chat with Chong Anupama

Views
චෝදනා නම් එමටයි - මම ඒවා ගණන් ගන්නේ නෑ



පළමු රංගන ක්ෂේත්‍රයට පැමිණි ඉන් පසුව නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණය වූ අපූර්ව නමක් සහිත තරුණ නිරූපීකාවක් අප අද සිරසගොසිප් සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ කර ගත්තා. ඇය නමින්  චොන්ග් අනුපමා. මේ ඇය සමග සිරසගොසිප් සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි. 


කොහොමද ජීවිතේ?
ගොඩක් හොදයි සතුටින් ගෙවනවා..

මොනවද අලුත් විස්තර? 
මේ දවස්වල වැඩ වලින් ටිකක් ඈත් වෙලා ඉන්නේ.. ගෙදරට වෙලා ඉන්නවා...

මුලින්ම රංගන ක්ෂේත්‍රයටද ආවේ නැත්නම් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටද?.  
මුලින් පැමිණියේ රංගනයට... පසුව නිරුපනයට....

ෆීල්ඩ් එකට යොමු වන්නේ කෙසේද? ඒ ගැන මතකය අවදි කළොත්... 
මුල ඉදන් field එකට එන්න ලොකු ආශාවක් තිබ්බා..  පස්සෙ මට facebook හරහා හිමේෂ් ජයරත්න අයියා මුණගැසුණා.. එයා තමයි මට help කරේ...

ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද? 
මට ලොකු සහයොගයක් ලැබෙනවා මගේ අම්මිගෙන්... ඒ වගේම පවුලේ හැමෝමත් ගොඩක් උදව් කරනවා..

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වෙලා ඉන්නේ. 
Drama දෙක, තුනක් සදහා දායකත්වය ලබා දුන්නා.. දැනට මම නිරුපන කටයුතු පමණක් කරන නිසා ඒ පැත්තෙන් වැඩ කටයුතු කරනවා..

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පියෙක් ශිල්පිනියක් ලෙස අපහසුතාවයට ලක්වූ අවස්ථා එහෙම ඇතිනේද? 
නෑ මේ වෙනකං එහෙම වෙලා නෑ..

ෆීල්ඩ් එකේදී චෝදනා එහෙම ඇවිත් නැද්ද? 
චෝදනා නම් එමටයි... ඒවා නම් මං ගනන් ගන්නෙ නෑ.. මං මගේ පාඩුවේ මගේ ගමන යනවා...

ෆ්‍රී ටයිම්වල මොකද කරන්නේ... 
free time වල නම් ඉතිං ගොඩක් දුරට අම්මි එක්ක ගෙදරම තමයි.. ගෙදර තරම් නිදහස් තැනක් වෙන කොහෙද...

නවක නිරූපණ ශිල්පිනියන්ගෙන් මෙන්ම රංගන ශිල්පිනියන්ගෙන් චෝදනාවක් තියෙනවා ක්ෂේත්‍රයේ සමහරුන්ගෙන් අයුතු යෝජනා තියෙනවා කියලා. ඒ ගැන මොකද කියන්නේ.
එහෙම අය ඉන්නවා.. මාත් දන්නවා. But මට නම් මේ වෙනකල් එහෙම දේවල් ඇවිල්ලා නෑ. අපි දැනගන්න ඕනේ... ඒ වගේ දේවල් ආවා නම් , ඒවා යටපත් කරගෙන හරියට ගමනක් යන්න. ඒ විදිහට හැසිරෙන්නෙ නැතුව..

ආදරය ගැන මොකද හිතෙන්නේ.  
ආදරේ.... ආදරේ කියන්නේ සම්පුර්ණ බොරුවක් , රැවටිමක්. තමන්ගෙ අම්මි, තාත්ති තමන්ගේ පවුලෙන් ලැබෙන ආදරේ හැර වෙන ආදරේ නම් බොරුවක්, රැවටීමක් ...

දැනට පෙම්වතියක්ද? 
නැහැ... කලින් නම් පෙම්වතෙක් හිටියා..දැන් නෑ

පාසල් ගියේ කොහේද, ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ...  
මං පාසල් ගියේ Colombo Presbyterian Girls School එකට.. මගේ ගම මරදාන.. මට මං විතරයි.. අම්මාගේ අප්පච්චිගේ එකම දුව මං.. 

යමෙකුට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් කෙසේද සම්බන්ධ කර ගන්නේ. 
බොහෝ දුරට facebook හරහා තමයි..

සිරසගොසිප් කරන මෙම නවකයින් හඳුන්වාදීම ගැන ඔබේ අදහස කුමක්ද? 
ඇත්තටම ගොඩක් හොදයි. අපි වගේ අය ගැන ගොඩක් අය දන්නෙ නෑ.. ⁣අපේ විස්තර දැනගන්න කැමති අයත් ඉන්නවා..එයාලට වගේම අපිටත් ලොකු අවස්ථාවක්.. Thanks...

සාකච්ඡා කළේ - ගයාත්‍රි















chat with Chong Anupama chat with Chong Anupama Reviewed by Admin on 1:27 AM Rating: 5

No comments:

Powered by Blogger.