The main evidence for the age of the love?

Views
ආදරයට වයස ප්‍රශ්නයක්ද?
නව වෙනසත් සමගින් සිරසගොසිප් අප විවිධාකාරයෙන් ලිපි පළ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එවැනි එක් ලිපි විශේෂාංගයක් අද සිට අප අරඹනවා. එනම් කාලීන මාතෘකාවකට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය නියෝජනය කරන රංගන ක්ෂේත්‍රය නියෝජනය කරන ජනප්‍රිය චරිත මෙන්ම නවකයන්ගේ අදහස් විමසා ඒ ගැන පළ කිරීමයි. 
මෙහි පළමු පියවර වශයෙන් අප පළමුවෙන්ම තෝරා ගත්තේ “ආදරයට වයස ප්‍රශ්නයක්ද?” යන පැනයයි. එය මාර්තු මස 26 වනදා අපගේ ෆේස්බුක් ගිණුමෙහි සටහන් කරන ලදී. එහිදී අප එහි අදහස් පල කළ සැමටම ස්තුති වන්ත වන්නෙමු. ඉදිරියේදී ද ඔබගේ සහයෝගය අපේක්ෂා කරන්නෙමු. 
ඊට ප්‍රතිචාර දක්වමින් ඇතමුන් පසුගිය දිනවල වැඩිවශයෙන් කතාබහට ලක්වූ ප්‍රවීණයකුගේ නමක් කියා ඔහුගෙන් විමසුවා නම් හරි යැයි පවසා තිබුණා. අප ඒ සම්බන්ධයෙන් කිසිවක් කතා නොකරන්නෙමු. මන්ද එය ඔහුගේ පෞද්ගලික දෙයකි. සිරසගොසිප් අප නව වෙනසත් සමග ඛිසිම අයකුගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් ගැන කතා නොකරන්නෙමු. එසේම අප සෘණාත්මක දේවල් අපගේ වෙබ් අඩවියේ පළ නොකිරීමටද තිරණය කරනලදී. ධනාත්මක් දේ පමණක් පළ කිරීමට අප සූදානමින් සිටින බවද පැවසීමට කැමැත්තෙමු. 
අප ඇසූ පැනයට පාඨක ඔබ දැක්වූ අදහස් කිහිපයක් අප මෙලෙස පළ කරන්නෙමු. 

මේ අතර මෙම පැනය මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම රංගන ක්ෂේත්‍රයේද නිරතව සිටින තරුණ නිරූපිකාවන් කිහිප දෙනෙකුට අප යොමු කළා. එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් බලන්න. 


ජනප්‍රිය රංගන සහ නිරූපණ ශිල්පිනී ඕෂධී හිමාෂා චාවින්දි

ආදරයට වයස ප්‍රශ්නයක් නෙවෙයි. වයස විතරක් නෙවෙයි. ආගම සුදු කලු උස මිටි මේ කිසිම දෙයක් අවංක ආදරයකට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ
නිරූපණ ශිල්පිනී හිරුණි ලියනගේ
අදාරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා තමයි ගොඩක් අය කියන්නේ. නමුත් අපේ සමාජ සංස්කෘතියත් එක්ක ගෑනු ළමයෙක් තමන්ගේ වයසට වඩා බාල කෙනෙක් එක්ක යාළු වුණොත් මිනිස්සු බලන්නේ වපර ඇහෙන්. ඒ වගේම තමයි තමන්ට වඩා වයසින් ගොඩක් වැඩි කෙනෙක් බැන්දත් එහෙමයි. ඒ කිව්වේ වයස අවුරුදු 15-20ක් වගේ වැඩිමල් කෙනෙක්.
ඒත් මම නම් හිතන්නේ ආදරේ කියන දේ පවතින්නේ විශ්වාසය කියන බැම්ම මත. ඒ වගේ තමයි දෙන්නා අතරේ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දෙන්නාගෙන් එක්කෙන් දෙයක් හිතුවොත් අනික් කෙනාට ඒ දේ නොකිව්වත් දැනෙන්න ඕන. සාර්ථක බැඳීමක් කියන්නේ ඒකට.
නිරූපණ ශිල්පිනී චතුපබා දිල්හාරා
ඇත්තටම ආදරය කියන්නේ හදවත් දෙකක ඇතිවෙන හැඟීම්වල එකතුවක්. ඒකට වෙනත් දේවල් අදාළ නෑ.
රංගන සහ නිරූපණ ශිල්පිනී තරු බෝගොඩ 
සැබෑ ආදරයට වයස කියන්නේ එක්තරා අංකයක් පමණයි. එකිනෙකාගේ අදහස් හැඟීම් සහ ආදරය එකතු වුණු තැන වයස ආගම්, කුලමල සියල්ල පරාජය කරමින් ආදරේ ජයගත හැකියි. නමුත් ඒ සියලු දේ තීරණය වන්නේ විශ්වාසය සහ අවංක ආදරය මතයි. අවංක ආදරයට සියල්ල ජය ගත හැකියි. Age is just a number.
නිරූපණ ශිල්පිනී මිතු තෙන්නකෝන්
ආදරේ කියන්නේ සුන්දර බැඳීමක්. අපි පුංචි කාලේ අම්මා තාත්තාගේ ආදරේ ලබනවා. ඉන්පසු තමන්ගේ මහත්තයාගේ ආදරේ ලබනවා. පස්සේ කාලෙකදී දරුවන්ගේ ආදරේ ලබනවා. ආදරේ කියන්නේ ලස්ස හැඟීමක්. ලොකු පොඩි භේදයක් නෑ. අපි හැමෝම ආදරේ කරනවා.
නිරූපණ ශිල්පිනී සමාධි වන්දනා
ආදරය කියන්නේ අවබෝධය ,විශ්වාසය හා පරිත්‍යාගය යන්නෙහි එකතුවක් ...ආදරය කියන්නේ ආදරය ...වයස කියන්නේ ඉලක්කමක් විතරයි ..ආදරයට වයසක් නැහැ ..
නිරූපණ ශිල්පිනී නිමාෂා වැන්ඩර්ට්
මං හිතන්නෙ ආදරයට වයස ප්‍රශ්නයක් නැහැ. දෙන්නට දෙන්නා හොඳින් තෙරුම් ගන්නවනම් විශ්වාස කරනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි වයස් පරතරය ලොකු වෙනසක් තියෙනකොට වයස් ප්‍රමාණය අනුව සිතන පතන විදිය හැගිම් දැනීම් අතර ලොකු වෙනසක් තියනවා. එතකොට නොගැලපිම් මතුවෙනවා කියලයි මං හිතන්නෙ.කොහොම උනත් හොද තෙරුම ගැනිමක් තියනවානම් ප්‍රශ්නයක් නැති වෙයි. මං නම් පෞද්ගලිකව වයසින් බාල කෙනෙක් හෝ වයසින් මට වඩා ගොඩාක් වැඩිමල් කෙනෙක්ට ආදරෙ කරන්න කැමති නැහැ.
රංගන සහ නිරූපණ ශිල්පිනී නෙකිට රෙශානි

ආදරේ කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ආදරේ විවිධාකාරයි. දෙමාපියන් දරුවන්, සහෝදර සහෝදරියන අතර, යහළු යෙහෙළියන් අතර වේ. තමන් යමෙකු පෙම්වතෙක් හෝ පෙම්වතියක් තෝරා ගැනීමේදී තම වයසට ගැලපෙන කෙනෙක්ට ආදරය කිරීම සුදුසු යන්නයි මගේ අදහස වන්නේ.
නිරූපණ ශිල්පිනී ශානි ඉලන්ගගේ
ආදරය කියන්නේ ජිවිතේට වංචාවෙන් වගේම අවංකව නිරන්තරයෙන් මුණගැසෙන හැඟීම් සමුදායක වචනයක්. මේ වචනය අවංකවම මුණ ගැසෙන වෙලාවට වයස, උස, බර කියන්නේ අංකයක් විතරයි.
නමුත් සමාජ සංස්කෘතිය විවිධාකාරයි. මිනිසුන්ගේ දැක්ම ගැන, විකෘති අදහස් ගැන තැකීමක් නොකරන අයට අවංක ආදරය හමුවේ වයස බාධාවක් නොවන්නේය යන්න මගේ අදහසයි.
සෑම සතියකම ඉරිදා දිනයේදී අප මෙලෙස විවිධ වූ ආකාරයේ ප්‍රශ්නයක් සමගින් අප ඔබ හමුවීමට සූදානම්. මේ ආකාරයෙන් ඔබත් අදහස් පළ කිරීමට කැමැති නම් අපගේ ෆේස්බුක් ගිණුම සමග එක්වන්න. අප සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් අපගේ ෆේස්බුක් ගිණුමට ඇමතුමක් ලබාගන්න. 
The main evidence for the age of the love? The main evidence for the age of the love? Reviewed by Admin on 9:58 AM Rating: 5

No comments:

Powered by Blogger.