Gossip chat with shani drmz tutu

Views
හෙමින් ගිහින් හරි ගමනක් යාම එකම බලාපොරොත්තුව




රැකියාවක නිරත වන අතරතුරම සිය මිතුරන්ගේ මාර්ගයෙන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිස මේ වන විට මියුසික් වීඩියෝ කිහිපයකටම රංගනයෙන් දායක වී සිටින ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින නවක නිරූපණ ශිල්පිනී ශානි සමග සිරසගොසිප් සිදු කළ සාකච්ඡාවයි මේ. 

කොහොමද ජීවිතේ?
සාමාන්‍ය විදිහට දුක සතුට දෙකම ඇතිව ජීවත් වෙනවා

මොනවද අලුත් විස්තර?
මේ දවස් වල මගේ රැකියා කටයුතු සමග නිරූපන ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යනවා, නව ටෙලි නාට්‍යයක් සදහාද ආරාධනා ලැබී තිබෙනවා.

මුලින්ම රංගන ක්ෂේත්‍රයටද ආවේ නැත්නම් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයටද ආවේ.
 මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට

ෆීල්ඩ් එකට යොමු වන්නේ කෙසේද? 
මගේ යාලුවෝ නිසා

ඒ ගැන මතකය අවදිකළොත්?
යාලුවෝ තමයි මට මුලින්ම මේ ක්ෂේත්‍රයේ වැඩ හොයලා දුන්නේ.

ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද?
මගෙ අම්මා, තාත්තා සහ මගෙ සහෝදර, සහෝදරියෝ ගොඩක් මට උදව් කරනවා.

මේ වන විට මොනවටද රංගනයෙන් දායක වෙලා ඉන්නේ. 
රුක්මන් අසිත අයියා, මංජුලා දිලරුක්ෂි අක්කා, දුලක්ෂන අයියා සහ අයෝමි පෙරේරා අක්කා යන අයගේ Music Video සදහා සහභාගි වෙලා තියනවා, Tvc සඳහා සහභාගි වෙලා තියනවා.

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවද? 
යන ගමන හෙමින් හෝ හරි විදිහට යන්න සහ මගේ රැකියාවෙන් ඉහල ස්ථානයකට යාම.

ෆ්‍රී ටයිම්වල මොකද කරන්නේ.
 සිංදු අහනවා, ටීවි බලන්වා ගොඩක් වෙලාවට fb තමයි.

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
ආදරය සුන්දරයි

දැනට පෙම්වතියක්ද? 
නැහැ

පාසල් ගියේ කොහේද, ගම් පලාත සහ පවුලේ අය ගැන විස්තරයක් කියමුකෝ... 
මගෙ පාසල දරණාගම මහා විදුහල. මම ඉන්නේ කඩවත. මගේ පුංචි පවුලේ ඉන්නේ අම්මා, තාත්තා , මම

සිරසගොසිප් කරන මෙම නවකයින් හඳුන්වාදීම ගැන ඔබේ අදහස කුමක්ද? 
සිරසගොසිප් මෙ කරන වැඩේ ගොඩක් හොදයි, නවකයින්ට හොද අත්වැලක් කියලා මම හිතනවා.

සාකච්ඡා කළේ - ගයාත්‍රි

ශානිගේ තවත් ඡායාරූප රැසක් පහතින් නරඹන්න.





Gossip chat with shani drmz tutu Gossip chat with shani drmz tutu Reviewed by Admin on 3:11 AM Rating: 5

No comments:

Powered by Blogger.