Best cat walk title winner in Ceylon Majestic Pageant

Views
Ceylon Majestic Pageant එකේ හොඳම Cat Walk දැමූ අනූ
තරගකාරියන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ සිලෝන් මැජෙස්ටික් පැජන්ට් තරගාවලියෙන් සියලුම තරගකාරියන් අතරින් හොඳම Cat Walk කිරුළ පැළඳු නිරූපණ ශිල්පිනී අනූ නිකී සමග කළ සාකච්ඡාවයි මේ. 

අනු, කොහොමද මේ දවස්වල?
හොඳින් ඉන්නවා.

ළඟදි ලොකු ජයක් ලැබුවා කියලා ආරංචියි... මොකක්ද ඇත්තටම ඒ ජයග්‍රහණය.
ඔව්... මං Ceylon majestic pagent 2017 ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට සම්බන්ධ වුණා. අවසන් මහා තරගය තිබුණේ මාර්තු 17. ඒකෙදි මට Best Cat Walk title එක හම්බවුණා. ඒ ගැන ගොඩක් සතුටියි. විශ්ව අයියාට, අර්ජුන අයියට සහ නිලූ අක්කට විශේෂයෙන්ම ස්තුති කරනවා.

මෝස්තර නිරූපණ කටයුතුවලට දායකත්වය කොහොමද?
හොඳින් කරගෙන යනවා. මෙහෙමයි... මම පූර්ණ වශයෙන්ම මෝස්තර නිරූපණයට යොමු වෙලා ඉන්නේ. ඉතින් මම මෙස්තර නිරූපණයට ලොකු කාලයක් ගත කරනවා. 

කොහොමද රංගන කටයුතු?
වේලාව තියෙන විදිහට කරනවා. මම කලිනුත් කිව්වා මම ෆුල් ටයිම් මොඩලින් කරන්නේ කියලා. ඉතින් රංගනයට යොමු වීමට කාලය තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ වුණත් ගීත රූප රචනාවලට, TV කොමර්ෂල්වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ලැබෙන හොඳ අවස්ථාවන්ට රංගනයෙන් දායක වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

මේ සියල්ලටම ලැබෙන සපෝට් එක කොහොමද?
මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. 

කොටට අදිනවා කියලා චෝදනා ඇවිත් නැද්ද?
මෙහෙමයි... අද චෝදනා නොකරන්නේ මොකටද? කොටට අදිනවා කියලා චෝදනා කරන අය බොහෝමයි. නමුත් ඒ චෝදනා කරන අය එම චෝදනාව කරන්නේ මෝස්තර නිරූපණය ගැන නිසි අවබෝධයකින් තොරව. නිකන් රැල්ලට චෝදනා කරනවා වගේ. 
ඉතින් මම දකින විදිහට නම් කොටට අදින එක වරදක් නෙවෙයිනේ. ඒක නිසා මම නම් ගැලපෙන විදිහට ෆැෂන් කරනවා. 

නිරූපිකාවක් කොටට ඇදිය යුතුයි කියලා නීතියක් තියෙනවාද?
එහෙම නීතියක් නෑ... තමන්ගේ රූපයට එකට ගැලපෙනව නම් ඇන්දට වරදක් නෑ. ඒ කිව්වේ අපි අපේ සිරුර මනා ලෙස පාලනය කරගෙන ජිම් ගිහින් ජොගින් ගිහින් ඇඟ හදාගත්තට පස්සේ කොටට අදින එකේ වරදක් මම නම් දකින්නේ නැහැ. මොකද එහෙම ඇන්දම ගොඩක් ලස්සනයි. එහෙම නැතිව ෆිගර් එක කිසිම ආකාරයකින් මේන්ටේන් කරන්නේ නැති කෙනෙක් කොටට ඇන්දොත් නම් ඉතින් වෙන දේ කියන්න ඕනි නැහැනේ. 

සමහරු කියනවා ඇඟ පේන්න කොටට අදින්නේ ජනප්‍රිය වෙන්න කියලා... ඔයත් එහෙමද?
දක්ෂතාවයක් නැතිව කොටට ඇන්ද කියලා ජනප්‍රිය වෙන්න බෑ. 




















Best cat walk title winner in Ceylon Majestic Pageant Best cat walk title winner in Ceylon Majestic Pageant Reviewed by Admin on 12:47 PM Rating: 5

No comments:

Powered by Blogger.