට SMS කරලා ප්‍රසංග වේදිකාවේ අලුත්ම තොරතුරු ජංගම දුරකථනයකට ගෙන්වා ගන්න පුළුවන්. දැනට ඩයලොග් සහ හච් සඳහා පමණයි මෙම පහසුකම තියෙන්නේ.  ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙනවා. ඒකත් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. 

විශේෂයෙන් මතක් කළ යුතු සහ ස්තුතිවන්ත විය යුතු පිරිස ගැන මතක් කළොත්
මගේ අනෙක් එඩිටර්ලා දෙන්නා වන සංදීප ජයසිංහ සහ ප්‍රසන්න තේනුවර දෙන්න විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම මට තොරතුරු දෙන සෑම බෑන්ඩ් එකකම කෙනෙක් මතක් කරන්න ඕනි. ඒ වගේම මට ෆොටෝස් එවන, වීඩියෝස් වන අයට සහ ලයික් කරලා ෂෙයාර් කරන අයටත් ස්තුති කරන්න අවස්ථාවක් කරන ගන්නවා. දැන් මේ පේජ් එක මගේග ජීවිතේ කොටසක් බවට පත්වෙලා තියෙන්නේ. 

එල්ල වන බාධාක ගැන කිව්වොත්...
ගොඩක්ම එන්නේ පේජ් එක රිපෝට් කරන එක. මගේ පේජ් එක රිපෝට් කරලා මාස හතරක් විතර අන්පබ්ලිෂ් වෙලා තිබුණා. ඊට පස්සේ මම මේ ළඟදී තමයි ආයේ ඒක යථාවත් කර ගත්තේ. ඒ වගේම මගේ පේජ් එකට සමානව ඒ ළඟින් යන පේජ් එකක් හදලා තිබුණා. වචන එකකින් වෙනස් වෙන විදිහට. ඒක තාමත් තියෙනවා. මට ඒක ගැටලුවක් නෑ. මමනේ මුලින් ඒක කළේ. මාවනේ කොපි කරන්නේ. දැන් ඕනම තැනක දන්නවා ලයිව් ෂෝ ඉන් ශ්‍රී ලංකා කිව්වම මාව නොදන්නවා වුණාට. මියුසික්වලට ආදරය කරන ගොඩක් අය දන්නවා. 

තොරතුරු ලබාදෙන්නේ කොහොමද ඔබට.
Liveshowinsrilanka.com කියන වෙබ් එක තමයි අපේ. අපිව කන්ටෑක්ට් කර ගන්න පුළුවන් liveshowinsrilanka@gmail.com කියන ඊමේල් ලිපිනයෙන් පුළුවන්. ඒ වගේම අපේ දුරකථන අංකය වන 0716775391ටත් තොරතුරු ලබාදෙන්න පුළුවන්. මම කිව්ව නම්බර් එකෙනම් වයිබර්, වට්ස්ඇප්, ඉමෝ හැම එකේම අපි ඉන්නවා. ඒ වගේම liveshow in sri lanka කියලා අපේ වයිබර් පබ්ලික් චැට් එකක් තියෙනවා ඒකත් Follow කරන්න කියලා කියනවා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා අලුත් සංගීත කණ්ඩායම් ඡායාරූපයක් එවලා කියනවා අපේ බෑන්ඩ් එකේ නම මේකයි මේක දාලා දෙන්න කියලා... ඉතින් මම එවැනි අයගෙන් ඉල්ලා සිටිනවා බෑන්ඩ් එකක් ෆොටෝ එකකින් ජනප්‍රිය කරන්න බැහැ. අලුත් කණ්ඩායමක් නම් ප්‍රැක්ටිස් සී.ඩී. එකක්වත් එවන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට තමයි මිනිස්සු බලන්නේ. ඒක තමයි කියන්නෙ තියෙන්න. තව ඉතින් විස්තර එවන්න කියලා තමයි කියන්න තියෙන්නේ. පේජ් එකත් එක්ක ඉ න්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉස්සරට ලොකු වැඩ ටිකක් කරන්න ඉන්නවා. 

✔ Viber Gorup 👉 www.viber.com/liveshowinsrilanka2
✔ Youtube 👉 Live Show in Sri Lanka
✔ Web site 👉 www.liveshowinsrilanka.com

Concert Adming 📞📨
0716775391( Viber ,Imo ,Whatsapp, )
_______________________

අපේ Android App එක Download කර ගන්න 


_________________________

SMS Alert Savies 

👉 ප්‍රසංග වේදිකාවේ අලුත්ම තොරතුරු SMS මගින් ඔබේ දුරකථනයට ගෙන්වාගැනීමට ...
👉 REG MM ලෙස සටහන් කර 77009 ට SMS එකක් යවන්න ...
👉 Dialog And Hutch Only / Rs 02+ Tax Per Day




Chat with Live Show in Sri Lanka Facebook Page owner Chat with Live Show in Sri Lanka Facebook Page owner Reviewed by Admin on 4:29 PM Rating: 5

No comments:

Powered by Blogger.