Chat with Upcoming model Gayathri Kanchanamali

Views
මොඩලින්වලට තවම ආශාවක් නෑ - ඒත් ෆොටෝ ෂූට් කරන්න කැමැතියි - රංගනයට තමයි වැඩිම කැමැති


නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම රංගන ක්ෂේත්‍රයට නවක චරිතයක් වන ගයාත්‍රි කාංචනමාලි සමග සිරසගොසිප් සිදුකළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් සකසන ලද ලිපියකි මේ. 

කියමුද බලන්න ඔයා කවුද කියලා?
මගේ නම ගයාත්‍රී කාංචනමාලී. මගේ උපන් දිනය පෙබරවාරි 28 වැනිදා. මම පදිංචි වෙලා ඉන්නේ රාගම, ඉස්කෝලේ ගියේ කඩවත විද්‍යාලෝක මහා විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ නංගි.


මේ ක්ෂේත්‍රය පිවිසීමට කුඩා කල සිට තිබූ හීනයක්ද?

පොඩි කාලේ ඉඳන්ම ආශාවක් තිබුණා. පාසල් කාලයේදී අපේ පාසලේ තිබුණේ නැහැ නාට්‍ය හා රංග කලාව... ඒත් මම ප්‍රයිවට් ඉගෙන ගත්තා. ඒත් ඒක අතරමගදී නතර කරන්න වුණා. මොකද නිරූපණ ක්ෂේත්‍රයට වඩා නිවේදනය හොඳයි කියලා බලපෑමක් ආව නිසා. ඒ නතර කලාට පස්සේ මම  නැවත නාට්‍ය හා රංග කලාව පැත්තට යොමු වෙලා දැනට මාස තුනක් විතර වෙනවා. 



මෝස්තර නිරූපණය පැත්තට යොමු වෙන්නේ හිතන්නේ නැද්ද?

තම නැහැ. තව ටිකක් ඉගෙන ගෙන ඒ පැත්තට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ.


උදව් කරපු අය කවුද කියල දැන ගන්න කැමැතියි. 
මගේ පවුලේ අය... අම්මා තාත්තා... ඒ වගේම මගේ පොඩි අයියා... රංජිත් එයාලගෙන් මට ලොකු සහයෝගයක් තියෙනවා. මුලින්ම මට වැඩ ලැබුණා. ඒත් මම ආවේ නැහැ. විෂුවල්, කොමර්ෂල් වගේ දේවල් ලැබුණත් මම ආවේ නැහැ. ඊට පස්සේ දැනට මාස තුනක විතර ඉඳන් තමයි මම නැවත ක්ෂේත්‍රයට ආවේ. මුලින්ම ඉන්දික කියලා අයියා කෙනෙක් එක්ක ෆොටෝ ෂූට් එකක් කළා. ඊට පස්සේ ගොඩක් ෆොටෝ ෂූට් ආවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේ ළඟදී ඉමේෂ් නුවන්දක අයියා එක්ක ෆොටෝ ෂූට් එකක් කළා. ඊට පස්සේ ගොඩක් රංගන අවස්ථා ලැබුණා. චිත්‍රපට, ටෙලි නාට්‍යවලට අවස්ථාව ගොඩක් ලැබුණා. ඒවට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මහේන්ද්‍ර සර්ගේ රංගන පාසලට යනවා. 

මෝස්තර නිරූපීකාවක් නොවී රංගනය පමණක් කළාම ඇති කියලා හිතනවද?
මම කොහොමත් වෘත්තීය නිරූපණ ශිල්පිනියක් වෙන්න කැමැති නැහැ. මොකද මම මොඩලින්වලට ආශාවක් නෑ. ඒත් ෆොටෝ ෂූට් කරන්න ඉස්සර ඉඳලම ආශාවක් තිබුණා. මොකද මේක කරන්නේ වෘත්තියක් විදිහට නෙවෙයි ආශාවට. මොකද මම මේක කරන්නේ රැකියාව විදිහට හිතාගෙන මුදල් බලාගෙන කරන දෙයක් නෙවෙයි. 

රැකියාවක් කරනවාද?
නැහැ.. ම රැකියාවක් කරන්නේ නැහැ. මම මුලින් සැලෝන් එකක වැඩ කළා. ඒ වගේම සැලෝන් වැඩ ගැන ඉගෙන ගත්තා.  ඒත් දැනට ඒක ටිකක් නතර කරලා තියෙන්නේ. මොකද මට තව ටිකක් ඉගෙන ගන්න ඕනි. ඊට අමතරව ඩ්‍රාමා ගැනත් ඉගෙන ගන්නවා. 

එල්ලවන බාධා ගැන සඳහන් කළොත්?
මෙහෙමයි ගෙදරින් නම් කිසිම බාධාවක් නැහැ. ඒත් ඉතින් ක්ෂේත්‍රය ඉන්න ඇතැම් අයගෙන් නම් බාධා එල්ලවනවා. ඒත් ඉතින් ඒ එල්ලවන බාධා ජයගෙන මං ඉදිරියට යනවා. 

රංගන ක්ෂේත්‍රයේ ආපු දුර ගැන මොකද හිතෙන්නේ... දායකත්වය සැපයූ දේවල් ගැන කිව්වොත්...
ඇත්තටම ආපු දුර ගැන සතුටුයි. මේ වගේ කෙටි කාලයක් තුළ අලුතෙන් ආපු කෙනෙක් වශයෙන් ලැබුණු අවස්ථා ගැන සතුටුයි. ඒ වගේම මම ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙනවා. විශේෂයෙන්ම සිනේආර්ට් එකේ වැඩ කරලා තියෙනවා. ඒ වගේම තවත් ටෙලි නාට්‍ය තුනකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඒත් ප්‍රධාන චරිත නිරූපණය කරන්න තාම අවස්ථාවක් ලැබුනේ නෑ. ඉමේෂ් නුවන්දක අයියාගේ ෆොටෝ ෂූට් එකෙන් පස්සේ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවා එළැඹෙන  මාසයේදී පටිගත කිරීමට නියමිතයි. ඒවායි නම් ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. 

ෆොටෝ ෂූට් දෙක තුනක් කළ පමණින් මෝස්තර නිරූපිකාවක් වෙන්න පුළුවන්ද? 
ඇත්තටම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න තරම් මම ක්ෂේත්‍රයේ ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් නෙවෙයි කියලා මට හිතෙන්නේ. ඒත් ඉතින් ඒක මොඩලින් කරන අයට ගැලපෙන්නේ නෑ. තමන් දැන ගන්න ඕන තමන්ගේ තැන... මම ආවේ කොහොමද, මම කොයි පැත්තටද යන්නේ... කියන දේ දැන ගත යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම අධ්‍යයනක් කළ යුතුයි. ඉගෙනීමක් හැදෑරිමක් තිබිය යුතුයි ක්ෂේත්‍රය ගැන.  අනික ඉතින් ඒක ඒ ගොල්ලන්ගේ හිතින් හදාගන්න දේවල් තමයි. 

නැගෙන චෝදනාවක් තමයි අඩනිරුවතින් ජනප්‍රිය වෙන්න යනවා කියන එක... ඒ වගේ චෝදනා ලැබිලා තියෙනවාද?
ම්ම්ම්... මට තවම එහෙම චෝදනාවක් නම් ඇවිත් නෑ.

එවැනි අඩනිරුවත් දර්ශනයකට හෝ ෆොටෝ ෂූට් එකකට කතා කළොත් ඔබ මොන වගේ තීරණයක්ද ගන්නේ.
අනිවාර්යයෙන්ම තෝරා ගැනීමක් කරනවා. දැනට නම් එහෙම දෙයක් කරලා නැහැ. අනිවාර්යයෙන්ම ඇඳුම ගැන නම් සැලකිලිමත් වෙනවා. ඒ සම්බන්ධයෙන්  හිතලා බලලා තමයි තීරණය කරන්නේ එවැනි කටයුත්තකට යොමු වනවාද කියන එක. 

රංගනයට යාමේදී අයුතු යෝජනා එහෙම ඇවිත් නැද්ද? 
අම්මෝ... ඒ වගේ ඒවා නම් ඕනි තරම් ඇවිත් තියෙනවා. ඒවට කැමැති වෙනවා නම් ඉතින් ප්‍රධාන චරිත පවා හම්බ වෙනවා. 

රංගනයේදී ලැබෙන සහයෝගය කොහොමද? 
ඇත්තටම රංගන තලයට ගියාම එතැන සිටින හැමෝම උදව් කරනවා. එක් අයෙකුගේ කියලා නම් කියන්න බෑ. හැමෝම උදව් කරනවා. 

මුලින්ම රඟපෑවේ මොකේද? 
මුලින්ම සිනේආර්ට් එකේ ටෙලි නාට්‍යයක තමයි රංගනයෙන් දායක වුණේ.  මේ වන විට ටෙලි නාට්‍ය තුනකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. 

සමාජ ජාල වෙබ් අඩවි හරහා කෙරෙන සමාජ සත්කාර ගැන අදහස කොහොමද?
වැඩිපුරම ඉන්නේ තමන්ගේ වාසියට වැඩ කරන අය කියලා තමයි මට හිතෙන්නේ. අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න ගිහින් තමන් හැදෙන්න හදන්නේ. ඒ වගේ අය දැන් වැඩිවෙලා කියලා මට හිතෙනවා. ඒ වගේ අය මට හමුවෙලා තියෙනවා. ඒත් ඉතින් මං නම් අහුවෙලා නැහැ. 

සිරසගොසිප් වෙබ් අඩවියේ අලුත් වෙනස ගැන මොකද හිතෙන්නේ. 
ඇත්තටම අපි වගේ අලුත් අයට ගොඩක් වටිනවා. ලොකු චාන්ස් එකක්. මොකද මේ වගේ චාන්ස් හමුවෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. මොකද මීට කලින් මම වෙනත් අයත් සමගත් වැඩ කරලා තියෙනවා. ඒක නිසා වෙනස තේරෙනවා. ලොක් අවස්ථාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. 





Chat with Upcoming model Gayathri Kanchanamali Chat with Upcoming model Gayathri Kanchanamali Reviewed by Admin on 11:42 PM Rating: 5

No comments:

Powered by Blogger.