Chat with Isuru Sampath

Views

දක්ෂ රංගන ශිල්පියෙක් වීමට කැමති ඉසුරු



මෝස්තර නිරූපණයෙන් මෙන්ම රංගනයෙන් දක්ෂතා දක්වන කඩවසම් තරුණයකු වන ඉසුරු සම්පත් සමග සිරසගොසිප් සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි. 


කොහොමද ජීවිතේ? 
සාමාන්‍ය විදිහට සතුටින් ගත කරනවා..

මොනවද අලුත් විස්තර? 
මේ දවස්වල ටිකිරි රත්නායක මහත්මයාගේ " ඇත්තයි මේ ආදරේ" ටෙලි නාට්‍යට සම්බන්ධ වී සිටිනවා. ඒ අතරම අළුත් මියුසික් වීඩියෝ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා..

මුලින්ම රංගන ක්ෂේත්‍රයටද ආවේ නැත්නම් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටද?.  
මං මුලින් ම සම්බන්ධ වුනේ  මෝස්තර නිරුපන ක්ෂේත්‍රයට.. ඊට පස්සෙ තමයි රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනේ .

ෆීල්ඩ් එකට යොමු වන්නේ කෙසේද , ඒ ගැන මතකය අවදි කළොත්..? 
මගේ යාළුවෙක් ඉන්නවා රුවන් කියලා. එයා තමයි මේ ගමන එන්න මට ගොඩක් උදව් කරේ..  ඊට අමතරව නුවන් කළුආරච්චි කියන අනික් යාළුවා තමයි මෝස්තර නිරුපන ක්ෂේත්‍රයෙන් , රංගන ක්ෂේත්‍රයට පිවිසීමට උදව් ක⁣ළේ..


ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද? 
මගේ අම්මා, තාත්තා, ආච්චි මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම හැමෝගෙන් ම ලොකු සහයෝගයක් ලැබෙනවා. 

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වන දේවල් ගැන මතක් කලොත්?
සම්පත් ශ්‍රී රෝෂන් අයියගේ "ආසයි මං පියාඹන්න" ටෙලිනාට්‍ය , ටිකිරි රත්නායක මහත්මයාගේ "ස්වර්ණපාලි" ටෙලිනාට්‍ය හා ඔහුගේ ම "ඇත්තයි මේ ආදරේ" ටෙලිනාට්‍ය සදහා දායක වන අතර, නන්දන විජයකුමාර සහ සෝමරත්න මාලිම්බඩ යන දෙදෙනාගේ "අනාත දුපත" චිත්‍රපටය හා ලබන වසරේ තිරගත වීමට නියමිත " කෞෂි" චිත්‍රපටය වගේම මියුසික් විඩියෝ ⁣හා වෙළෙඳ දැන්වීම් සදහා ද රංගන දායකත්වය ලබාදි තිබෙනවා.

රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවද?
දක්ෂ රංගන ශිල්පියෙක් හැටියට ඉදිරියට ම යාම⁣ට බලාපොරොත්තු ⁣වෙනවා.

ෆ්‍රී ටයිම්වල මොකද කරන්නේ. 
සිංදු අහනවා, ෆිල්ම්ස් බලනවා, වෙලාවක් තියෙනවා නම් stage drama බලන්න යනවා..

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
ආදරය සුන්දරයි..

දැනට පෙම්වතෙක්ද ? 
නැහැ 

ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ.
මම මීරිගම , මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මායි, තාත්තායි, ආච්චි

සිරසගොසිප් කරන මෙම නවකයින් හඳුන්වාදීම ගැන ඔබේ අදහස කුමක්ද? 
ඇත්තටම ගොඩක් හොද දෙයක්, මේ වගේ නවකයින්ට අතහිත දීලා දිරිමත් කිරිම ගැන ගොඩාක් සතුටුයි....

සාකච්ඡා කළේ - ගයාත්‍රි















Chat with Isuru Sampath Chat with Isuru Sampath Reviewed by Admin on 8:32 PM Rating: 5

No comments:

Powered by Blogger.