Nombare Official Trailer By Chris Live

Views
නොම්බරේට නොම්මර එකේ වැඩක්

මේ දිනවල ගීත රූපරචනාවන් ගත් විට විවිධ වූ ආකාරයෙන් ඉදිරිපත් වෙනවා. ඉරාජ් වීරරත්නගේ ගීත රූපරචනාවලට ඇතැමුන් දොස් නගද්දි එය වැළඳගත් පිරිසක් ද සිටිති. කලාව යනු එයයි. එසේම ඉන්පසුව ඉරාජ්ගේම ආශාවරී ගීතය ඉමහත් ජනප්‍රියත්වයකට පත් වූවා. 
එහෙත් අප අද කියන්න යන්නේ එම එකක්වත් ගැන නොවේ. 

නවපරපුරේ ගායන ශිල්පී ක්‍රිෂ් ලයිව්ගේ අලුත්ම ගීතය සම්බන්ධයෙන්.
ක්‍රිෂ් මෙම ගීතය නම්කර තිබෙන්නේ "නොම්බරේ" යනුවෙනි.

තවත් නොබෝ දිනකින් මෙම ගීතය එළිදැක්වීමට සියලු කටයුතු මේ වන විට ඔහු සිදු කරමින් පවතින බවයි ක්‍රිෂ් අප සමග කියා සිටියේ. 
ඔහුගේ අලුත් ගීතය වන නොම්බරේ ගීතයද පෙර අප සඳහන් කළ ආකාරයෙන් සිත්ඇදබැද ගන්නා ආකාරයේ රූප රාමු රැසකින් සමන්විත වනවා. ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගි වන මෙම ගීත රූප රචනයේ ප්‍රධාන චරිතය සිදු ටෙලි නාට්‍යෙය් දිලුම්ගේ චරිතය නිරූපණය කරන යාෂ් මිහිරාන් විසින්ද ජනප්‍රිය මෝස්තර නිරූපිකාවන් වන කේෂි ප්‍රනාන්දු, මල්ෂා ජයවර්ධන සහ අනූ නිකී ද මෙහි රංගනයෙන් දායක වනවා. 
මේ අතර දෙරණ රූපවාහිනිය මගින් 2016 වසරේ පවත්වනු ලැබූ අවුරුදු කුමරා තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කළ විරාජ් ලක්ෂාන්ද මෙහි රංගනයෙන් දායකත්වය සපයා ඇති බවයි ක්‍රිෂ් අප සමග කියා සිටියේ. 
ක්‍රිෂ්ගේ නවතම ගීතයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව මේ වන විට නිකුත් කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.



මෙම ගීතයේ සම්පූර්ණ වීඩියෝව නිකුත් වූ සැණින් ඔබ වෙත ගෙන ඒමට සිරසගොසිප් බලාපොරොත්තුවෙන් සිටිනවා. 
Nombare Official Trailer By Chris Live Nombare Official Trailer By Chris Live Reviewed by Admin on 1:29 AM Rating: 5

No comments:

Powered by Blogger.